Category Local News

ඉන්දියාවෙන් ලැබුණු ජීප් රථ නිසා හමුදාවට වසරකට රු. මිලියන 18ක ඉතිරියක්

ඉන්දීය යුද හමුදාපති උපේන්ද්‍ර ද්ව්වේදි විසින් ශ්‍රීලංකා යුද්ධ හමුදාවට ප්‍රධානය කළ නව ජීප් රථ 20ක් භාවිතයට ගැනීමත් සමඟ, ශ්‍රී ලංකා යුද හමුදාවට මසකට රුපියල් මිලියන 1.5ක මුදලක් ඉතිරි කර ගැනීමට හැකි වී තිබේ. මෙම ජීප් රථ තොගය ඉන්දීය යුද හමුදාපතිවරයාගේ…

Lanka Ride අවසන් දින අනුරපුරෙන් ඇරඹෙයි

ලේක්හවුස් ආයතනයේ මාධ්‍ය අනුග්‍රහ‍යෙන්, ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහතාගේ උපදෙස් අනුව, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව සංවිධානයෙන් ඇරඹි Lanka Ride පාපැදි සවාරියේ අවසන් දිනය අදයි. ඒ අනුව අනුරාධපුර මහජන ක්‍රීඩාංගණය අසලින් තරගය අද [18] ආරම්භ විය. එහිදි ඔතප්පුව හංදියට පැමිණ විල්පත්තුව…

නන්දන ගුණතිලක අභාවප්‍රාප්ත වෙයි

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ජනාධිපතිවරණ අපේක්ෂකයකු සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ නන්දන ගුණතිලක අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ අනුව මිය යන විට ඔහු 64 වැනි වියේ පසු වී තිබෙනවා. අසනීප තත්ත්වයක් හේතුවෙන් ටික කලක් තිස්සේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු රාගම ශික්ෂණ…

අද කාලගුණ නිවේදනය

අද (18) දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියළි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව හිමිදිරි උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල්තුහින ඇති වීමේ හැකියාවක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු මැද සහ…

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ආපස්සට ගන්නේ නැහැ – හරිනි අමරසූරිය

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ පරිවර්තනීය වෙනස සිදු කිරීමෙන් අඩියක්වත් පිටුපසට ගෙන නොමැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. පුත්තලම කලාපයේ අධ්‍යාපන නිලධාරීන් සහ විදුහල්පතිවරුන් සමඟ අද (17) පැවැති සාකච්ඡාවකට එක්වෙමින් ඇය ප්‍රකාශ කළේ, දියත් කළ සැලසුම් ඒ ලෙසටම ක්‍රියාත්මක කරන බවය.…

පොලිස් විශේෂ මෙහෙයුමෙන් පුද්ගලයින් රැසක් අත්අඩංගුවට

අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා පොලිස්පතිවරයාගේ උපදසේ මත දිවයින පුරා ක්‍රියාත්මක වන විශේෂ මෙහෙයුමේ දෛනික වාර්තාවක් පොලීසිය විසින් නිකුත් කර තිබේ. දිවයින පුරා අපරාධවලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කොට්ඨාස මට්ටමින් සියලුම ප්‍රාදේශීය පොලිස් ස්ථාන ආවරණය වන පරිදී මෙම විශේෂ…

රථ වාහන වැරදි සඳහා අකුසලතා ලකුණු ලබාදීමේ ක්‍රමවේදය ජුලි අග සිට

රථ වාහන නීති උල්ලංඝනය කරන රියදුරන් සඳහා අකුසලතා ලකුණු ලබාදීමේ ක්‍රමවේදය එළැඹෙන ජුලි මාසයේ අග භාගයේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර මහතා පවසයි. කෑගල්ල ප්‍රදේශයේදී…

රියැදුරු බලපත්‍රයට අකුසලතා ලකුණු දීමේ ක්‍රමය ළඟදීම

රියැදුරු බලපත්‍රයට අකුසලතා ලකුණු එකතු කිරීමේ ක්‍රමවේදය ඉදිරි මාස කිහිපය තුළදී ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව පොලිසිය සඳහන් කරනවා. එසේම අනතුරුදායක උපාංගවලින් යුත් නව්‍යකරණ කොටස් ඉවත් කර නොගන්නා බස්, ත්‍රීරෝද රථ ඇතුළු වාහනවලට එරෙහිව, මෝටර් රථ පරීක්ෂකවරුන්ගෙන් තහනම් නියෝග…

පෞද්ගලික බැංකුවකින් මිලියන 290ක් අස්ථානගත වීමේ සිද්ධියට අදාලව සැකකරුවන් 19ක් රිමාන්ඩ්

පෞද්ගලික බැංකුවක මිලියන 290ක් අස්ථානගත වීමේ සිද්ධියට අදාලව එම බැංකුවේ සේවකයකු ඇතුලු සැකකරුවන් 19 දෙනෙකු ලබන 30 දක්වා රක්ෂිත බන්ධනාගාරගත ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂද මහආරච්චි ඊයේ (16) නියෝග කළා. පෞද්ගලික බැංකුවක රුපියල් මිලියන 290 ක අස්ථානගත වීමේ නඩුව අධිකරණය…

ට්‍රැක්ටරයක් පෙරළී රියදුරා මරුට

ට්‍රැක්ටරයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී සිදුවූ අනතුරකින් රියදුරු තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ. මඩොල්සිම පස්සර මාර්ගයේ මාළිගාතැන්න දෙසට ඇති අතුරු මාර්ගයේ බෑවුම් සහිත ස්ථානයකදී ඊයේ (16) උදෑසන මෙම අනතුර සිදුවී ඇත.  අනතුරෙන් මියගොස් ඇත්තේ වයස…