Category Politics

‘ඇතැම් මැති ඇමතිවරු පාතාලයෙන් මාස්පතා සල්ලි අරන්‘ – ජනපතිගෙන් අනාවරණයක්

නීතියේ බිඳවැටීම තුළ පැවැති දේශපාලන සංස්කෘතියේ පිරිහීම විසින් සන්නද්ධ සංවිධානාත්මක අපරාධ කල්ලිවලට අප රට විශාල ගොදුරක් බවට පත් කර තිබුණු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සදහන් කරයි. මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා කොටසේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට…

ගම්මන්පිල අත්අඩංගුවට ගැනීම වැළැක්වීමට ඉදිරිපත් කළ පෙත්සම සැප්තැම්බර් 24 කැඳවීමට නියෝග

තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල  විසින් ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීම සඳහා ලබන 24 වැනිදා කැදවන ලෙස අභියාචනාධිකරණය විසින් නියෝග කර තිබෙනවා. ඒ අනුව, අදාළ නඩුව අද (17) කැඳවූ අවස්ථාවේදී, පෙත්සම්කාර උදය…

වසන්ත, වටගල, බිමල්, හඳුන්නෙත්තිගේ වත්කම් ගැන පරීක්ෂණයක් ඉල්ලා අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ වත්කම් සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලා අල්ලස, දූෂණය, නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති ජාමුණි කමන්ත තුෂාර විසින් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව, වසන්ත සමරසිංහ, සුනිල් වටගල, බිමල් රත්නායක, කුමාර ජයකොඩි, සුනිල් හඳුන්නෙත්ති…

මඩකලපුවට නව දිසාපතිවරයෙක්

මඩකලපුව පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් ලෙස සේවය කරනු ලබන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනී, ජේ.ජේ.මුරලිදරන් මහත්මිය 2025-09-26 දින සිට රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගැනීමට නියමිතව තිබේ. ඒ අනුව, පුරප්පාඩු වන මඩකලපුව පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් තනතුර සඳහා දැනට නැගෙනහිර…

ප්‍රතිදේහ එන්නත් සිද්ධියට කෙහෙළියට අධිචෝදනා භාරදෙයි

පසුගිය රජය සමයේ ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිල දී ගැනීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් පිරිසකට අද (16) කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ අධිචෝදනා භාර දී…

සුනිල් වටගලගෙන් CIDයට පැමිණිල්ලක්

තමා සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කරන ද්වේශ සහගත සහ අසත්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පවසනවා. ඒ අනුව, අදාළ ප්‍රකාශය නිර්මාණය කළ සහ සමාජ මාධ්‍ය හරහා…

අමාත්‍යාංශ ලේකම්වරු දෙදෙනෙක් සහ සභාපතිවරුන් දෙදෙනෙක් පත් කිරීමට අනුමැතිය

අමාත්‍යාංශ ලේකම්වරු දෙදෙනෙක් සහ සභාපතිවරුන් දෙදෙනෙක් පත් කිරීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිවී තිබෙනවා. ඒ අනුව, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස අරුණි රණරාජාගේ නම හා නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයේ ලේකම් ලෙස…

දිල්ලි විශ්වවිද්‍යාලය අගමැති හරිනිට ගෞරව ආචාර්ය උපාධියක් පිරිනමන්න සූදානම් වෙයි

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඔක්තෝබර් මැද භාගයේ ඉන්දියාවේ සිදු කිරීමට නියමිත සංචාරයේදී ඇයට ගෞරව ආචාර්ය උපාධියක් පිරිනැමීමට දිල්ලි විශ්වවිද්‍යාලය (DU) සූදානම් වන බව නිල ලේඛන සමාලෝචනය කරමින් ද ඉන්දියන් එක්ස්ප්‍රස් වාර්තා කර තිබේ. ඇය හින්දු විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවකි.…

සම්පත් මනම්පේරි අධිකරණයට භාරවීමට සූදානම් බව ඔහුගේ නීතිඥවරයා අභියාචනාධිකරණයට දැනුම් දෙයි

පසුගියදා මිද්දෙණිය ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට යොදාගන්නා බවට සැක කෙරෙන රසායනික ද්‍රව්‍ය කන්ටේනර් දෙකක් සඟවා තිබියදී සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටින සම්පත් මනම්පේරි නැමැත්තා අදාල මහේස්ත්‍රාත් අධිකරණයට භාර වීමට සූදානම් බව ඔහුගේ නීතිඥවරයා අද අභියාචනාධිකරණයට දැනුම් දී…

අයථා වත්කම් උපයා ගැනීම ගැන කෙහෙළියගේ පවුලට එරෙහි නඩුව ඔක්තෝබර් 01 කැඳවීමට නියෝග

අයථා ලෙස වත්කම් උපයා ගැනීමේ චෝදනා සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තිදෙනා සහ බෑනාට එරෙහිව පවරා ඇති නඩුව ඔක්තෝබර් 01 යළි කැඳවීමට කොළඹ මහාධිකරණය විසින් නියෝග කර තිබෙනවා. අදාළ නඩුව අද (15) කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න…