Local News

බෝනික්කන් ඇතුළේ කටුනායකට පැමිණි කොකේන් මත්ද්‍රව්‍ය

රුපියල් පනස් එක් කෝටි හැට එක් ලක්ෂ පනස් දහසක් වටිනා කෝකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගත් විදේශීය ගුවන් මගී කාන්තාවක් අද (30)  අලුයම කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 38…

යෝෂිත සහ ඩේසි ෆොරස්ට් නඩුව ජූලි 11 කැඳවීමට නියෝග

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ලබා සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව ගොනු කර තිබෙන මුදල් විශුද්ධිකරණ නඩුව ජූලි මස 11 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර…

අයහපත් කාලගුණයෙන් පවුල් 485ක් පීඩාවට පත්වෙයි

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පවුල් 485කට අයත් පුද්ගලයින් 1757 දෙනෙකු පීඩාවට පත්වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. නිරිතදිග මෝසම් තත්ත්වය සක්‍රිය වීමත් සමග ඊයේ (29) සවස් කාලයේ සිට දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අධික වර්ෂාපතනයක් සහ දැඩි සුළං…

පසුගිය පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය අංගොඩ ප්‍රදේශයට

අයහපත් කාලගුණය සමඟ පසුගිය පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය අංගොඩ ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා‍. ඒ අනුව, එම ප්‍රදේශයට මිලිමීටර් 75.2 ක වර්ෂාපතනයක් ලැබී ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මීට අමතරව වටවල, ඇහැලියගොඩ, දැරණියගල සහ සාලාව යන ප්‍රදේශවලට මිලිමීටර…

අල්ලස් ගත් පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට

ත්‍රිකුණාමලය, කින්නියා පොලිස් ස්ථානයට අනියුක්ත පොලිස් නිලධාරියෙක් අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. රියදුරු බලපත්‍ර නොමැතිව යතුරුපැදි පැදවූ වයස අවුරුදු 17ක ළමයෙක්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකිරීමට ඔහු රුපියල් 10,000ක අල්ලසක් වශයෙන් ඉල්ලා ඇති අතර, පසුව එය…

බදු සතියට සමගාමිව බදු ගෙවන්නන් දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වෙන ස්ථාන ගැන දැනුම්දීමක්

බදු සතියට සමගාමිව බදු ගෙවන්නන් දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වෙන ස්ථාන සහ වේලාවන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. බදු සතිය ජුනි 02 වැනිදා සිට ජුනි 07 වැනිදා දක්වා පැවැත්වෙන බවයි දේශීය ආදයම් දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ප්‍රාදේශීය කාර්යාල 14ක් ආවරණය…

පිරමීඩ ආයෝජන සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සමාගම් අධ්‍යක්ෂක රිමාන්ඩ් කිරීමට නියෝග

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තහනම් කර තිබෙන නීති විරෝධී පිරමිඩ ආයෝජන ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස්, රුපියල් කෝටි 225කට අධික මුදලක් නීති විරෝධී ලෙස හුවමාරු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම සමාගමේ අධ්‍යක්ෂවරයෙකු ලබන 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස…

පූජ්‍ය බණ්ඩාරවෙල අමිතානන්ද හිමියෝ අපවත් වෙති

ශ්‍රී ලංකාවේ ප්‍රකට ධර්ම දේශකයාණන් වහන්සේනමක් වූ පුජ්‍යපාද බණ්ඩාරවෙල අමිතානන්ද හිමියන් අද(29) දහවල් අපවත්විය. ඒ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීය. කලක සිට රෝගී තත්වයෙන් පසු වූ උන්වහන්සේ කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියේය. දෙල්ගොඩ යොවුන් සිතට දහම් සිසිල…

ලංකා T-10 තරග පාවා දීමේ සිදුවීමට Galle Marvels හිමිකරුට අත්හිටවූ සිර දඬුවම්

රීඩා සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත යටතේ තරග පාවාදීමේ චෝදනාවකට වරද පිළිගත්, ලංකා T10 ලීගයේ Galle Marvels කණ්ඩායමේ හිමිකරු වූ ඉන්දියානු ජාතික ප්‍රේම් තක්කාර්ට වසර 10කට අත්හිටවූ වසර දෙකක සිර දඬුවමක් නියම කර තිබෙනවා. ඔහුට රුපියල් මිලියන 06ක දඩයක් ද නියම…

ඇමති බිමල්ට එරෙහි චෝදනාවක් ගැන විමර්ශනයක් ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්

රේගුවේ බහාලුම් තොගයක් නිදහස් කිරීම සම්බන්ධයෙන් බිමල් රත්නායක අමාත්‍යවරයාට එල්ල වන චෝදනා පිළිබඳ විමර්ශනයක් කරන්නැයි ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව හිටපු අමාත්‍යවරුන් වන දයාසිරි ජයසේකර සහ උදය ගම්මන්පිල විසින් සිදුකර ඇති ‍චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් කරන…