Category Local News

උණුසුම් කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්දීමක්

(31) දිනයේ ප්‍රදේශ කිහිපයක කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සිදුකර තිබෙනවා. ඒ අනුව බස්නාහිර, වයඹ, උතුරු-මැද, උතුරු, දකුණු පළාත්වල සහ රත්නපුර, මොණරාගල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කල යුතු මට්ටමක පවතිනු…

පාස්කු ඉරිදා දිනය අදයි

කිතුණු බැතිමතුන් මහත් භක්තියෙන් සමරනු ලබන පාස්කු ඉරිදා දිනය අදට (31) යෙදී තිබෙනවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මනුෂ්‍ය සංහතිය පාපයෙන් ගලවා ගැනීම සඳහා කුරුසිය මත සිය ජීවිතය පූජා කර දින 3 කට පසු මරණයෙන් උත්ථානය වීම පාස්කු ඉරුදින මංගල්‍යය ලෙස කිතුණුවන්…

වින්ඩිට ජාත්‍යන්තර සම්මානයක් 

දකුණු ඉන්දියාවේ චෙන්නායි නුවර ඉකුත් පසුගියදා පැවති 16 වන එඩිසන් සම්මාන උළෙලේ දී 2023 වසරේ ඉදිරිපත් වූ විශිෂ්ටතම සංවේදී ගීතයට (Best Sensational Song of the Year – 2023) හිමි සම්මානය දිනා ගැනීමට වින්ඩි ගුණතිලක සමත් වී තිබෙනවා. ඒ ඇය විසින්…

ලබන වසරේදී මයිකල් ජැක්සන්ගේ චරිතාපදාන චිත්‍රපටය තිරගත කරයි

මයිකල් ජැක්සන් චරිතාපදාන චිත්‍රපටය වන මයිකල් (Michael) චිත්‍රපටය ලබන වසරේ අප්‍රේල් 18 වනදා තිරගත කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම චිත්‍රපටයේ තිර රචනය ජෝන් ලෝගන්ගේ සිදු කරන අතර ඇන්ටොයින් ෆුක්වා විසින් අධ්‍යක්ෂණය කරන නිර්මාණයක් බව සඳහන්. එමෙන්ම චිත්‍රපටයේ…

කතුරකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ දී කතුරකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව පොලිසිය පවසනවා. පොලිසිය පැවසුවේ ආරවුලක් හේතුවෙන් ඇතිවූ බහින් බස් වීමක් දුරදිග යාම හේතුවෙන් මෙම පහරදීම සිදුව ඇති බවයි. (26) රාත්‍රි කාලයේ අදාළ සැකකරු විසින් මෙම පහර දීම සිදු කර ඇති…

ලොකේෂන් කුඩු මල්ලි පොලිස් අත්අඩංගුවට

“ලොකේෂන් කුඩු මල්ලී” නමින් හඳුන්වන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බඩල්ගම පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මිනුවන්ගොඩ, නිල්පනාගොඩ, හේන්පිටගෙදර, ගල්කන්ද, දූනගහ, කටුවැල්ලේගම, අලුතෑපොල යන ප්‍රදේශවලට මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ කටයුතු කලක පටන් තමා විසින් සිදුකරගෙන ගිය බව පොලිසිය විසින්…

ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළට

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිලෙහි ඉහළ යාමක් දක්නට ලැබෙනවා. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් ඊයේ ඩොලර් 87ක් ලෙස ඉහළ අගයකින් පැවතුණු අතර ඇමෙරිකානු ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් බැරලයක් ඩොලර් 83.17 ලෙස දැක්වී තිබුණා. මෙසේ ලෝක බොරතෙල් මිල ඉහළ යාමට ප්‍රධානම හේතුව වී…

පිහි­යෙන් ඇන අයකු මැරූ හිටපු සෙබ­ළාට මරණ දඬු­වමට

පිහි­ය­කින් ඇන පුද්ග­ල­යකු ඝාත­නය කිරීමේ සිද්ධි­යක් සම්බ­න්ධ­යෙන් මහා­ධි­ක­ර­ණය හමුවේ අධි චෝදනා ලැබ සිටි හිටපු යුද හමුදා සෙබ­ළකු එකී චෝද­නා­වට වර­ද­කරු බවට තීන්දු කල පොලො­න්න­රුව මහා­ධි­ක­රණ විනි­සුරු රුචිර වැලි­වත්ත ඔහුට මර­ණීය දණ්ඩ­නය නියම කළේය. මෙසේ මරණ දඬු­වම නියම වූයේ රත්තොට පොල්වත්ත,…

බැල්ටිමෝ පාලම හදන්න ඩොලර් මිලියන 60ක ආධාරයක්

නෞකාවක් ගැටි කඩා වැටුනු ඇමෙරිකාවේ බැල්ටිමෝර්හි ” ෆ්‍රැන්සිස් කොට් කී ” පාලමේ සුන්බුන් ඉවත් කිරීමට හා ඉදිකිරීම් යළි ආරම්භ කිරීමට අමෙරිකානු රජය විසින් මූලික අදියර ලෙස ඩොලර් මිලියන 60ක හදිසි අරමුදල් ප්‍රදානය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ…

වතුපාසල් සඳහා ගුරු සහායක පත්වීම්

ඉදිරි සති කිහිපය ඇතුළත වතුපාසල් සඳහා ගුරු සහායකින් 2,535ක් සඳහා අයදුම්පත් කැඳවීමට අදාළ ගැසට් නිවේදනය පළ කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි. ස්ථාවර විසඳුම් ලබාදීම අභියෝගයක් වන අවස්ථාවලදී විකල්ප විසඳුම් තුළින් හෝ අධ්‍යාපන පද්ධතිය අඛණ්ඩව පවත්වා…