Category Local News

අද කාලගුණ නිවේදනය

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් ප.ව. 1.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි…

රාජ්‍ය සේවය නූතනත්වයේ සංස්කෘතියකට ගෙන යාමට සියලුදෙනා එක්වෙමු – ජනපති

භෞතික සහ ආධ්‍යාත්මික වශ‌යෙන් නටබුන් වූ රාජ්‍යය දේහය පිළිබඳ ස්වයං විවේචනයක් සිදු කරමින් නූතන රාජ්‍ය සේවයක් ගොඩනැඟීමට ලබන වසරේ අයවැය ප්‍රතිපාදන වෙන් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. නූතනත්වයේ සංස්කෘතියකට රාජ්‍ය සේවය ගෙන යා යුතු බවත් එය ආරක්ෂා කිරීමට…

විජේරාමෙට වඩා මැදමුලන හොඳයි – මහින්ද රාජපක්ෂ

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද ඉවත් කිරීම සම්බන්ධයෙන් ගැටලුවක් නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. ඒ අනුව, තමන්ට තිබූ වරප්‍රසාදය වන්නේ ජනතාව දුන් වරප්‍රසාදය බවත්, ඊට වඩා ලොකු දෙයක් තමන්ට නොමැති බවයි අද (05) මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා සඳහන්…

සමන් ඒකනායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව යයි

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගොස් තිබෙනවා. ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු අද (05) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබුණා. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් රජයේ මුදල් යොදාගෙන සිදු කළ පෞද්ගලික සංචාරයක් පිළිබඳව සිදු කරන විමර්ශනයකට අදාළව…

පිටකොටුව මධ්‍යම බස් රථ නැවතුම්පොළ සංවර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය

පිටකොටුව මධ්‍යම බස් රථ නැවතුම්පොළ නවීකරණය හා සංවර්ධනය කිරීම සඳහා ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබෙනවා. අදාළ නවීකරණ කටයුතු හා සංවර්ධනයන් සඳහා ඇස්තමේන්තු කර ඇති මුදල රුපියල් මිලියන…

නව සීමා නිර්ණ කමිටුවක් පත්කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය

2012 සහ 2021 දී පත් කරන ලද කමිටුවල නිර්දේශ සමාලෝචනය කිරීමට සහ වැඩිදුර නිර්දේශ ලබා දීමට නව සීමා නිර්ණ කමිටුවක් පත් කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හා ග්‍රාම නිලධාරී වසම් පිහිටුවීම සහ ප්‍රතිශෝධනය කිරීම සඳහා 2012…

කීර්ති බණ්ඩාරපුර රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

කීර්ති බණ්ඩාරපුර රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව, ලොරි රථයකින් රුපියල් 10,000ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීමේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.…

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකරට එරෙහිව විශ්වාසභංගයක්

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකරට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සමගි ජන බලවේගය තීරණය කර තිබෙනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් ඊයේ (04) සවස රැස් වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මෙම තීරණය ගත් බව එම පක්ෂයේ…

නීති විරෝධී ගවමස් තොගයක් සමඟ සැකකරුවන් තුන් දෙනෙකු අත්අඩංගුව

කිළිනොච්චියේ සිට වවුනියාවට බස් රථයකින් ප්‍රවාහනය කළ නීති විරෝධී ගවමස් කිලෝ ග්‍රෑම් 560ක් සමග සැකකරුවන් තුන් දෙනෙකු වවුනියාව නගරසභාව විසින් ඊයේ (04) අත්අඩංගුවට ගෙන තිබෙනවා. කිළිනොච්චියේ සිට බස් රථයකින් රැගෙන එන ලද එම නීති විරෝධී ගවමස් තොගය මහපාර අයිනේ ගොඩගසා…

CIDයෙන් පලා යාමට කුමන්ත්‍රණය කළ හරක් කටා ඇතුළු පස් දෙනෙකුට එරෙහිව අලුත් නඩුවක් ගොනු කරයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ සිටියදී ඉන් පලා යමට කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා යටතේ නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ අලුත් නඩුවක් ගොනු කර තිබෙනවා. කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක ඉදිරියේ…