Category Local News

රාජ්‍ය ආයතනවල පිහිට වූ අභ්‍යන්තර කටයුතු ඒකක නියාමනයට විශේෂ වැඩපිළිවෙළක්

අමාත්‍යංශ හා රාජ්‍ය ආයතනවල පිහිටවූ අභ්‍යන්තර කටයුතු ඒකක නියාමනය සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව, ජනාධිපති කාර්යාලයේ හා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන්ට එය නිරීක්ෂණයට හැකියාව ලැබෙන සේ එම අභ්‍යන්තර ඒකක නියාමනය සඳහා පද්ධතියක් පිහිටුවීමට…

යාල ජාතික වනෝද්‍යානයේ තවත් කලාප කිහිපයක් සංචාරකයින් වෙනුවෙන් විවෘත කෙරේ

යාල ජාතික වනෝද්‍යානයේ තවත් කලාප කිහිපයක් සංචාරකයින් වෙනුවෙන් විවෘත කිරීමට පරිසර අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව, දැඩි සංචාරක තදබදයට මුහුණ දීම සඳහා මේ පියවර ගන්නා බවයි අමාත්‍ය ධම්මික පටබැඳි සඳහන් කළේ. ඒ අනුව ‘අරන්ගමුව’ නමින් නව කලාපයක් හා දැනට…

චිකුන්ගුන්‍යා රෝග ව්‍යාප්තියේ වැඩිවීමක්

චිකුන්ගුන්‍යා රෝග ව්‍යාප්තියේ වැඩිවීමක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. එම රෝග ව්‍යාප්තිය පිළිබඳ පසුගිය දෙසැම්බර් මාසයේ සිට බස්නාහිර පළාතේ තෝරාගත් රෝහල්වල ආවේක්ෂණ ක‍ටයුතු සිදුකළ බවත්, එහිදී බස්නාහිර පළාතේ රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බවට හෙළිවූ බවයි සෞඛ්‍ය අමාත්‍යංශයේ…

පූජිතට-හේමසිරිට එරෙහි නඩුව ජූනි 30දා විභාගයට

පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර සහ හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන්ට එරෙහිව පවරා තිබුණු අපරාධ නඩුව ලබන ජූනි 30දා විභාගයට ගැනීමට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය ඊයේ (15දා) නියෝග කළේය.…

අද පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක්

පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් අද (16) පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. එම රැස්වීමේදී ලබන සතියේ පාර්ලිමේන්තු න්‍යාය පත්‍රය සකස් කිරීම සිදු කෙරෙනු ඇති බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ලබන 20, 21, 22 හා 23 යන දිනයන්හිදී පාර්ලිමේන්තුව රැස්විමට නියමිතයි.

කැබ් රථයක් ප්‍රපාතයකට පෙරළී දෙදෙනෙක් තුවාල ලබයි

කැබ් රථයක් හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයෙන් ඉවතට පැන අඩි 50ක් පමණ පහළින් වූ තේ වත්තකට පෙරළී අද (16) අලුයම අනතුරක් සිදුව තිබෙනවා. අනතුරෙන් කැබ් රථයේ රියදුරා සහ කැබ් රථයේ ගමන් ගත් අයෙක් තුවාල ලබා වටවල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත්…

ආණ්ඩුවට වෙලා තියෙන්නේ, අද ගුරු පත්වීම ලැබිච්ච මිනිහට ඉස්කෝලේ විදුහල්පතිකම දුන්නා වගේ වැඩක් – විමල්

වත්මන් ආණ්ඩුව කිසිදු දෙයක් දුරදිග බලා තීරණ ගැනීමට නොහැකි ආණ්ඩුවක් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා. ලුණු පැකට්ටුවක් රුපියල් 60ක් වීමට වසර 76 ක් ගිය බවත්, මාස 07 ක් තුළ ලුණු පැකට්ටුවක් රුපියල් 400 දක්වා…

Forbes 30 Under 30 Asia ලැයිස්තුවට ශ්‍රී ලාංකිකයින් තිදෙනෙක් ඇතුළත් වෙයි

Forbes සඟරාව විසින් වාර්ෂිකව ප්‍රකාශයට පත් කරනු ලබන, විවිධ ක්ෂේත්‍රවල අවුරුදු 30 ට අඩු කැපී පෙනෙන පුද්ගලයින් ඇතුළත් Forbes 30 Under 30 ලැයිස්තුව සඳහා ශ්‍රී ලාංකිකයින් තිදෙනෙක් ඇතුළත් කර තිබෙනවා. ඒ අනුව The Arts (Art & Style, Food & Drink)…

ගැරඬිඇල්ල ප්‍රදේශයේදී අනතුරට පත් බස් රථය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් පරික්ෂාවට ලක් කෙරේ

කොත්මලේ – ගැරඬිඇල්ල ප්‍රදේශයේදී අනතුරට ලක්වූ බස් රථය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (15) පරීක්ෂාවට ලක් කර තිබෙනවා. ඒ අනුව අදාළ බස් රථය රැගෙනවිත් ගාල්කර ඇති කොත්මලේ පොලිස් ස්ථානයේදී එම දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් එක්ව අදාළ පරීක්ෂා…

රාජකුමාරි ඝාතන නඩු‍වේ විත්තිකරුවන්ට පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණයට දින නියම කෙරේ

2023 වසරේ වැලිකඩ පොලීසිය මඟින් අත්අඩංගුවට ගනු ලැබූ ආර්. රාජකුමාරි නමැති ගෘහ පාලිකා සේවයේ නියුතුව සිටි කාන්තාවකට පහරදී මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින වැලිකඩ පොලිසියේ හිටපු නිලධාරින් තුන් දෙනෙකුට එරෙහි පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ජූලි මස 21 වැනිදා…