Category Local News

මහද්වීප හතේ උසම කඳු මුදුන්වල ශ්‍රී ලංකා ධජය ඔසවන්න යන යොහාන්-තව ඇත්තේ ඇකන්කගුවා – මවුන්ට් දිනාලි පමණයි

ලෝකයේ මහද්වීප හතේ උසම කඳු මුදුන් තරණය කර ඒවායේ ශ්‍රී ලංකා ජාතික ධජය එසවීම තම එකම බලාපොරොත්තුව සහ අභිලාෂය බව ශ්‍රී ලාංකික කඳු තරණය කරන්නකු වන යොහාන් පීරිස් මහතා ඊයේ (5) දින අලුයම කටුනායක ගුවන්තොටුපොළේදී පැවසීය. ඔහු මේ වන විට…

CID යට ආ යෝෂිත ගොළු වෙයි කතරගම ඉඩමක් ගැන මට මතක නෑ-විමර්ශන ලිපිගොනු ගෝඨාගේ කාලේ වැහිලා

කතරගම මැණික් ගඟ ආසන්නයේ ඇති රක්ෂිත ඉඩමක ඉදිකර ඇති හිටපු ප්‍රබල දේශපාලනඥයකුගේ නමින් විදුලි බිල් ලැබෙන ගොඩනැඟිල්ලක් සම්බන්ධයෙන් තමා කිසිවක් නොදන්නා බවත් ඒ පිළබඳව තමාගේ මතකයේ නැති බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙටුපුත් යෝෂිත රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව…

දුන් පොරොන්දු නොතකන ආණ්ඩුව පාරිභෝගිකයා සූරා කනවා-මන්ත්‍රී අජිත් පී. පෙරේරා

ආයෝජන සඳහා හිතකර රටක් ලෙස ශ්‍රී ලංකාව නොසලකා හැරීමට අධික විදුලි මිල හේතුවක් බවට පත්වී තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා ප්‍රකාශ කළේය. ඒ මහතා මේ බව පැවැසුවේ සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ ඊයේ (05) පැවැති මාධ්‍ය සාකච්ඡාවට…

ධීවර ක්ෂේත්‍රයේ උන්නතියට නාරා ආයතනයට විශාල කාර්යභාරයක් කළ හැකියි-ඇමැති රාමලිංගම් චන්ද්‍රසේකර්

නාරා ආයතනය සිදු කරන පර්යේෂණවලින් ධීවර ක්ෂේත්‍රය නඟාසිටුවීමට විශාල කාර්යභාරයක් සිදු කළ හැකි බව ධීවර, ජලජ හා සාගර සම්පත් ඇමැති රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා පැවැසීය. ඇමැතිවරයා මේ බව පැවැසුවේ පසුගියදා (02) නාරා ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ…

ලැබූ ජනවරම අවබෝධ කරගෙන ආණ්ඩුව කටයුතු කළ යුතුයි-හිටපු ඇමැති පාඨලී චම්පික රණවක

ආණ්ඩුව ලද ජනවරම අවබෝධ කරගෙන කටයුතු කරනු ඇති බවත්, ආණ්ඩුව මාස හයෙන්, අවුරුද්දෙන් කඩා වැටී රට විපක්ෂයට යනු ඇතැයි නොසිතන බවත් එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු ඇමැති පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේය. ඒ මහතා මේ බව පැවසුවේ ආණ්ඩුවේ අලුත්…

හිටපු ජනපති රනිල් ඕනෑම අර්බුදයකට මුහුණදීමට සූදානම්-හිටපු මන්ත්‍රී වජිර අබේවර්ධන

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ක්‍රියාත්මක කළ ආර්ථික පරිවර්තන නීතිය වත්මන් රජය අකුරක් නෑර ක්‍රියාත්මක කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසුවේ කොළඹ, මල් පාරේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණු කාර්යාලයේදී පසුගියදා…

නීති විරෝධී ක්‍රියාවලට කඩිනමින් නීතිය ක්‍රියාත්මක කරන්න-ඇමැති විජිත පොලීසියට දැනුම් දෙයි

අනවසර පස් කැපීම්, වැලි ගොඩ දැමීම්, මත්ද්‍රව්‍ය ඇතුළු සියලුම නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් කඩිනමින් නීතිය ක්‍රියාත්මක කරන ලෙසත්, ඉදිරියේදී මෙය ගම්පහ දිස්ත්‍රික්කයේ නිසියාකාරයෙන් ක්‍රියාත්මක විය යුතු බවත් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක ඇමැති විජිත හේරත් මහතා විසින් ගම්පහ දිස්ත්‍රික්…

දිවි සුරකින හදිසි ප්‍රතිකාර සේවාව

එදිනෙදා ජීවිතය ගත කරන විට කොයි මොහොතක හෝ ඇද වැටී හෝ තැළීමකට ලක්ව හෝ කැපුමකට ලක්ව හෝ කිසියම් හෝ හදිසි අනතුරක් පුද්ගලයාට සිදු වීම සාමාන්‍ය ස්වාභාවයකි. මෙරට හදිසි ප්‍රතිකාර සේවාව කාර්යක්ෂමව හා විධිමත්ව ආරම්භ වූයේ ඉතා මෑතකදීය. 2019 වසරේදී හදිසි…

ත්‍රීපෝෂ සමාගම නව්‍යකරණයට ලක්කර සංවර්ධනයට පියවර

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ පාලනය වන කඳාන පිහිටි ත්‍රිපෝෂ සමාගම මෙරට ජනතාවගේ පෝෂණ අවශ්‍යතා සම්පූර්ණ කිරීම වෙනුවෙන් නව්‍යකරණයට ලක්කර සංවර්ධනය කරමින් රජය සතු ආයතනයක් ලෙස අඛණ්ඩව පවත්වාගෙන යාමට රජය තීරණය කර ඇත. මෙම කරුණු අනාවරණය වූයේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා…

සූරියප්පෙරුම මහතා අද දැයෙන් සමු ගනියි

අභාවප්‍රාප්ත ජේ. ආර්. පී. සූරියප්පෙරුම මහතාගේ අවමංගල්‍යය අද(05) බොරැල්ල පොදු සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිතය . පසුගියදා ඔහු මිය යන විට 96වැනි වියෙහි පසුවිය. 1928 ජුනි මස 08වැනිදා උපත ලැබූ සූරියප්පෙරුම මහතා ක්‍රියාකාරී දේශපාලනඥයකි. ඔහු එක්සත් ජාතික පක්ෂයෙත් පසුව ශ්‍රී ලංකා නිදහස්…