Category Politics

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාට ඇප

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මිලියනයක ශරීර ඇප දෙකක් මත මුදා කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අද (29) නියෝග කළා. රාජකාරියේ නියුතු පොලිස් නිලධාරියෙකුට බලහත්කාරකම්පෑම හා මෝටර්රථ ආඥා පනතේ නීති උල්ලංගනය කිරීම සම්බන්ධයෙන් කොටුව පොලිසිය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අධීකරණයට…

ලලිත් – කූගන් අතුරුදන්වීමේ සිද්ධියට ප්‍රකාශයක් ලබාදීමට සහෝදරියන් දෙදෙනෙකු CIDයට පැමිණෙයි

අතුරුදන් වූ කූගන් මුර්ගානන්දගේ සහෝදරියන් දෙදෙනෙකු ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (29) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා. ඒ අනුව, 2011 වසරේ දෙසැම්බර් 09 වැනිදා ලලිත් කුමාර වීරරාජ් සහ කූගන් මුර්ගානන්ද යන අය අතුරුදන්වීමේ සිද්ධිය පිළිබඳව, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරන…

අධිචෝදනා බලරහිත කිරීමේ නියෝගයක් ඉල්ලා පාඨලී විසින් ගොනු කළ පෙත්සම නොවැම්බර් 24 විභාගයට

අධිචෝදනා බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක විසින් ගොනු කර ඇති රිට් පෙත්සම නොවැම්බර් 24 වැනිදා විභාගය සඳහා කැඳවන ලෙස අභියාචනාධිකරණය විසින් නියෝග කර තිබෙනවා. හිටපු අමාත්‍ය පාඨලී චම්පික වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අමරසිරි…

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනා අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා කොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගියදා කොළඹ පැවැති සත්‍යග්‍රහයක් අතරතුර එහි පැමිණී මන්ත්‍රීවරයා කොටුව පොලීසියේ පොලිස් නිලධාරියෙකුට බැණ වැදීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඔහු අද (29) පොලීසිය වෙත කැඳවා තිබුණා. පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා…

මාලිමාවට එරෙහිව ගම්මන්පිලගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

ජාතික ජන බලවේගයට එරෙහිව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල අද (29) පෙරවරුවේ අල්ලස් කොමිසම වෙත පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා. ඒ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් විසින් ලබා ගන්නා ලද මාසික වැටුප පක්ෂ අරමුදලට යොමු කිරීමෙන් දේශපාලන කටයුතු සිදු කිරීම සම්බන්ධවය. අල්ලස් කොමිසම…

ජනපති අද ජපාන අගමැති හමුවෙයි

ජපාන රජයේ ආරාධනයකට අනුව ජපානයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (29) ජපාන අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ජපාන අග්‍රාමාත්‍ය ෂිගෙරු ඉෂිබා මහතා හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතය. මෙහිදී දෙරටේ ආර්ථිකය, ආයෝජන, සංවර්ධන සහයෝගිතාව සහ ආරක්ෂාව ඇතුළු ක්ෂේත්‍ර පිළිබඳ අවධානය යොමු…

මනම්පේරිගේ පාපොච්චාරණයෙන් තවත් තොරතුරු එළියට

බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය භාරයේ රඳවා සිටින සම්පත් මනම්පේරිගෙන් විමර්ශන නිලධාරීන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර ඇති අතර එහිදී අයිස් අමුද්‍රව්‍ය ඇතුළු කරුණු සම්බන්ධයෙන් කරුණු රැසක් අනාවරණ වී තිබේ. සම්පත් මනම්පේරි විමර්ශන නිලධාරීන් හමුවේ පවසා ඇත්තේ, අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරන බවට…

“මෙවර අයවැයෙන් බදු පැනවීමක් නැහැ”: ජනපති ජපානයේ දී කියයි

ඒ අනුව, එළැඹෙන අයවැය ලේඛනයෙන් අලුතින් කිසිදු බද්දක් හඳුන්වා දීමට අපේක්ෂා නොකරන බවත්, පනවා ඇති ඇතැම් බදු ප්‍රතිශත අඩු කිරීමටද ඉදිරියේදී අවධානය යොමු කරන බවත් සඳහන් කළා. ජපානයේ නිල සංචාරයක නිරතව සිටින ජනාධිපතිවරයා එහි වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව අමතමින් මේ…

ආයතන 457 ක නියෝජිතයින් කෝප් කමිටුව හමුවට කැඳවයි

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවට අයත් වන සියලු ආයතනවල නියෝජිතයන් හමුවට කැඳවීමක් සිදුකර තිබෙනවා. ලබන ඔක්තෝබර් මස 2 වැනි දින මෙම කැඳවීම සිදුකර ඇති බව කෝප් කමිටුවේ සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර සඳහන් කළා. කෝප් කමිටුවේ කාර්යභාරය සහ…

හිටපු මන්ත්‍රී අමල් සිල්වා අත්අඩංගුවට

නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කර, කූඨ ලේඛන යටතේ ව්‍යාජ ලෙස ලියාපදිංචි කරන ලද බවට සැක කෙරෙන රුපියල් කෝටි 06 කට අධික වටිනාකමකින් යුත් ජීප් රථ 03 ක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයෙකු වන අමල් සිල්වා…