Category Local News

පන්දාහේ ව්‍යාජ නෝට්ටු එක්ක හතරක් දැලේ

රුපියල් පන්දාහේ ව්‍යාජ මුදල් නෝට්ටු කොළ එකසිය හතලිස් පහක් සහ ඒවා මුද්‍රණය කිරීමට භාවිතා කරන ලද ලැප්ටොප්, පරිගණක සහ තවත් උපකරණ කිහිපයක් සමග සැකකරුවන් සිව්දෙනකු අද (18) අලුයම කළ වැටලීමකදී අනුරාධපුරය මැදවච්චිය ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් බව හබරණ පොලිසිය පවසනවා. ප්‍රධාන…

නව දියවඩන නිලමේවරයා පත් කිරීමේ නිලවරණය නොවැම්බර් 7 වැනිදා

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ නව දියවඩන නිලමේවරයා පත් කිරීමේ නිලවරණය නොවැම්බර් 7 වැනිදා පැවැත්වීමට නියමිත බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරනවා. ඒ අනුව එම නිලවරණය දළදා මාලිගාව අසල පිහිටි ‘බෞද්ධ මන්දිරය’හිදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි කොමසාරිස් ජනරාල්වරයා පවසන්නේ.

‘මේ අන්තිම වතාවට කියන්නේ.. කරන්න බැරිනම් අස්වෙලා යන්න‘

දුම්රිය සේවාව නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට නොහැකි නිලධාරින්ට සේවයෙන් ඉවත්ව යා හැකි බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කරයි. අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ, දුම්රිය නිසි පරිදි නඩත්තු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අපොහොසත් වී ඇති බවය.…

විදුලි සේවකයින් අදත් ලෙඩ නිවාඩු වාර්තා කරයි

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයට එරෙහිව විදුලි සේවකයින් ආරම්භ කළ ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියා මාර්ගය අදත් ක්‍රියාත්මක වනවා. විදුලි සේවකයින් ඊයේ (18) දිනයේද ලෙඩ නිවාඩු වාර්තා කළ අතර, පසුව ඔවුන් විදුලිබල මණ්ඩල මූලස්ථානය ඉදිරිපිටදී විරෝධතාවයක්ද පවත්වා තිබුණා. කෙසේ නමුත් සිය…

අද කාලගුණ නිවේදනය

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව සහ උතුරු පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ…

බඩඉරිඟු ආනයනය කර රජයට කෝටි 12 ක පාඩුවක් කරලා

ජාතික ආහාර ප්‍රරවර්ධන මණ්ඩලය සතු බලපත්‍රයක් උපයෝගී කරගනිමින් බඩ ඉරිගු මෙට්‍රික් ටොන් විසිපන්දහසක් ආනයනය කර රජයට රුපියල් කෝටි දොළහකට අධික පාඩුවක් සිදුකළ බව කියන සැකකාර පුද්ගලයකු ලබන 19 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියාන් වරුෂ…

සම්පත් මනම්පේරී අධිකරණයට භාරවෙයි

අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටින සම්පත් මනම්පේරි නමැත්තා අධිකරණයට භාරවී තිබෙනවා. ඒ අනුව, අද (17) දහවල් ඔහු වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට භාරවී ඇති බවයි සඳහන් වෙන්නේ. මිද්දෙණියේදී අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට යොදාගන්නා බවට සැක කෙරෙන රසායනික ද්‍රව්‍ය කන්ටේනර් දෙකක් සොයා ගැනීමේ සිද්ධියට ඔහුට…

තියුණු ආයුධයකින් පහරදී තරුණයෙකු මරුට

කොටහේන පොලිස් වසමේ බෝධිරාජ මාවත ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු ඊයේ (16) කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව කොටහේන පොලිසිය සඳහන් කරනවා. මෙසේ මියගොස් ඇත්තේ, වයස අවුරුදු 35ක් වූ කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මරණකරු…

ගම්මන්පිල අත්අඩංගුවට ගැනීම වැළැක්වීමට ඉදිරිපත් කළ පෙත්සම සැප්තැම්බර් 24 කැඳවීමට නියෝග

තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල  විසින් ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීම සඳහා ලබන 24 වැනිදා කැදවන ලෙස අභියාචනාධිකරණය විසින් නියෝග කර තිබෙනවා. ඒ අනුව, අදාළ නඩුව අද (17) කැඳවූ අවස්ථාවේදී, පෙත්සම්කාර උදය…

දියවඩන නිලමේ ධුරය ගැන මතුව ඇති තත්ත්වය ගැන මහා නාහිමිවරුන්ගෙන් නිවේදනයක්

දියවඩන නිලමේ ධුරය සම්බන්ධයෙන් සිදු කෙරෙන අපහාසාත්මක සංවාද සහ එමඟින් ශ්‍රී දළදා මාළිගාවේ, උභය මහා විහාරයන්ගේ හා සමස්ත බෞද්ධ සමාජයේ ගෞරවයට සිදු වන හානිය පිළිබඳව දැනුවත් කරමින්, මල්වතු – අස්ගිරි මහා නාහිමිවරුන් විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, පුද්ගලික…