Category Local News

මහින්දගේ ආරක්ෂක නෙවිල් වන්නිආරච්චි රිමාන්ඩ්

අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී නෙවිල් වන්නිආරච්චි මේ මස 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (2) නියම කළේය. අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු විසින් ඉදිරිපත්…

යාල්දේවි දුම්රිය කාලසටහනේ වෙනසක්

යාල්දේවි ශිඝ්‍රගාමි දුම්රිය කාලසටහනේ ඔක්තෝබර් මස 7 වැනිදා සිට 18 වැනිදා දක්වා තාවකාලිකව වෙනසක් සිදු කෙරෙන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය සදහන් කරයි. උතුරු දුම්රිය මාර්ගයේ වව්නියාව – ඕමන්ත අතර දුම්රිය මාර්ග කොටසෙහි සිදුකරන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම වෙනස…

කෝප් කමිටුව යටතේ අධීක්ෂණය වන රාජ්‍ය ආයතන 457ක ප්‍රධානීන්ට වැඩමුළුවක්

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ විමර්ශනයට ලක්වන රාජ්‍ය ආයතන 457 ක ප්‍රධානීන් සඳහා විශේෂ දැනුවත් කිරීමේ වැඩමුළුවක් අද පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා. අදාළ ආයතනවල සභාපති, අධ්‍යක්ෂ ජනරාල්, ප්‍රධාන විධායක නිලධාරී හෝ ‍වෙනත් ප්‍රධාන තනතුරු දරන 700කට ආසන්න පිරිසක් කණ්ඩායම්…

ටින්කර් රිමාන්ඩ්

පෑලියගොඩ ප්‍රදේශයේ මැණිං වෙළඳසැල අසළදි පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර තවත් පුද්ගලයෙකුට බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ අපරාධකරුවන්ට අවශ්‍ය ගිනි අවිය සහ වෙඩික්කරු ප්‍රවාහනය කිරීමට අදාළව සැකපිට අත්අඩංගුවට ගෙන පොලිසිය භාරයේ රඳවා තබා ගැනීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කළ කුඩු සෙල්වි…

ගාල්ල බන්ධනාගාරයේ ගින්නක්

ගාල්ල බන්ධනාගාරයේ ගින්නක් හටගෙන තිබෙන බව වාර්තා වෙනවා. ඒ අනුව, ගින්න පාලනය කිරීම සඳහා ගාල්ල මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකයේ රථ 02 ක් පිටත්කර යවා ඇති බවයි සඳහන් වන්නේ.

ICTA ආයතනය ඈවර කිරීමට කටයුතු කරනවා – ඩිජිටල් නියෝජ්‍ය අමාත්‍ය

ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) ඈවර කිරීමට පියවර ගනිමින් සිටින බව ඩිජිටල් ආර්ථිකය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න පවසනවා. ලෝක බැංකු සහයෝගය ඇතිව ආරම්භ කරන ලද මෙම ආයතනය දැන් ගොඩගත නොහැකි මට්ටමකට අභාවයට ගොස් ඇති බවයි ඔහු සඳහන්…

හිටපු ජනපති මහින්දගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී නෙවිල් අත්අඩංගුවට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වන නෙවිල් වන්නිආරච්චි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ප්‍රකාශයක් ලබාදීම සදහා එම කොමිසමට පැමිණි අවස්ථාවේදී ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

දේශපාලනඥයින් තිස් දෙනෙකුගේ වත්කම් ගැන විමර්ශන

හිටපු මැති ඇමතිවරුන් ඇතුළු දේශපාලනඥයින් තිස් දෙනෙකුගේ වත්කම් සම්බන්ධයෙන් වත්කම් විමර්ශන අංශය මගින් විමර්ශන ආරම්භ කර ඇති බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කරනවා. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මහජනතාවගෙන් ලැබුණු පැමිණිලි අනුව මෙම විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව…

කතරගම වෙහෙරගල ජලාශයේ අභ්‍යන්තරයේ අද විශේෂ මෙහෙයුමක් – පොලීසිය

කතරගම වෙහෙරගල ජලාශයේ අභ්‍යන්තරයේ අද විශේෂ මෙහෙයුමක් කරන බව පොලිසිය පවසයි. එම මෙහෙයුමට , නාවික හමුදා කිම්දුම් කණ්ඩායම් 6 ක් සහභාගි වනු ඇත. එම ජලාශයේ තිබී මැගසින් ඇතුළු උපකරණ තොගයක් සොයා ගැනීමත් සමඟ, මෙම අභ්‍යන්තර මෙහෙයුම සිදු කිරිමට තීරණය කර…

ප්‍රමිති පිරිවිතරවලින් ආවරණය විය යුතු භාණ්ඩවලට අති විශේෂ ගැසට් නිවේදනයක්

ප්‍රමිති පිරිවිතරවලින් ආවරණය විය යුතු භාණ්ඩ SLS සහතිකය නොමැතිව නිශ්පාදනය , ඇසිරීම , බෙදාහැරීම , ප්‍රවාහනය , ගබඩා කිරිම හෝ විකිණීම නොකළ යුතු බව දන්වමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ , පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින්. 2026…