Category Politics

හොඳ ප්‍රවාහන ක්ෂේත්‍රයක් ඇති කිරීමේ වැඩපිළිවෙළ ජුලි 01 වැනිදා සිට ආරම්භ කරනවා – බිමල් රත්නායක

මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රය ඉතාම පසුගාමී ස්ථානයක තිබෙන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පවසනවා. ඒ අනුව මෙරට හොඳ ප්‍රවාහන ක්ෂේත්‍රයක් නොමැති බවත්, බස්රථ හෝ දුම්රිය හෝ පෞද්ගලික අංශයේ ද හොඳ ප්‍රවාහනයක් නොමැති බවයි අද (05) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ.…

ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජන කරන්න ජපන් ආයෝජකයින් බලශක්ති ඇමති සමග සාකච්ඡා

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ජපානයේ භාවිතා වන නවතම තාක්ෂණය හඳුන්වාදෙමින් ක්‍රියාත්මක කළ හැකි ව්‍යාපෘති යෝජනා රැසක් ඉදිරිපත් කරමින් ජපන් ආයෝජකයෝ පිරිසක් පසුගියදා බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා හමුවී සාකච්ඡා කළහ. විශේෂයෙන් සූර්ය බලශක්ති ක්ෂේත්‍රයේ නවතම තාක්ෂණය භාවිතා කරමින් ඕනෑම හදිසි…

ශෂීන්ද්‍ර රාජපක්ෂ අල්ලස් කොමිසමෙන් පිටව යයි

අද (05) පෙරවරුවේ අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබාදුන් හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මීට සුළු වේලාවකට පෙර ඉන් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව, හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂගෙන් අල්ලස් කොමිසම පැය 7 1/2ක පමණ කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි…

ජාතික ගමනාගමන කොමිෂන් සභා (සංශෝධන) පනත් කෙටුම්පත සම්මත වෙයි

ජාතික ගමනාගමන කොමිෂන් සභා (සංශෝධන) පනත් කෙටුම්පත අද (05) පාර්ලිමේන්තුවේදී සම්මතවී තිබෙනවා. ඒ අනුව මෙම පනත හරහා පොදු ප්‍රවාහනයේ යෙදෙන සියලුම වාහන නියාමනයට බලතල ලැබෙන බවයි ප‍ාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

රවී කරුණානායක සැකකරුවෙක් කිරීමට එරෙහිව අභියාචනාධිකරණය ලබාදුන් නියෝගයක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉවත දමයි

2016 වසරේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකළ බැඳුම්කර වෙන්දේසියකදී රුපියල් බිලියන 36.98ක මුහුණත වටිනාකමකින් යුත් බැඳුම්කර සම්බන්ධයෙන් වංක ලෙස ව්‍යාපාරණය කිරීමට හෝ ඊට එකඟවීම ඇතුළුව, පොදු දේපළ පනත යටතේ කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ ගොනුකර තිබූ නඩුවක විත්තිකරුවකු…

රන් පැහැ T56 සිද්ධියට දුමින්ද දිසානායක අධිකරණයට රැගෙන එයි

රන් පැහැ ගැන්වූ ටී – 56 ගිනි අවියේ හිමිකාරිත්වය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක අද අධිකරණයට රැගෙන විත් තිබෙයි.

ශෂීන්ද්‍ර රාජපක්ෂ අල්ලස් කොමිසමට පැමිණෙයි

හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (05) අල්ලස් කොමිසමට පැමිණ තිබෙනවා. අල්ලස් කොමිසම විසින් සිදුකළ කැඳවීමක් අනුව ඔහු මෙලෙස පැමිණ ඇති බවයි සඳහන් වෙන්නේ.

පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (05) දිනයේත් රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අද පෙ.ව. 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22 හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇති අතර පෙ.ව. 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන…

රාජිතට එරෙහි නඩුවකට දින නියම වෙයි

2014 වසරේ ධීවර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී මෝදර ධීවර වරාය පෞද්ගලික සමාගමක් වෙත බදු දීමේදී රජයට පාඩුවක් සිදු කළ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුව අගෝස්තු මස 29 වැනිදා යළි…

නාමල්ගේ නඩුව මහාධිකරණයට යොමුකළ නිසා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවීමේ අවශ්‍යතාවයක් නොමැති බව මහේස්ත්‍රාත්වරිය දැනුම්දෙයි

හිටපු ක්‍රීඩා අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට පවරා ඇති නඩුවක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවීමේ අවශ්‍යතාවයක් නොමැති බව කොටුව මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර අද (04) නියෝග කර තිබෙනවා. කොළඹ කොටුව ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ඩ් චතුරස්‍රයේ අක්කර 4.3ක් බදු දිමේදී සිදුවී ඇති බව…