Category Politics

ජනපති 11 වැනිදා ජර්මනියේ නිල සංචාරයක

ජනාධිපති අනුර කුමාර දිසානායක ලබන 11 වැනිදා සිට 13 වැනිදා දක්වා ජර්මනියේ සංචාරයක නිතර වීමට නියමිතව තිබෙනවා. ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක් වෝල්ටර් ස්ටයින්මියර්ගේ ආරාධනාවකට අනුව සිදු කෙරෙන මෙම සංචාරයේදී ජර්මානු ජනාධිපතිවරයා, ෆෙඩරල් රජයේ ප්‍රධාන අමාත්‍යවරුන් සහ අනෙකුත් සම්භාවනීය අමුත්තන් සමග ද්වි-පාර්ශ්වික…

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණියගේ වැඩ තහනම් කිරීමේ තීරණයක්

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණියගේ වැඩ තහනම් කිරීමට අද (09) රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. ඒ, මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අනුරාධපුර මහාධිකරණය මඟින් වරදකරු කර සිර දඬුවම් නියම කර සිටි විත්තිකරුවෙකු වූ පුද්ගලයෙකු ජනාධිපති පොදු සමාව යටතේ මුදා හැරීමේ සිදුවීමට…

සිර දඬුවමට එරෙහිව මහින්දානන්දගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්

වසර 20 ක සිර දඬුවම් ලබා සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ එම දඬුවමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව 2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ කැරම්බෝඩ් 14,000 සහ දාම් ලෑලි 11,000 ක් නීතියට පටහැනි ලෙස මිලදීගෙන ක්‍රීඩා සංගම් අතර…

ගම්මන්පිල CIDයට පැමිණෙයි

පිවිතුරු හෙළ උරුමය නායක උදය ගම්මන්පිල අද (09) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා. නිසි පරීක්ෂාවකින් තොරව රේගුවෙන් නිදහස් කරන ලද බහාලුම් (කන්ටේනර්) සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණය සඳහා ප්‍රකාශයක් ලබා ගැනීමට ඔහු මෙලෙස පැමිණ ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ. 

JICA නව ප්‍රධාන නියෝ­ජිත අග­මැ­ති­නිය හමු­වෙයි

දෙරට අතර දිගු­කා­ලීන සංව­ර්ධන හවු­ල්කා­රි­ත්වය තව­දු­ර­ටත් ශක්ති­මත් කිරීමේ අර­මු­ණින්, අග­මැති ආචාර්ය හරිනි අම­ර­සූ­රිය මෙණෙ­විය සහ ජපාන ජාත්‍ය­න්තර සහ­යෝ­ගිතා ඒජ­න්සියේ (JICA) නව ප්‍රධාන නියෝ­ජිත කෙන්ජි කුරෝ­නුමා මහතා අතර හමු­වක් පසු­ගිය 05 වැනිදා පාර්ලි­මේ­න්තුවේ දී පැවැ­ත්විණි. මෙම හමුවේ දී, විශේ­ෂ­යෙන් ශ්‍රී ලංකාවේ…

COSP18 සැසියට ඇමති උපාලි පන්නිල දිවයිනෙන් යයි

එක්සත් ජාතීන්ගෙ සංවිධානයේ ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතීන් වෙනුවෙන් වන සම්මුතියේ පාර්ශව රාජ්‍යන්ගේ 18 වන සැසිය (COSP18) නියෝජනය කිරීම සඳහා මෙවර සැසියේ සභාපති ලෙස අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා දිවයිනෙන් පිටත්ව යයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයයේ ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතීන් වෙනුවෙන් වන…

අවාර සමයේදී සංචාරකයන් ආකර්ෂණය කරගැනීම පිළිබඳව ජනපති මූලිකත්වයෙන් සාකච්ඡා

අවාර සමයේදී සංචාරකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක සහ සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රධාන පාර්ශ්වකරුවන් අතර ඊයේ (06) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. අවාර සමය තුළ ශ්‍රී ලංකාව සංචාරක ආකර්ෂණීය ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීම, ඩිජිටල්…

ජනපති සමාව දුන් ලැයිස්තුවේ අනුරාධපුර බන්ධනාගාරයේ මුදල් වංචාවකට අදාළව සිරගත වූ පුද්ගලයාගේ නම නැහැ – PMD

2025 වෙසක් උත්සවය නිමිත්තෙන් ජනාධිපති සමාව යටතේ අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි ඩබ්.එච්. අතුල තිලකරත්න නැමති අයෙක් නිදහස් කර ඇති බවටත්, එම සිදුවීම පිටුපස බරපතළ අක්‍රමිකතාවක් ඇති බවටත් පළ වෙමින් තිබෙන පුවත් පිළිබඳ ජනාධිපති කාර්යාලයේ අවධානය යොමුව ඇති බව ජනාධිපති මාධ්‍ය…

වරාය පිවිසුම් අධිවේගී මාර්ගය 2026 මාර්තු මාසයේදී විවෘත කරනවා – ප්‍රසන්න ගුණසේන

වරාය පිවිසුම් අධිවේගී මාර්ගයේ වැඩකටයුතු 2026 වසරේ මාර්තු මාසය වන විට සම්පූර්ණයෙන්ම අවසන් කර ජනතාවට විවෘත කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පවසනවා. ඊයේ (06) එම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කිරීමට ගිය අවස්ථාවේදී නියෝජ්‍ය…

ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘතිවලට ප්‍රමුඛත්වය දෙන්න – ජනපතිගෙන් උපදෙස්

මෙවර අයවැය මගින් වෙන් කළ මූල්‍ය ප්‍රතිපාදන යටතේ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය කිරීමේ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (06) පැවැත්විණි. මෙවර අයවැයෙන් වෙන් කළ…