Category Politics

ශ්‍රී ලංකාවේ අභිවෘද්ධියට තාක්ෂණික සහ මූල්‍ය සහාය එජාතීන්ගේ මෙරට නේවාසික සම්බන්ධීකාරක කියයි

ශ්‍රී ලංකාවේ අභිවෘද්ධිය වෙනුවෙන් තාක්ෂණික සහ මූල්‍ය සහාය ඉදිරියටත් නොඅඩුව ලබා දෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික සම්බන්ධීකාරක Marc-André Franche මහතා පැවසීය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික සම්බන්ධීකාරක (UN Resident Coordinator – RCO) Marc-André Franche මහතා ඇතුළු නියෝජිත පිරිසක්…

ගම්පොළ පදික වෙළෙඳුන්ගේ ගැටලුව: වෙළෙඳාමට තාවකාලිකව අවසර-කෘෂිකර්ම ඇමැති කේ.ඩී. ලාල් කාන්ත

නගර අලංකරණය හා පදික ගමන් තීරුවේ අයිතිය තහවුරු කිරීම ස්ථිරවම සිදු කිරීමට තීන්දු තීරණ ගෙන ඇති බවත් එතෙක් යම් කාලයකට පදික වෙළෙඳාමට අවසර දෙන බවත් කෘෂිකර්ම හා ඉඩම් ඇමැති කේ.ඩී.ලාල් කාන්ත මහතා පැවසීය. මහනුවර පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමෙන් පසු…

ඉන්දීය සාගරය සාම කලාපයක් ලෙස පවත්වාගෙන යෑමට ශ්‍රී ලංකාව කැපවෙනවා-ඇමැති විජිත හේරත්

සාමකාමී ඉන්දීය සාගර කලාපයක් පවත්වාගෙන යමින් සියලු රටවල් ස මඟ ද්විපාර්ශ්වික සබඳතා වැඩිදියුණු කර ගැනීමට ශ්‍රී ලංකාව කැපවන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමැති විජිත හේරත් මහතා ප්‍රකාශ කරයි. දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ එක්සත් ජනපද සහකාර…

ජනපති අනුර ඉන්දියාවේ නවදිල්ලි නුවරට ළඟා වෙයි – උණුසුම් පිළිගැනීමක්

ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු දූත පිරිස ඉන්දියාවේ නවදිල්ලි නුවරට ළඟා වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි ජනපති ඇතුළු පිරිසට ඉන්දීය රජයෙන් උණුසුම් පිළිගැනීමක් හිමි වූ බව ද සඳහන් වෙයි

වැඩබලන අමාත්‍යවරු 05 දෙනෙක් පත් කෙරේ

නිල සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දිවයිනෙන් පිටත්ව යාම හේතුවෙන් අමාත්‍යාංශ 05ක් සඳහා වැඩබලන අමාත්‍යවරු පත් කර තිබේ. ජනාධිපතිවරයා යටතේ පවතින ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය සහ මුදල් හා ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යන අමාත්‍යාංශය 03…

ඉන්දීය මහකොමසාරිස් සහ අගමැතිනිය අතර හමුවක්

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් Santosh Jha මහතා සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණ. මෙම හමුව අසල්වැසි රටවල් දෙක අතර දිගුකාලීන මිත්‍රත්වය සහ උපායමාර්ගික හවුල්කාරිත්වය තහවුරු කරන්නක් විය. දැනට සංවර්ධනයේ විවිධ අදියරවල පවතින ද්විපාර්ශ්වික…

කථානායක ඉල්ලා අස්වෙයි

කථානායක අශෝක රන්වල  මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් කථානායක අශෝක රන්වල මහතා මේ බව සඳහන් කර ඇත. ඔහු පවසන්නේ  පසුගිය දින කිහිපය තුළ තමාගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව ගැටලුවක් සමාජය තුළ මතු කරනු ලැබ ඇති…

රනිල්-දිනේෂ් සහ ටිරාන්ගෙන් ප්‍රශ්න කරන්න යයි

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිල දී ගැනීම සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයට අදාළව පසුගිය ආණ්ඩුවේ සිටි කැබිනට් අමාත්‍යවරු 14 දෙනකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. ඒ අනුව ප්‍රකාශ සටහන් කර ගැනීමට ඉතිරිව සිටින්නේ තවත් සිවුදෙනකුගෙන් පමණක් බව…

ව්‍යවස්ථාදායක සභාවේ තීරණයට එරෙහි පෙත්සම නිෂ්ප්‍රභයි

අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු ලෙස පත්කිරීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ නිර්දේශය ප්‍රතික්ෂේප කිරීමට ව්‍යවස්ථාදායක සභාවේ බහුතර සාමාජිකයන් ගත් තීරණයට එරෙහිව ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් රුපියල් ලක්ෂ 20ක නඩු ගාස්තුවකට යටත්ව නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය…

සජබ ජාතික ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර නම් කෙරේ

සමගි ජන බලවේගයේ පුරප්පාඩු වී තිබූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 04 නම් කර තිබේ. මේ අනුව මනෝ ගනේෂන්, නිසාම් කාරියප්පර්, සුජීව සේනසිංහ, මොහොමඩ් ඉස්මයිල් යන අය ඊට ඇතුළත්  කර තිබෙයි.