Category Local News

නාවික හමුදාවේ හිටපු නාවික හමුදාපති අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න තවදුරටත් රිමාන්ඩ් කිරීමට නියෝග

ශ්‍රී ලංකා නාවික හමුදාවේ හිටපු නාවික හමුදාපති අද්මිරාල් (විශ්‍රාමික) නිශාන්ත උළුගේතැන්න, අගෝස්‍තු 13 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. අද (30) පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ. නාවික හමුදාවේ බුද්ධි ප්‍රධානියා ලෙස කටයුතු කළ…

ලලිත් – කූගන් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට සාක්ෂි ලබාදීමට සූදානම් – ගෝඨාභය රාජපක්ෂ

අතුරුදන් වූ ලලිත් වීරරාජ් සහ කූගන් මුර්ගානන්දන්ගේ නඩුවට අදාළව සාක්ෂි ලබාදීමට තමන් සූදානම් බව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නීතිඥවරු මාර්ගයෙන් අද (30) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා. ඒ අනුව, මෙයට අදාළ අභියාචනා පෙත්සමක් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී, ගෝඨාභය රාජපක්ෂ…

හදිසි සෝදිසි මෙහෙයුමකින් අපරාධ කල්ලි නායකයෙකු ඇතුළු 11 ක් අත්අඩංගුවට

හලාවත, බංගදෙනිය, වීරකමන්දලුව ප්‍රදේශයේ නිවසක් වටලා සිදු කළ හදිසි සෝදිසි මෙහෙයුමකදී කොළඹ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු ඇතුළු 11 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා. එම වැටලීම සිදු කරන අවස්ථාවේ දී සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයා නිවසින් පැනගොස් ඇති අතර,…

ආසන පටි නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට පියවර

ආසන පටි නීතිය ඉදිරියේදී දැඩිව ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක පවසනවා. ඒ අනුව, එම නීතිය අනුගමනය නොකරන බස් රථවල බලපත්‍ර අහෝසි කිරීමට පියවර ගන්නා බවයි ගාල්ල දිස්ත්‍රික් ප්‍රවාහන කමිටුවට සහභාගී…

ගාල්ලේදී තරුණයෙකු දියේ ගිලී මරුට

ගාල්ල, ගිංතොට, මෝයකට අසල දියනෑමට ගිය තරුණයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අද (29) පස්වරුවේ සිදුව ඇති මෙම අනතුරින් කුරුඳුවත්ත ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙකු මියගොස් ඇති බවයි අප වාර්තාකරු පවසා සිටියේ. දියේ ගිලී අතුරුදන්ව සිටි මෙම තරුණයා සොයා ප්‍රදේශවාසීන්,…

ජිනරාජ දළදාවේ පින්සාර මහ පෙරහර අද සිට වීදි සරයි

ශ්‍රී ලාංකීය සංස්කෘතික මහා මංගල්‍ය, මහනුවර ඵෙතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහර මංගල්‍යය අද රාත්‍රියේ විදි සංචාරය කිරීමට නියමිතයි. පස්වරු 6.46 ට යෙදෙන සුබ මොහොතින් උතුරු දිශාභිමුඛව සිව්මහා දේවාලයන්ගෙන් පෙරහර පිටත්ව, සිරිත් පරිදි ශ්‍රී ධන්ත දාතු මන්දිරය ඉදිරිපිටට පැමිණීමෙන්…

රෝහිතගේ දියණිය පොලීසියට භාරවෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ දියණිය නීතිඥවරයෙකුගේ මාර්ගයෙන් අද (30) උදෑසන වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකය වෙත භාරවී තිබෙනවා. ජීප් රථ ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව ඇය මෙලෙස පොලීසියට භාරවී ඇති බවයි සඳහන් වෙන්නේ. ව්‍යාජ දත්ත ඇතුළත්කොට ලියාපදිංචි කරන ලද ජීප්…

බොරැල්ල අනතුර සිදුකළ රියදුරා ගංජා පානය කර ඇත්තේ දින 4 කට පෙර බව නීතිඥයා අධිකරණයට දැනුම් දෙයි

ඊයේ (28) දින බොරැල්ල ප්‍රදේශයේ සිදුවූ මාරක රිය අනතුරට සම්බන්ධ දොඹකරයේ රියදුරු ලබන අගෝස්තු 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ රථවාහන මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ අනුව, එම සිද්ධියට සම්බන්ධ දොඹකරයේ හිමිකරු රුපියල් ලක්ෂ පහක ශරීර…

ඉදිරි දින කිහිපය ගැන කාලගුණයෙන් අනාවැකියක්

ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරුමැද, ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් ඇතිවෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු, උතුරුමැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන…

දුම්රිය වෘත්තීය සමිති වර්ජනය අත්හිටුවයි

අද  (29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණු දුම්රිය වෘත්තීය සමිති වැඩ වර්ජනය අත්හිටුවා තිබෙනවා.  දුම්රිය වෘත්තිය සමිති නිලධාරීන් විසින් ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා සමඟ පැවති සාකච්ඡාවලින් පසුව මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ. දුම්රිය රියදුරන් මුහුණ දෙන පරිපාලන,…