Category Local News

මී උණ රෝගයේ ව්‍යාප්තියක්

මේ දිනවල මී උණ රෝගයේ ව්‍යාප්තියක් දක්නට ලැබෙන බව, සෞඛ්‍ය බලධාරීන් පවසනවා. සෞඛ්‍ය අංශ මවුපියන්ගෙන් ඉල්ලා සිටින්නේ, සරුංගල් වාරය ආරම්භ වීමත් සමග කුඹුරු යායවල සරුංගල් යැවීමේදී දරුවන් මී උණ රෝගයට ගොදුරු විය හැකි බැවින් ඒ පිළිබඳව විමසිලිමත් වන ලෙසයි. අගෝස්තු…

ජාතික තරුණ සමුළුව හෙට කොළඹදී පැවැත්වෙයි

ජාතික තරුණ සමුළුව හෙට (12) සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. මෙවර ජාතික තරුණ සමුළුව පැවැත්වෙන්නේ වසර 32කට පසුව බව ජාතික තරුණ සේවා සභාවේ සභාපති, නීතිඥ සුපුන් විජේරත්න මහතා සඳහන් කළා. මෙම සමුළුව සඳහා තරුණ තරුණියන් 6,000කට වැඩි පිරිසක් සහභාගී වනු…

අලුත්ගමදී විදේශ කාන්තාවක් දියේ ගිලී මරුට

අලුත්ගම, මොරගල්ල වෙරළ තීරයේ දිය නෑමට ගිය විදේශ කාන්තාවක් අද (11) පෙරවරුවේ දියේ ගිලී ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 48ක් වන වියට්නාම ජාතික කාන්තාවක් බවයි පොලිසිය සඳහන් කළේ. අදාළ කාන්තාව මොරගල්ල වෙරළ තීරයේ විනෝද වෙමින්…

හබරාදුවේදී වාහන නැවැත්වීමට සංචාරකයින්ගෙන් නීතිවිරෝධීව මුදල් අය කළ තිදෙනෙක් අත්අඩංගුවට

හබරාදුව, පීල්ලගොඩ වෙරළ උද්‍යානය නැරඹීමට පැමිණෙන සංචාරකයන්ගේ වාහන ගාල් කිරීමට නීතිවිරෝධීව මුදල් අය කළ පුද්ගලයන් තිදෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් හබරාදුව ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් මෙලෙස වාහනවලින් මුදල් අය කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. බස්…

මධ්‍යම කඳුකරයේ රිය ධාවනයේදී සැලකිලිමත් වන්නැයි උපදෙස්

මධ්‍යම කඳුකරයේ හැටන් අවට ප්‍රදේශවලට මද වැසි සමඟ විටින් විට දැඩි මීදුම් තත්ත්වයක් ඇති වී තිබෙනවා. එම ප්‍රදේශවල මාර්ග ලිස්සන සුළු වීම සහ මීදුම නිසා මාර්ග නොපෙනී යන තත්ත්වයන් පවතින බවයි වාර්තා වන්නේ. මේ හේතුවෙන්, මෙම ප්‍රදේශවල මාර්ගවල රිය ධාවනය…

බොරැල්ලේ වෙඩි තැබීමේ සිද්ධියට තවත් තිදෙනෙකු අත්අඩංගුවට

බොරැල්ල සහස්පුර සිරිසර උයන මහල් නිවාස සංකීර්ණය ආසන්නයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට ආධාර අනුබල දුන් සැකකරුවන් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බොරැල්ල සහ දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24, 25 සහ 40 වියේ පසුවන්නන් තිදෙනෙකි.…

A 9 මාර්ගයේ අනතුරකින් පුද්ගලයෙකු මරුට

A 9 මාර්ගයේ ආසපුල්ලේ ප්‍රදේශයේ ඊයේ (10) රාත්‍රී 7ට පමණ සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව පස් දෙනෙකු තුවාල ලබා තිබේ. අනතුර සිදුව ඇත්තේ යතුරුපැදියක්,  ටිපර් රථයක්, ලොරි රථයක් සහ මෝටර් රථයක් ගැටීමෙනි. මහනුවර යාපනය A 9 මාර්ගයේ ආසපුල්ල ප්‍රදේශයේ මාර්ගය…

අද පැවැත්වීමට නියමිතව තිබූ GMOA දීප ව්‍යාප්ත වර්ජනය අත්හිටුවයි

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (11) ක්‍රියාත්මක කිරීමට තිබූ දීප ව්‍යාප්ත වර්ජනයක් අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවේදී ලැබුණු ධනාත්මක සහ සාධනීය ප්‍රතිචාර සලකා බලමින් මෙලෙස දීප ව්‍යාප්ත වැඩවර්ජනය අත්හිටවූ බවයි එම…

සාමාන්‍ය පෙළ පෙබරවාරියේ – උසස් පෙළ නොවැම්බරයේ

2025 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය 2026 පෙබරවාරි 17 සිට පෙබරවාරි 26 දක්වා පැවැත්වීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි මහත්මිය සඳහන් කළාය. එමෙන්ම 2025 අ.පො.ස. උසස් පෙළ විභාගය 2025 නොවැම්බර් 10 සිට දෙසැම්බර් 5 දක්වා පැවැත්වෙන බවද එම…

මාරවිල සුද්දි මැරුවේ පොලිසියෙන් ඉස්සූ ගිනි අවියෙන් බවට සැකයක්

මාරවිල මරද ප්‍රදේශයේදී වසන්ති චතුරාණි හෙවත් සුද්දි නමැති මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටින කාන්තාවට වෙඩි තබා ඝාතනය කරනු ලැබුවේ කොම්පඤ්ඤවීදිය පොලිස් අවි ගබඩාවෙන් සොරාගත් රිවෝල්වරය යොදාගෙන දැයි පොලිස් විමර්ශන අංශ සැක කරනවා. ගිනි අවිය පසුගිය 21 වෙනිදා පොලිස් අවි ගබඩාවෙන් සොරාගෙන…