Category Local News

හක්කා පටස් සහ චීන පටස් සොයා දිවයින පුරා මෙහෙයුම්

නීතිවිරෝධීව නිෂ්පාදනය කරනු ලබන හක්කා පටස් සහ චීන පටස් භාවිත කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය පෙන්වා දෙන්නේ, රතිඤ්ඥා හා ගිනිකෙළි කර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදනවලට නිකුත් කරනු ලබන අමුද්‍රව්‍ය භාවිත කරමින්…

සරසවි ඇදුරන් අද වර්ජනයක

වැටුප් විෂමතාව සහ ආචාර්යවරුන්ගේ හිඟය ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් දිවයින පුරා රාජ්‍ය විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් අද සංකේත වර්ජනයක නිරත වනවා. කොළඹ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ ලේකම්, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ සඳහන් කළේ මේ හේතුවෙන් විශ්වවිද්‍යාලවල විභාග…

“ගෝඨා ආණ්ඩුව කාලේ සෙවනගල ලාභ ලැබුවා.. අද ඉන්දියාවට තුට්ටු දෙකට විකුණන්න හදනවා”

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව සමයේ සෙවනගල සීනි කර්මාන්ත ශාලාව ලාභ ලැබූ බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පවසනවා. එමෙන්ම එය අද කුණුකොල්ලයට ඉන්දියාවට විකිණීමට සූදානම්වන බවයි ඔහු පැවසුවේ. ඔහු මේ බව සඳහන් කර සිටියේ ඊයේ (30) හිරු සලකුණ…

තාවකාලික රියදුරු බලපත්‍ර නුගේගොඩින්

රියදුරු බලපත්‍ර අලුත් කිරීමේදී තාවකාලික රියදුරු බලපත්‍ර අද (30) සිට නුගේගොඩ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් නිකුත් කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව (RMV) පවසනවා. ඒ අනුව, බලපත්‍ර අලුත් කරන අයදුම්කරුවන්ට තවදුරටත් වේරහැර RMV කාර්යාලය වෙත ගමන් කිරීමට අවශ්‍ය නොවන බවයි…

එළවලු මිල පහළට

මේ වන විට වෙළදපොලේ එළවළු තොග මිල පසුගිය කාලසීමාවට සාපේක්ෂව සැලකිය යුතු මට්ටමකින් පහළ බැස තිබෙනවා. දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ කළමනාකරණ භාරය සදහන් කළේ දෛනිකව ලැබෙන එළවලු තොග ඉහළ යාම හේතුවෙන් මෙලෙස මිල පහත බැස ඇති බවයි. ඒ අනුව කැරට්,…

අද කාලගුණ නිවේදනය

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද,…

රටේ නීතිය නිවැරදිව ක්‍රියාත්මක වෙනකොට, සමාජයේ බෙදීමක් හදන්න බංකොලොත් කඳවුර කටයුතු කරමින් ඉන්නවා – චන්දන සූරියආරච්චි

රටේ නීතිය නිවැරදිව ක්‍රියාත්මක වෙමින් ඇති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි පවසනවා. එසේම නීතිය ක්‍රියාත්මක කරන අදාළ ආයතන නිවැරදිව කටයුතු කරමින් ඇති බවද මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළා. එලෙස නීතිය ක්‍රියාත්මක වෙමින් තිබෙන විට, අදාළ…

ආණ්ඩුව මඩ ගහලා නොහැකියාව වහගන්න හදනවා – ජොන්ස්ටන්

වත්මන් ආණ්ඩුව විසින් අනෙකාට මඩ ගසා තමන්ගේ නොහැකියාව වසා ගැනීමට කටයුතු කරමින් ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසනවා. එහෙත් මිනිසුන් බලාපොරොත්තු වන්නේ තමන්ට ලබාදුන් පොරොන්දු ඉටු කිරීම හා රටේ සංවර්ධනය බවයි ජන හමුවක් අමතමින්…

කාලෙකට පස්සේ රනිල් මහත්තයා අපේ ගෙදරින් කෝපි කෝප්පයක් බිව්වා – නාමල්

විපක්ෂය එකතු වන්නේ ආණ්ඩු පෙරළීමට නොව, රට හැදීම සඳහා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා. ඉතිහාසයේ ද විවිධ පුද්ගලයින් දේශපාලනික වශයෙන් එකතු වී ඇත්තේ පුද්ගලයින් පැරදවීමට බවත්, සන්ධානගත විය යුත්තේ සිය පක්ෂයේ ප්‍රතිපත්ති මෙන්ම රටේ ප්‍රතිපත්ති…

රට තුළ සමලිංගිකත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා කිසිදු රජයකට ඉඩ දෙන්නේ නැහැ – කාදිනල් හිමිපාණන්

රට තුළ සමලිංගිකත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා කිසිදු රජයකට ඉඩ ලබා නොදෙන බව අගරදගුරු අතිඋතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පවසනවා. රටේ දරු පරම්පරාවට අගතිගාමීත්වයට යොමු කිරීමට ඉඩ ලබාදිය නොහැකි බවයි නිට්ටඹුව තිහාරිය ප්‍රදේශයේ අභිනවයෙන් ඉදිකළ ගණ්ඨක දේව මැදුරේ ප්‍රථම යාඥාවට එක්වෙමින්…