Category Politics

ITN සහ රූපවාහිනී සංස්ථාව හා ගුවන් විදුලි සංස්ථාව ඒකාබද්ධ කිරීමේ කිසිදු තීරණයක් නැහැ

ITN සහ රූපවාහිනී සංස්ථාව සහ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව ඒකාබද්ධ කිරීමේ කිසිදු තීරණයක් ගෙන නොමැති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කරයි. මෙම ආයතන වෙන් වෙන්ව නවීකරණය කර ලාභ ලබන ආයතන බවට පත් කරන බවයි ඒ මහතා සඳහන් කළේ.…

දේශබන්දු ගෙදර යවන්න සජබෙත් සහය

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට විරුද්ධව ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් ගෙන එන විශ්වාසභංග යෝජනාවට පක්ෂව සමගි ජන බලවේගය පූර්ණ සහයෝගය ලබා දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික්…

යෝෂිත පොහොට්ටුවේ සාමාජිකයෙක් නොවේ-නීතිඥ සාගර කාරියවසම්

යෝෂිත රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයකු නොවන බවත් ඔහු එම පෙරමුණේ ජාතික සංවිධායකවරයාගේ සහෝදරයා සහ පක්ෂ නායකවරයාගේ පුතා බවත් පක්ෂයේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පැවැසීය. සමාජ ශාලාවක පසුගියදා සිදුව ඇති ගැටුමක් සම්බන්ධයෙන් ඊයේ (24) පැවැති මාධ්‍ය හමුවේදී…

ඡන්දෙන් පසු එජාපයට ගැළපෙන නගරාධිපතිවරයකු පත් කර ගන්නවා-පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක

එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය, මුස්ලිම් කොන්ග්‍රසය සහ දෙමළ පක්ෂ එක් වී එජාපයේ ස්වරූපය ඉදිරියට ගෙන යන නගරාධිපතිවරයකු කොළඹට පත් කර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා පැවසීය. කොළඹදී පෙරේදා (23) මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව…

මර්වින් සිල්වා යළි රිමාන්ඩ්-ප්‍රසන්න රණවීරට-‘සිංගප්පූරු සරත්’ට වරෙන්තු ඉල්ලයි

කිරිබත්ගොඩ නව නගරයේ ඉදිකිරීම සඳහා පවරාගෙන තිබූ රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමකින් යුත් රජයේ ඉඩම කූට ලේඛන සකසා පෞද්ගලික අංශයට විකුණුවැයි කියන සිද්ධියට අදාළ සැකකරුවන් වන හිටපු අමාත්‍ය ප්‍ර‍සන්න රණවීර, කැලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී මිල්රෝයි පෙරේරා සහ දොන් සරත්…

ඇමති නිල නිවාස ගැන සෙවීමට පත් කළ කමිටුවේ වාර්තාව භාර දෙයි

අමාත්‍ය නිල නිවාස වෙනත් කාර්යන් සඳහා යොදා ගැනීම පිළිබඳ සොයා බැලීමට පත් කළ කමිටු වාර්තාව ජනාධිපති ලේකම් කාර්යාලයට භාර දී තිබෙයි. රාජ්‍ය පරිපාල අමාත්‍ය චන්දන අබේරත්න මහතා සඳහන් කළේ, ඉදිරියේදි එම නිල නිවාස සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි. අමාත්‍ය නිල නිවාස…

නයිට් ක්ලබ් ආ යෝෂිතගේ සගයෝ යකා නටති-බිරියත් සමඟ 10ක් ඇවිත් ආරක්ෂකයකුට පහරදීලා

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා සමඟ පැමිණි පිරිසක් විසින් කොළඹ යූනියන් පෙදෙසේ පාර්ක් වීදියේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවක ප්‍රධාන ආරක්ෂක නිලධාරියාට කළ පහරදීමක් සම්බන්ධයෙන් කොම්පඤ්ඤවීදිය පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ. මෙම පහරදීම සිදුව ඇත්තේ පෙරේදා (22)…

අයථා ඉපැයීම් යළි ගන්න නව පනතක්-අප්‍රේල් 8දා මැතිසබයට

පසුගිය රජයන් සමයේ නීතිවිරෝධි ලෙස හෝ අයථා ලෙස උපයාගෙන ඇති රාජ්‍ය දේපොළ රාජසන්තක කිරීමට වූ නව නීති ඇතුළත් පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා ප්‍රකාශ කළේය. ලබන අප්‍රේල් 08 වැනිදා අදාළ පනත් කෙටුම්පත…

සාමකාමී ඉන්දියානු සාගර කලාපයකට ශ්‍රී ලංකාව ලබා දෙන සහාය ඇගයේ

ඉන්දියානු සාගර කලාපයේ ආරක්ෂාව තහවුරු කරමින් සාමකාමී ඉන්දියානු සාගර කලාපයක් පවත්වාගෙන යෑමට ශ්‍රී ලංකාව ලබා දෙන සහාය එක්සත් ජනපද ඉන්දු-පැසිෆික් විධානයේ (INDOPACOM) අණදෙන නිලධාරි අද්මිරාල් සැමුවෙල් ජේ. පපාරෝ (Samuel Paparo) මහතා ඇගයීමට ලක් කළේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ…

මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත ඉතා ඉක්මනින් ගෙන එනවා-අය-වැය අවසන් වර කියැවීමේ විවාදයට එක්වෙමින් ජනපති කියයි

රජයේ පුරප්පාඩු 30,000ක් පුරවනවා රැකියා විරහිත උපාධිධාරීන් ගැන විශේෂ අවධානයක් මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුවට ගෙන එන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. තමන් ජනාධිපති වුවත් මන්ත්‍රි විශ්‍රාම වැටුප ද හිමි වන බවත් එය…