Category Local News

2026 අයවැය අද පාර්ලිිමේන්තුවට

2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතේ දෙවැනි වර කියවීම හෙවත් අයවැය කතාව අද (07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව, අද පස්වරු 1.30 ට මුදල් විෂය භාර අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට…

අද කාලගුණ නිවේදනය

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි එම…

පාසල් කාලය පස්වරු 2.00 දක්වා දීර්ඝ වන ශ්‍රේණි සම්බන්ධයෙන් දැනුම් දීමක්

පාසල් කාලය පස්වරු 2.00 දක්වා දීර්ඝ කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් දැනුම් දීමක් සිදු කර තිබෙනවා. ඒ අනුව, පළමු ශ්‍රේණියේ සිසුන්ගේ පාසල් පැවැත්වෙන කාලය වන 7.30 සිට 11.45 කාලයෙහි වෙනසක් සිදු නොවන බවයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව අද (06)…

පාසල් නිවාඩුව ගැන දැනුම්දීමක්

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තුන්වන වාරයේ පළමු අදියර හෙට (07) දිනෙන් අවසන් වේ. ඒ අනුව සිංහල සහ දෙමළ පාසල්වල දෙවන අදියර දෙසැම්බර් 08 වන දින ආරම්භ වන අතර මුස්ලිම් පාසල්වල දෙවන අදියර නොවැම්බර් 24 වන දින ආරම්භ වන…

ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් බදු අයකර ගැනීම පිළිබඳ නඩුවට ලැබුණු නියෝගය

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ගෙන් “අත්තිකාරම් පුද්ගල ආදායම් බද්ද” අය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගෙන තිබෙන තීරණය පිළිබඳ ගැටලුව ඊට සම්බන්ධ සියලු පාර්ශ්වය එක්ව සාකච්ඡා කර විසඳා ගැනීම සුදුසු බව අභියාචනාධිකරණය අද දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයාට යෝජනා කර තිබේ.…

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. එම නිවේදනය අද (06) රාත්‍රී 11.30 දක්වා වලංගු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එම දෙපාර්තමේන්තුව පවසන්නේ උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල ගිගුරුම් සහිත වැසි…

දිස්ත්‍රික්ක තුනකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම්

කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහා දෙවන මට්ටමේ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. එසේම මහනුවර සඳහා පළමු මට්ටමේ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සඳහන් කරන්නේ.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් නඩුවේ පූර්ව නඩු විභාගය ගැන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලෙන් තීරණයක්

රජයේ මුදල් වැයකරමින් ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකයට මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12කට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුවේ, පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය නොවැම්බර් මස 26 වෙනිදා ආරම්භ කිරීමට කොළඹ…

ජාතික ලාදුරු සමුළුව ජනපති ප්‍රධානත්වයෙන්

ලාදුරු රෝගය මෙරටින් තුරන් කර දැමීමේ ගමනේ වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කරමින් ජාතික ලාදුරු සමුළුව අද (06) පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹිණි. ඉදිරි වසර 10 තුළ ශ්‍රී ලංකාවෙන් ලාදුරු රෝගය තුරන් කිරීම සඳහා වන මාර්ග සිතියම එළි දැක්වීම…

අයවැයට පෙර විපක්ෂයේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වැඩමුළුවක්

වත්මන් ආණ්ඩුවේ දෙවැනි අයවැය පිළිබඳව සහ අයවැයට මුහුණ දෙන ආකාරය සම්බන්ධයෙන් විරුද්ධ පක්ෂයේ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද (06) විශේෂ වැඩමුළුවකට කැඳවා තිබෙනවා. ඒ අනුව, අද සවස 2.00 ට කොළඹදී මෙම වැඩමුළුව පැවැත්වෙන බවයි සමගි ජන බලවේගයේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී…