Category Politics

ඊ-වීසා වංචාව ගැන විධිමත් අධ්‍යයනයක් කරන්න-චම්පිකගෙන් ආණ්ඩුවට අභියෝගයක්

ඊ- වීසා වංචාව පිළිබඳ විධිමත් අධ්‍යයනයක් කර වහාම විමර්ශනයක් කරන්නැයි තමන් ආණ්ඩුවට අභියෝග කරන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු ඇමැති පාඨලී චම්පික රණවක මහතා පැවැසීය. යාපනයේ සංචාරයක නිරත වෙමින් මාධ්‍ය වෙත අදහස් දක්වමින් රණවක මහතා මේ බව සඳහන් කළේය.…

වත්මන් ආණ්ඩුව රටේ ඉදිරි ගමන හා ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමට ගත හැකි සියලු තීන්දු ගන්නවා

වත්මන්  ආණ්ඩුව රටේ ඉදිරි ගමන හා ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම වෙනුවෙන් ගත හැකි සියලු තීන්දු ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය . ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ, ජාත්‍යන්තර රේගු දිනය නිමිත්තෙන් රේගු…

පුංචි ඡන්දය සිංහල අලුත් අවුරුද්දෙන් පසු-ඇමැති බිමල් රත්නායක කියයි

පළාත් පාලන ඡන්දය අප්‍රේල් මස දෙවැනි හෝ හතරවැනි සතියේ මැතිවරණ කොමිසම මඟින් පවත්වනු ඇතැයි බලාපොරොත්තු වන බව ඇමැති බිමල් රත්නායක මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසුවේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදීය. “පළාත් පාලන ඡන්දය නැවත පැවැත්වීමට අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට…

ඉල්ලුමට සරිලන සැපයුම නැතිකම දුම්රිය ටිකට් ජාවාරමට ප්‍රධාන හේතුවක්-නියෝජ්‍ය ඇමැති, වෛද්‍ය ප්‍රසන්න ගුණසේන

උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රවේශ පත්‍ර ජාවාරමට බලපා තිබෙන ප්‍රබල හේතුවක් ලෙස ඉල්ලුමට සරිලන සැපයුම නොමැතිවීම හඳුනාගෙන තිබෙන බවත්, අදාළ ජාවාරම සම්බන්ධයෙන් නීති මඟින් කටයුතු කර ඉල්ලුමට සරිලන ආකාරයෙන් උඩරට මාර්ගයේ දුම්රිය ගමන් වාර කිහිපයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බවත්…

වන්දි ගෙව්වේ මල්ලි – නාමල් රාජපක්ෂ

පාර්ලිමේන්තුවේ කෑගසන්නේ තමා වුවත් එයට වන්දි ගෙවීමට සිදුව ඇත්තේ සහෝදරයාට යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවැසීය. අලුත්කඩේ උසාවි සංකීර්ණය අසලදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා ඊයේ (27) මේ බව කීවේය. “රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට කාලය වැය කරනවා වෙනුවට…

ගෝඨා, ඇමැති නලින්දට කිව්වේ මොකක්ද…?

දෙපැත්තේම පුටු හිස්ය. තවත් ආරාධිත අමුත්තෝ රැසක් පැමිණීමට නියමිතව සිටිති. ඉන්දීය ජනරජ දිනය නිමිත්තෙන් ඉන්දීය නිල නිවසේ දී පැවැති උත්සවයේදී ප්‍රධාන ආරාධිත අමුත්තා වූ ජනමාධ්‍ය හා සෞඛ්‍ය ඇමැති නලින්ද ජයතිස්ස අසල ආසනය හිමිවූයේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂටය. ඔවුන් දෙදෙනා අතර…

ශ්‍රේෂ්ඨාධිකරණ රහස් තීන්දුව ජනපතිට-කථානායකට

පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගැනීම සඳහා ඉදිරිපත් කර ඇති පළාත් පාලන ඡන්ද විමසීම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ සිය තීන්දුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත කඩිනමින් දන්වා යවන බව ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (27) ප්‍රකාශ කළේය. එම පනත් කෙටුම්පත…

ඩේසි ආච්චිට ලක්ෂ 340ක ඉඩමක් ගන්න වත්කමක් නෑ-නාවික හමුදාවේදී යෝෂිතගේ වැටුප රු. 73,000යි

බැංකුවට බැරවූ මුදල් ඔහු කිසිදිනක අරගෙන නෑ දෙහිවල ලක්ෂ 500ක ඉඩම හා CSN නඩුව පිළිබඳ විමර්ශන අරඹා තිබෙනවා නීතිපති වෙනුවෙන් සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් උසාවියට කියයි මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ නීති විරෝධී ලෙස උපයාගත් ආදායම්වලින් රත්මලාන ප්‍රදේශයේ ලක්ෂ 340ක්…

ජනපති මන්දිරවල නාස්තිය දැන්වත් නවත්වමු-කැකිරාව,තඹුත්තේගම ජනහමුවලදී ජනපති කියයි

රට ගොඩනැඟීමට ආණ්ඩුවට බැඳීම තිබෙන්නේ ජනතාව සමඟ පමණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අනුරාධපුර,කැකිරාව, තඹුත්තේගම ප්‍රදේශවල පැවැති ජනහමුවලට පෙරේදා (26) සහභාගී වෙමිනි. පැරණි නාස්තිකාර දේශපාලන සංස්කෘතිය අවසන් කිරීම මිස කිසිවකුගෙන් පළිගැනීමේ අරමුණක් තමන්ට හෝ…

අපට කාගෙන්වත් පළිගැනීමේ අරමුණක් නෑ-ජනපති අනුර දිසානායක අනුරපුරදී කියයි

පාතාලය ඉක්මණින් මර්දනය කරනවා හැමදාම සහනාධාරවලින් යැපෙන්නන් සිටිය යුතු නෑ මේ වනවිට අවසන් කරමින් යන්නේ පැරණි නාස්තිකාර දේශපාලන සංස්කෘතිය බවත් අපට කාගෙන්වත් පළිගැනීමේ අරමුණක් නැති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ පෙරේදා (26) පස්වරුවේ අනුරාධපුර…