Category Local News

ළමුන් අතර බෝ නොවන රෝග වැලඳීමේ ප්‍රවණතාව ඉහළට

මෙරට ළමුන් අතර බෝ නොවන රෝග වැළඳීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ අංශයේ අධ්‍යක්ෂිකා, ප්‍රජා වෛද්‍ය විශේෂඥ මොනිකා විජේරත්න පවසනවා. ඒ අනුව, ළමුන් අතර දියවැඩියාව, අධික රුධිර පීඩනය ඇතුළු බෝ නොවන රෝග වැළඳීමේ අවදානම ඉහළ ගොස් ඇති…

විදේශ කටයුතු ඇමති හා මෙරට ඉරාන තානාපතිවරයා අතර හමුවක්

විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් ශ්‍රී ලංකාවේ ඉරාන තානාපතිවරයා හමුවී සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. කලාපීය සාමය සහ ස්ථාවරත්වය සඳහා තිරසර රාජතාන්ත්‍රික උත්සාහයන්හි වැදගත්කම අමාත්‍යවරයා විසින් ඉරාන තානාපතිවරයාට අවධාරණය කර ඇති බවයි සඳහන් වෙන්නේ. එසේම එහිදී ඉරානයේ සිටින ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන්…

පොළොන්නරුවේ CTB – ප්‍රයිවට් බස් ගැටුමට එරෙහිව බස් වර්ජනයක්

පොළොන්නරුව බස් නැවතුම්පොළේදී ලංකා ගමනාගමන මණ්ඩලයට (CTB) අයත් සේවකයන් සහ පෞද්ගලික බස් රථ සේවකයන් අතර ඇතිවූ ගැටුමකට විරෝධය පළ කරමින් අද (26) බස් රථ වර්ජනයක් සිදු කිරීමට තීරණය කර තිබෙනවා. පොළොන්නරුව බස් නැවතුම්පොළේදී ඇති වූ මෙම ගැටුමෙන් ඩිපෝ කළමනාකරුවෙක් ඇතුළු…

අද කාලගුණ නිවේදනය

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි අතර ඇතැම් ස්ථානවල මි.මී. 50 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. අනුරාධපුර සහ මාතලේ දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇතිවිය…

ජූලි 01 සිට බස් ගාස්තුව 2.5%කින් අඩු වේවි – ගැමුණු විජේරත්න

ජූලි පළමුවැනිදා සිට බස් ගාස්තු 2.5% කින් අඩු වනු ඇති බව ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා. ජුලි 01 වැනිදා සිදුකිරීමට නියමිත වාර්ෂික බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ප්‍රවාහන බලධාරීන් සහ බස් සංගම් අතර පැවති…

රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික පෙරහැර මංගල්‍යය අද සිට ‍ආරම්භ වෙයි

රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික පෙරහැර මංගල්‍යය අද (26) සිට ලබන ජූලි 10 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව, එම පෙරහැර මංගල්‍යය පැවැත්වෙන කාලසීමාව තුළ බැතිමතුන්ගේ ආරක්ෂාව සහ රථවාහන පාලනය සඳහා පොලිස් නිලධාරීන් 1,050ක පිරිසක් යොදවා ඇති බව පොලීසිය…

දේශබන්දුට එරෙහි විමර්ශනයේ සාක්ෂිකරුවන්ගේ සාක්ෂි දීම අවසන්

ධුරයේ රාජකාරි කිරීම අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ විසින් සිදුකර ඇතැයි කියන විෂමාචාර සහ සිය ධුරයේ බලතල බරපතළ අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත්කළ පාර්ලිමේන්තු කමිටුව විසින් ඔහුගේ සාක්ෂි ලැයිස්තුවේ සිටින පිරිසගේ සාක්ෂි ලබාගැනීම අවසන් කර…

නවක වදය ඇතුළු සියලු ආකාරයේ හිංසනයන් වැළැක්වීම සඳහා කාර්ය සාධක බළකායක්

නවක වදය ඇතුළු සියලු ආකාරයේ හිංසනයන් වැළැක්වීම සඳහා කාර්ය සාධක බළකායක් පත් කර තිබෙනවා. විෂය භාර අමාත්‍යවරිය වන, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ උපදෙස් මත, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව විසින් මෙම කාර්ය සාධක බළකාය පත්කර…

රාජ්‍ය සේවයට අලුතෙන් 30,000ක් බඳවා ගැනීමේ කටයුතු ආරම්භ වෙයි

රාජ්‍ය සේවයට අලුතෙන් 30,000ක් බඳවා ගැනීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා. රාජ්‍ය සේවයට එකවර මෙවැනි විශාල පිරිසක් බඳවා ගැනෙන්නේ වසර 07කට පමණ පසුව වීම විශේෂත්වයක් වනවා. රාජ්‍ය පරිපාලන…

රුපියල් කෝටි පහකට අධික මුදල් වංචා කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

රුපියල් කෝටි පහකට අධික මුදල් වංචාවක් සම්බන්ධයෙන් කිරුලපන ප්‍රදේශයේදී පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. විදෙස් රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයන් 150 දෙනෙකුගෙන් පමණ මුදල් වංචා කළේ යැයි ඔහුට විරුද්ධව කොම්පඤ්ඤවීදිය පොලීසියට ලද පැමිණිල්ලකට අනුව ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.…