Category Local News

අසත්‍ය පුවත් සමාජගත කරන්නන්ට එරෙහිව නීති පියවර

ආපදා අව­ස්ථා­වක, සමස්ත රටේ ජන­තාව එක්ව සිටින මේ මොහොතේ සදා­චාර විරෝධී ලෙස සත්‍ය­යෙන් තොර පුවත් සමා­ජ­ගත කරන පුද්ග­ල­යන්ට එරෙ­හිව දැඩි නීති­මය පිය­වර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකා­ශක සහ­කාර පොලිස් අධි­කාරි එෆ්.යූ. වුට්ලර් මහතා පැවැ­සීය. එමෙන්ම සදා­චාර විරෝ­ධීව සත්‍ය­යෙන් තොර පුවත්…

අද උදෑසන 6.00 ට කැලණි ගඟේ ජල මට්ටම

කැලණි ගංගා ද්‍රෝණියේ ජල මට්ටම සම්බන්ධයෙන් නවතම යාවත්කාලීන කිරීම මේ වන විට වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව අද උදෑසන 6.00 වන විට නාගලගම් වීදිය ජල මාපකයේ අගය අඩි 7.50 ක් ලෙස ජලය මේ වන විට ක්‍රමයෙන් අඩුවෙමින්…

විදේශීය පරිත්‍යාගශීලීන් ලබාදෙන අත්‍යවශ්‍ය භාණ්ඩ තීරුබදු සහ ගාස්තුවලින් තොරව ගෙන්වීමට ක්‍රමවේදයක්

විදේශීය පරිත්‍යාගශීලීන් විසින් ආපදාවට ලක්වූ ජනතාව වෙත ලබාදෙන අත්‍යාවශ්‍ය භාණ්ඩ තීරු බදු සහ ගාස්තුවලින් තොරව ගෙන්වීමට රජය විසින් ක්‍රමවේදයක් සකස් කිරීමට පියවර ගෙන තිබෙනවා. දැනට රටේ පවතින ව්‍යසන තත්ත්වයෙන් ආපදාවට පත් වූ ජනතාව වෙත අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීම සඳහා විදෙස්…

අද උතුරු සහ දකුණු පළාත්වලට වැසි

උතුරු සහ දකුණු පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල පස්වරු 2.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන්…

චීනවරාය ප්‍රදේශයේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට

(01) රාත්‍රියේ චීනවරාය පොලිස් වසමේ 05 කණුව ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර පළාගොස් ඇති බවයි පොලීසිය සඳහන් කරන්නේ. වෙඩි තැබීමෙන් මිය ගොස් ඇත්තේ…

මහවැලි ගංගා ද්‍රෝණිය සඳහා නිකුත් කල ගංවතුර අනතුරු ඇඟවීම පැය 48 ක් දීර්ඝ කෙරේ

පසුගිය 29 වැනිදා ප.ව.12.30 ට මහවැලි ගංගා ද්‍රෝණිය සඳහා නිකුත් කල ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදන අංක 08 හි සඳහන් කළ අනතුරු ඇඟවීම ඉදිරි පැය 48 සඳහා ද දීර්ඝ කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. එබැවින් එම ප්‍රදේශවල පදිංචි මහජනතාව ඒ…

හිටපු ජනපති රනිල් විසින් බදාදා පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබෙනවා – වජිර

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ විසින් විපක්ෂයේ දේශපාලන පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබෙනවා. ඒ අනුව, එළඹෙන බදාදා (03) දින කොළඹ මල් පාරේ පිහිටි දේශපාලන කාර්යාලයට සියලු පක්ෂ නායකයින් රැස්වීමට නියමිත බවයි සඳහන් වෙන්නේ. දරුණු ස්වභාවික විපතකදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නායකත්වය…

අනවශ්‍ය ලෙස භාණ්ඩ තොග රැස් කරන්න එපා – පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය

ඇති වී තිබෙන ආපදා තත්ත්වය මත, භාණ්ඩ රැස් කිරීමට අනවශ්‍ය කලබලයක් ඇති කර ගත යුතු නැති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා. අනවශ්‍ය තොග රැස් කිරීමෙන් වැළකී, තමන්ට අවශ්‍ය ප්‍රමාණයට පමණක් භාණ්ඩ මිලදී ගන්නා ලෙසයි එම අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.…

ගුවන් යානා මගින් සහන මෙහෙයුම් සිදුකරන ප්‍රදේශවල ඩ්‍රෝන යානා ක්‍රියාත්මක කරන්න එපා – ගුවන් හමුදාව

ආපදා සහන කටයුතුවලදී ඩ්‍රෝන යානා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදා විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, මානුෂීය ආධාර සහ ආපදා සහන මෙහෙයුම් අතරතුර ඩ්‍රෝන මෙහෙයුම්  ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලංකා ගුවන් හමුදාව මඟින් කරනු ලබන ගුවන් මෙහෙයුම් සඳහා…

විදෙස් ආධාර කළමනාකරණයට හදිසි ඒකකයක් ස්ථාපිත කෙරේ

ගංවතුර හා නාය යෑම් හේතුවෙන් පීඩාවට පත්ව සිටින ශ්‍රී ලාංකිකයින්ගේ සහන සේවා කළමනාකරණය කිරීම සහ විධිමත් කිරීමට විදේශ කටයුතු, විදේශ රැකියා අමාත්‍යාංශය සහ සංචාරක අමාත්‍යාංශය එක්ව හදිසි සම්බන්ධීකරණ ඒකකයක් ස්ථාපිත කර තිබෙනවා. ඒ අනුව විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලවලින්,…