Category Local News

ශක්තිමත් ආර්ථිකයක් ගොඩ නගන්න මම ඉල්ලන්නේ වසර 05 යි – ජනපති

තමන් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ පසුගිය දෙවසර තුළ ගොඩ නැඟූ ආර්ථිකය ශක්තිමත් ස්ථාවරත්වයකට ගෙන ඒමට බවත් ඒ සඳහා තමන් ඉල්ලා සිටින්නේ වසර පහක කාලයක් පමණක් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. පෝලිම් යුගය අවසන් කර, ජීවන බර අඩු කර, බදු සහන…

පරදින තැනට ඔට්ටු අල්ලන්න එපා – එස්.එම්. මරික්කාර්

අහස උසට බඩු මිල වැඩි කළ සහ බදු ගැසූ කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ රනිල් වික්‍රමසිංහ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පවසනවා. පරදින ඉත්තන්ට ඔට්ටු ඇල්ලීමක් සිදු නොකරන ලෙසත් රනිල් වික්‍රමසිංහට අබ සරණයි බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ. ජනතාවගේ…

ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් අනතුරු ඇඟවීම්

බටහිර – මධ්‍යම සහ ඊට යාබද වයඹ දිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, අද (01) උදෑසන කාලයේ දී ඉන්දියාවේ උතුරු ආන්ද්‍රා ප්‍රදේශය සහ දකුණු ඔඩිෂා වෙරළ හරහා එරට ගොඩබිමට ඇතුළු වී තිබෙනවා. ඉදිරි පැය 24 තුළදී එය…

තව තවත් ඉහළ යන මැතිවරණ පැමිණිලි

ජනාධිපතිවරණයට අදාළව ලැබුණු පැමිණිලි සංඛ්‍යාව 1745 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ (31) පස්වරු 04.30න් අවසන් වූ පැය 24ක කාලය තුළ පැමිණිලි 153ක් ලැබුණු බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ. ඉන් වැඩිම සංඛ්‍යාවක් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ලැබී තිබෙනවා.

විචිත්‍ර ධර්ම කථික පූජ්‍ය බොරැල්ලේ කෝවිද හිමි අපවත් වෙති

කොලොන්නාව ශ්‍රී බෝධි විහාරාධිපති විචිත්‍ර ධර්ම කථික පූජ්‍ය බොරැල්ලේ කෝවිද හිමි අපවත් වී තිබෙනවා. අපවත් වන විට උන්වහන්සේ 48 හැවිරිදි වියේ පසුවුණා. කළක් අසනීප තත්ත්වයේ පසුවූ උන්වහන්සේ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රථිකාර ලබමින් සිටියදී අපවත්වී තිබෙනවා.

ගෑස් මිල සංශෝධනය වෙයිද?

මාසිකව සිදුවන ගෑස් මිල සංශෝධනයට අනුව සැප්තැම්බර් මස ලිට්‍රෝ ගෑස් මිල ගණන්හි සංශෝධනයක් සිදු නොවන බව එම සමාගම පවසනවා. ගෑස් මිල සංශෝධනයක් අවසන් වරට සිදු වූයේ පසුගිය ජූලි මස 02 වනදායි. පසුගිය අගෝස්තු මාසයේදී ද ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු වුණේ…

ජනපතිවරණ නිරීක්ෂණයට ආ යුරෝපා සංගමය

ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා මෙරටට පැමිණි යුරෝපා සංගමයේ නියෝජිත කණ්ඩායම සහ විදේශ කටයුතු අමාත්‍යාංශය අතර වන පරිපාලන විධිවිධානයන්ට අත්සන් තබා තිබෙනවා. ඒ, ජනාධිපතිවරණ නිරීක්ෂණ කටයුතු සම්බන්ධයෙන්.

මැතිවරණ පැමිණිලි 1500 පනියි

ජනාධිපතිවරණයට අදාළව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 1592 දක්වා ඉහළ ගොස් ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා එමෙන්ම, මැතිවරණ නීති උල්ලංඝනය කිරීම්වලට අදාළව පැමිණිලි 1526 ක් ලැබී ඇති බව සඳහන් ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධව පැමිණිලි 08ක් සහ වෙනත් පැමිණිලි 58ක් ද වාර්තා…

සර්වජන බලය උපාය මාර්ගික සැලැස්ම එළිදකියි

සර්වජන බලය පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක දිලිත් ජයවීර මහතාගේ උපාය මාර්ගිය සැලැස්ම 31 එළිදැක්වුණා ජන ජීවිතය වෙනස් කරන සර්වජන උපාය මාර්ගික සැලැස්ම කෙටුම්පත් දෙකක් යටතේ මහජන අදහස් ලබා ගෙන වඩාත් ප්‍රායෝගික හා ප්‍රතිඵලදායක ලෙස විනිවිදභාවයෙන් යුතු අවසාන ජාතික උපාය මාර්ගික…