Category Local News

නිල්ගල වනාන්තරයේ හෙක්ටයාර 40,000ක් රක්ෂිතයක් බවට පත් කෙරේ

2025 ජගත් පරිසර දින ජාතික වැඩසටහනට සමගාමීව මොනරාගල, නිල්ගල වනාන්තරයේ හෙක්ටයාර් 40,000 ක පමණ ප්‍රමාණයක් රක්ෂිතයක් බවට පත් කිරිමේ උත්සවය හා රක්ෂිතය ගැසට් කිරීමට අදාළ ලියවිලි සඳහා අත්සන් තැබීම ඊයේ (02) සිදු වුණා. ඒ අනුව පරිසර අමාත්‍ය වෛද්‍ය දමිත පටබැඳිගේ…

සූකර කර්මාන්තය නඟා සිටුවීමට විශේෂ කාර්ය සාධක බලකායක්

අප්‍රිකානු සූකර උණ වසංගතය හේතුවෙන් මෙරට සූකර කර්මාන්තය දැඩි අර්බුදයකට ලක්වූ අතර, එය යළි නඟා සිටුවීම සඳහා විශේෂ කාර්ය සාධක බලකායක් පත්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා. මේ වනවිට සූකර ගොවිපොළ 1,594ක මෙම රෝගය ව්‍යාප්ත වී ඇති අතර, එමගින් ඌරන්…

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට දේශීය සිසුන් ඇතුලත් කර නොගැනීමට ගෙන තිබෙන තීරණයට එරෙහිව පෙත්සමක්

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය උපාධිය හැදෑරීම සඳහා දේශීය සිසුන් ඇතුලත් කර නොගැනීමට ගෙන තිබෙන තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිසුන් පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. ෆාතිමා…

අද සිට දිවයින පුරා බදු ගෙවන්නන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහන් ආරම්භ කෙරේ

රජය විසින් ප්‍රකාශයට පත් කර ඇතී බදු සතියට සමගාමීව අද (03) සිට බදු ගෙවන්නන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව ජාතික බදු සතියට සමගාමීව ‘බදු ශක්ති’ නමින් මෙම වැඩසටහන ලබන 08 වැනිදා දක්වා…

පියසේන ගමගේ අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය පියසේන ගමගේ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව අල්ලස් කොමිසමෙන් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව පැය 03කට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව ඔහු අල්ලස් කොමිසමෙන් පිටව ගොස් ඇති බවයි සඳහන් වෙන්නේ. අල්ලස් කොමිසම විසින් සිදුකළ කැඳවීමක් අනුව හිටපු අමාත්‍යවරයා මෙලෙස අල්ලස්…

විදුලි ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් බස්නාහිර පළාතේ මහජන අදහස් ලබා ගැනීම අද

විදුලි ගාස්තු වැඩි කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කර ඇති යෝජනාවලිය සම්බන්ධයෙන් බස්නාහිර පළාතේ මහජන අදහස් ලබා ගැනීම අද (03) සිදු කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව, අද පෙරවරු 8.30 සිට පස්වරු 4.00 දක්වා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අදාළ…

ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අගමැති දිවයිනට පැමිණෙයි

ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආරක්ෂක අමාත්‍ය රිචඩ් මාර්ලස් නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ තිබෙනවා. ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා සමඟ 15 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් ඔස්ට්‍රේලියාවේ ආරක්ෂක අමාත්‍යංශයට අයත් විශේෂ ගුවන් යානයකින් දිවයිනට පැමිණ ඇති බවයි සඳහන් වෙන්නේ. ඔවුන් පිළිගැනීම සඳහා මහජන…

අද කාලගුණ නිවේදනය

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතෙත්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය…

ලෝක රූ රැජින තරගයට ගිය අනුදි යළි දිවයිනට

ඉන්දියාවේ පැවති 72 වැනි ලෝක රූ රැජින තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළ අනුදි ගුණසේකර අද (02) යළි දිවයිනට පැමිණියේය. එහි අවසන් මහා තරගය පසුගිය මැයි මස 31 වැනිදා ඉන්දියාවේ තෙලඟනා හි හයිද්‍රාබාද් නුවර දී පැවැත්වුණු අතර ලොව පුරා රටවල්…

ජාවාරම්කාර කළු යාන්ත්‍රණය සම්පූර්ණයෙන් බිඳ දැමීමට කටයුතු කරනවා – ජනපති

බදු ගෙවන සියලු දෙනාගේ සෑම රුපියලක්ම ආරක්ෂා කරන බවට තමා සහතික වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ඒ අනුව මහජනතාවගේ මුදල් නාස්තිය අවම කරන බවට ලබාදෙන පළමු ආදර්ශය එය බවයි ‘බදු ශක්ති’ නමින් ක්‍රියාත්මක වන බදු සතිය ආරම්භ කිරීමේ…