Category Local News

41වන ලෝක විවාහක රූ රැජින තරඟයේ තෙවන ස්ථානය ශ්‍රී ලංකාවට

අමෙරිකාවේ පැවති 41වන ලෝක විවාහක රූ රැජින තරගයේ කිරුළ දිනාගැනීමට තායිලන්තය නියෝජනය කළ තරගකාරිය සමත්ව තිබේ. මෙම තරගය මෙරට වේලාවෙන් අද (30) පෙරවරුවේ අවසන් විය. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම තරගයට සහභාගී වූ සබීනා යූසෆ් අවසන් තිදෙනා අතරට පැමිණීම විශේෂත්වයක්…

නාමල්ට එරෙහි මුදල් විශුද්ධිකරණ නඩුව ජූලි 30 යළි විභාගයට

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පසුගිය කාලයේදී අයථා ලෙස රුපියල් ලක්ෂ 150ක මුදලක් එන්.ආර්. කන්සල්ටන්සි ආයතනයේ යෙදවීම හරහා මුදල් විශුද්ධිකරණ විරෝධි පනත උල්ලංඝනය කළ බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් පවරා ඇති නඩුව ලබන ජූලි මස 30 වැනිදා යළි විභාගයට…

නිපා වෛරසය පැතිරීමේ අවදානම ගැන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

ශ්‍රී ලංකාවට නිපා වෛරසය පැතිරීමේ අවදානම ඉතා අවම මට්ටමක පවතින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. ඔහු එ බව සඳහන් කර ඇත්තේ, මෙරට මාධ්‍ය වාර්කරන නිපා වෛරසය පිළිබදව කරුණු පැහැදිලි කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමිනි.…

රනිල් GMOA ට දුන් හපුතලේ අක්කර 5 යළි රජයට පවරාගැනේ

නිවාඩු නිකේතනයක් ඉදි කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ පාලන කාලයේ වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ විහාරගල වතුයායට අයත් අක්කර පහක ඉඩමක් බදු පදනම යටතේ  රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයට (GMOA) ලබා දී තිබේ. නියමිත පටිපාටියෙන් තොරව මෙම ඉඩම පවරාදීම සිදුකර ඇති අතර බදු කොන්දේසි…

කුඩු ගහන රියැදුරෙක් ඇල්ලුවොත් පොලීසියට රු.10,000ක්

විෂ මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනය කරන රියැදුරන් නීතියේ රැහැනට හසුකරගන්නා පොලිස් නිලධාරීන්ට එක් අත්අඩංගුවට ගැනීමක් සඳහා රුපියල් 10,000 බැගින් මුදල් ත්‍යාග ලබන 01 දා සිට ලබාදීමට පොලිස්පතිවරයා තීරණය කර ඇතැයි රථවාහන පාලන හා මාර්ග ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති…

අද කාලගුණ නිවේදනය

නැගෙනහිර සහ ඌව පළාත්වලත්, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු සහ උතුරු-මැද පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් ඇති විය හැකි අතර, සබරගමුව පළාතෙත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 4.00…

2026 වසර සඳහා දේශපාලන පක්ෂවලින් අයදුම්පත් කැඳවීමට පියවර

මැතිවරණ කොමිෂන් සභාව විසින් 2026 වසරේ දේශපාලන පක්ෂ පිළිගැනීම සඳහා සුදුසුකම් ඇති ක්‍රියාකාරී දේශපාලන පක්ෂවලින් අයදුම්පත් කැඳවා තිබෙනවා. ඒ අනුව, එම අයදුම්පත් ජනවාරි 28 වැනිදා සිට පෙබරවාරි 28 වැනිදා දක්වා යොමු කළ හැකි අතර, ඉල්ලුම් පත්‍රය අංක 2472/21 හා 2026.01.21…

චන්ද්‍රාණී බණ්ඩාරට එරෙහි නඩුවක් පෙබරවාරි 10 කැඳවීමට නියෝග

ඉකුත් යහපාලන රජය සමයේ අමාත්‍යවරියක් වශයෙන් කටයුතු කළ අවධියේ සිදු කරන ලද ක්‍රියාවකින් රජයට පාඩු කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය චන්ද්‍රාණී බණ්ඩාරට එරෙහිව ඉදිරිපත් කර තිබෙන නඩුව ලබන 10 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා.…

කටුනායක ගුවන් තොටුපළේ E-Gate පද්ධතිය විවෘත කෙරේ

කටුනායක ගුවන්තොටුපොළේ පැමිණීමේ පර්යන්තයේ ස්ථාපිත කළ ස්වයංක්‍රීය දේශසීමා පාලන පද්ධතිය (Automated Border Control / E-Gate System) විවෘත කර තිබෙනවා. ඒ අනුව, ජපාන රජයේ අරමුදල් සහාය ඇතිව, සංක්‍රමණය සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය (I.O.M.) විසින් ක්‍රියාත්මක කළ මෙම ව්‍යාපෘතිය මෙරට පළමු E-Gate…

අදත් බොහෝ ප්‍රදේශවලට වියළි කාලගුණයක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියළි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. හිමිදිරි උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල් තුහින ඇතිවීමේ හැකියාවක් පවතී. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් බදුල්ල, ගාල්ල, මාතර සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී…