Category Local News

පනත් කෙටුම්පත ඉදිරිපත් කළේ නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් අනුවයි-සභානායක, ඇමැති බිමල් රත්නායක

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් විශේෂ විධි විධාන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත්තේ නීතිපති දෙපාර්තමේන්තුවේ නීතී උපදෙස් අනුව බව සභානායක, ඇමැති බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (09) ප්‍රකාශ කළේය.පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුෆ් හකීම් මහතා මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්…

2025දී ශ්‍රී ලාංකිකයන් 8,000කට කොරියාවේ රැකියා අවස්ථා

මේ වසරේ දී ශ්‍රී ලාංකිකයන් 8,000කට ආසන්න පිරිසකට කොරියාවේ රැකියා අවස්ථා හිමි වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. ඒ අනුව 2025 වසරේ ශ්‍රි ලාංකිකයන් 8,000කට ආසන්න පිරිසකට දකුණු ‍ කොරියානු රැකියා අවස්ථා ලබාදීමට පියවර ගන්නා බව ශ්‍රි…

ලෝක වෙළෙඳපොළේ අපට හිමි තැන ගන්න නවෝත්පාදන අවශ්‍යයි-ජනපති අනුර කුමාර දිසානායක

ලෝක වෙළෙඳපොළේ ශ්‍රී ලංකාවේ පංගුව අත්පත් කරගැනීම නවෝත්පාදන වැඩපිළිවෙළ හරහා සිදු කළ හැකි බවත්, නව මාදිලිවලින් නව වෙළෙඳපොළ අවස්ථා නිර්මාණය වන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කළේ පර්යේෂණ හා සංවර්ධන වාණිජකරණ ප්‍රවේශයක් ඇති කිරීමේ වැඩපිළිවෙළ…

දරුවන්ගේ අධ්‍යාපනයට විද්‍යාව අත්‍යවශ්‍යයි-අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය

දරුවන්ගේ අධ්‍යාපනයේදී විද්‍යාව අත්‍යවශ්‍ය විෂය ක්ෂේත්‍රයක් බව අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය පැවැසුවාය. අගමැතිනිය මේ බව පැවැසුවේ කොළඹදී පැවැති ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ (SLAAS ) වාර්ෂික සමාරම්භක උත්සවයට එක් වෙමිනි. මෙරට විශාලතම විද්‍යා සංගමය වන ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ මේ…

ශිෂ්‍යත්ව ප්‍රතිඵල පෙබරවාරි 12ට පෙර

පහ වසර ශිෂ්‍යත්ව ප්‍රතිඵල ලබන මස 10ත් – 12ත් අතර නිකුත් කිරීමට අපේක්ෂා කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය. පිළිතුරු පත්‍ර ඇගැයීම් මේ වන විට මධ්‍යස්ථාන 47ක පිහිටා ඇති මණ්ඩල 418ක් විසින් සිදු කරනු ලබන බව ද…

පළාත් කිහිපයකට වැස්සේ වැඩිවීමක්

අද දිනයේ සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ සහ නුවරඑලිය දිස්ත්‍රික්කවලත් වැසි තත්ත්වයේ වැඩි වීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට…

“Clean Sri Lanka” ජන­තා අදහස්

ලොව දියුණු රටවල ජනතාව භූක්ති විඳින ආකාරයේ ඉහළ සමාජ ආර්ථික තත්ත්වයක් සහ නිදහසක් මෙරට ජනතාව වෙත උරුම කර දීමේ අරමුණෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක කෙරෙන “Clean Sri Lanka” වැඩසටහන මේ වන විට ආරම්භ කර තිබේ. “පොහොසත්…

බාලවයස්කාර දැරිය සොයා ගිය පොලීසියට පහර දුන්නැයි පහක් අත්අඩංගුවට

පෙම්වතා සමඟ පලාගිය බාලවයස්කාර දැරියක් සොයා කලවැල්ගල පිහිටි පෙම්වතාගේ නිවසට ගිය තණමල්විල පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනියටත් ප්‍රජා පොලිස් ස්ථානාධිපතිටත් පොලිස් කොස්තාපල්වරයෙකුටත් පහර දුන් පෙම්වතාත් ඔහුගේ මවත් පියාත් බාප්පාත් ඇතුළු 05 දෙනෙක් තණමල්විල පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත. මෙම පස්දෙනා…

මාස 17ට ශ්‍රීලන්කන් ගුවන් ගමන් 548ක් ප්‍රමාදයි-විගණන වාර්තාවක් කියයි

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ ගුවන් ගමන් වාර 548ක් මාස 17ක කාලයක් තුළ (2022 අප්‍රේල් 01 වැනිදා සිට 2023 සැප්තැම්බර් 30 වැනිදා දක්වා කාලයේ) ප්‍රමාද වී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වෙයි. පැය 03 සිට පැය 59 දක්වා කාලයක්…

මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයට බදු සහන දිය යුතුයි

වැට් බදු සහ සමාජ ආරක්ෂණ බදු ඉවත් කර මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රය දියුණු කළ යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය. සිනමන් බෙන්තොට බීච් හෝටලයේ පැවති “Gem Sri Lanka – 2025” මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය සඳහා ඊයේ (09)…