Category Local News

දකුණු පළාතේ බස් රථ ගැන පැමිණිලි කිරීමට නව අංකයක් හඳුන්වාදෙයි

දකුණු පළාතේ බස් රථ පිළිබඳ පැමිණිලි කිරීම සඳහා මගීන් වෙනුවෙන් නව අංකයක් හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව, 0763 299 299 යන අංකය ඒ සඳහා හඳුන්වා දී ඇති බවයි සඳහන් වෙන්නේ. දකුණු පළාතේ බස්රථවලින් ගුණාත්මක සේවාවක් ලබාගැනීම සඳහා, එම බස් රථ…

දේශබන්දු ගොනුකළ ඇප අයැදුමක් පිළිබඳ නියෝගය ලබා දීමට දින නියම කෙරේ

දේශබන්දු තෙන්නකෝන් ගොනුකළ අපේක්ෂිත ඇප අයැදුමක් පිළිබඳ නියෝගය අගෝස්තු 05 වැනිදා ලබාදීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබෙනවා. අරගල සමයේ නඩුවකට අදාළව තමා අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස දේශබන්දු තෙන්නකෝන් විසින් ගොනුකර තිබූ ඇප අයැදුමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය…

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමන් සීමා කෙරේ

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කිරීම සම්බන්ධයෙන් පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. වරකාපොළ, ශ්‍රී මුත්තුමාරි අම්මාන් කෝවිල සංවිධානය කරන වාර්ෂික පෙරහැර හේතුවෙන් මෙම රථවාහන ගමනාගමනය සීමා කරන බවයි පොලිසිය පවසන්නේ. ඒ අනූව එම පෙරහැර අද (28) රාත්‍රී…

ස්නාන මංගල්‍යයේ නැටුම් නැටූ තරුණයා හදිසියේ මරුට

යාපනයේ මල්ලාකම් පයිරිත්තල් ප්‍රදේශයේ පිහිටි කෝවිලක වාර්ෂිකව පැවැත්වෙන ස්නාන මංගල්‍යයේදී නර්තනයක යෙදී සිටි තරුණයෙකු හදිසියේම බිම ඇද වැටී 28 දා මියගොස් ඇති බව අප වාර්තාකරු පවසනවා. මෙසේ මියගොස් ඇත්තේ බණ්ඩත්තරිපු, පල්ලසුට්ටි ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි අන්නාරාසා ඇලෙක්සන් නැමති අයෙක්. ස්නාන…

රන් ආලේපිත ගිනි අවි නඩුවෙන් දුමින්ද නිදහස් කිරීමට නියෝග

රන් ආලේපිත ටී 56 වර්ගයේ ගිනිඅවියේ හිමිකාරීත්වය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා එම නඩුවෙන් මුදා හැරීමට අද (29) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. එයට අදාළ නඩුව අද…

යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක, බිරිඳ සහ දියණියගේ මළ සිරුරු නිවසේ තිබී සොයා ගැනේ

යහලතැන්න ප්‍රදේශයේ නිවසක් තුළ තිබී පුද්ගලයෙකුගේ සහ කාන්තාවන් දෙදෙනෙකුගේ මළ සිරුරු සොයාගත් බව පොලීසිය වාර්තා කරනවා. 52 හැවිරිදි මෙම පුද්ගලයා යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ලෙස කටයුතු කර ඇති අතර ඔහු සියදිවි නසාගෙන ඇති බවයි වාර්තා වන්නේ. 44 සහ 17…

අද කාලගුණ නිවේදනය

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය…

ගම්පොල කුඩ කර්මාන්ත ශාලාවක ගින්නක්

ගම්පොල නගරයේ පිහිටි කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබෙනවා. ඒ අනුව ගින්න පාලනය සඳහා ගිනි නිවන රථ දෙකක් එම ස්ථානයට පිටත් කර යවා ඇති බවයි ගිනි නිවන ඒකකය සඳහන් කළේ. මෙලෙස ගිනි ගැනීමට ලක්ව ඇත්තේ කුඩ නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක් බවයි…

තිලිණි ප්‍රියමාලිට ඇප

හෝමාගම මුලස්ථාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද තිලිණි ප්‍රියමාලි රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපයක් මත මුදාහරින ලෙස හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. හෝමාගම දිසා අධිකරණයේ රාජකාරියේ නියුතු සිතාසි බෙදා දෙන්නෙකුට අයුතු අවහිරය, සාපරාදි බිය ගැන්වීම,…

හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගෙතැන්න අත්අඩංගුවට

හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගෙතැන්න අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු නාවික හමුදා බුද්ධි අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ සමයේ දී පොතුහැර ප්‍රදේශයේ සිදුවූ පුද්ගල පැහැරගැනීමක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ