Category Local News

රඳවාගෙන ඇති වාහන ඇපකරමත මුදාහැරිය හැකිදැයි වාර්තා කරන ලෙස රේගුවට නියෝග

රටින් බැහැරව බැංකු ණයවර ලිපි විවෘත කර ආනයනය කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන තිබෙන වාහන සමාගම් ඇපකරයක් හෝ පුද්ගලික ඇපකරයක් මත මුදාහැරීමට තිබෙන හැකියාව පිළිබඳව සොයා බලා ලබන 10 වැනිදා දැනුම් දෙන ලෙස අභියාචනාධිකරණය අද (30) ශ්‍රී ලංකා…

පද්මේගේ ගිනිඅවියක් සන්තකයේ තිබූ 2ක් දැලේ

සංවිධානාත්මක අපරාධ කල්ලි නායක කෙහෙල්බද්දර පද්මේ නමැත්තාට අයත් මයික්‍රෝ වර්ගයේ ගිනි අවියක් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා. ජාඇල වැලිගම්පිටිය ප්‍රදේශයේදී එක් සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇත්තේ එම සිද්ධියට ආධාර අනුබලදීම සම්බන්ධයෙන්. ඔහු රියදුරෙකු ලෙස…

ශෂීන්ද්‍ර යළි රිමාන්ඩ්

අල්ලස් කොමිසම මගින් දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන මේ වන විට රිමාන්ඩ් භාරයට පත් කර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ තවදුරටත් ඔක්තෝබර් මස 14 වන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. අල්ලස්…

අස්වැසුම දෙවන අදියරේ ප්‍රතිලාභීන්ට දැනුම් දීමක්

අස්වැසුම දෙවන අදියර සඳහා සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන්ගේ ප්‍රථම අස්වැසුම දීමනාව අද(30) එම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු කර ඇතැයි සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති/ කොමසාරිස් නිමල් කොටවලගෙදර මහතා සදහන් කරයි. මෙලෙස රුපියල් එක් බිලියන හත්සිය අනූ හතර මිලියන තුන්සිය…

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීරට ඇප

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීරට අද (30) ඇප ලබාදීමට අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ අනුව, ඔහුගේ ඇප අයැදුම අද යළිත් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වෙන්නේ. ලක්ෂ පහ බැගින් වූ මුදල්…

‍A9 මාර්ගයේ බස් රථයක් හා ලොරි රථයක් ගැටී අනතුරක්

A9 මාර්ගයේ මිහින්තලය, පළුගස්වැව ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා. කතරගම සිට යාපනය බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් හා පිටුපසින් පැමිණි ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ. අනතුරින් තුවාල…

රෝහිතගේ මන්ත්‍රී ධුරයට එරෙහිව රාජිත ගොනුකළ පෙත්සම ‍ප්‍රතික්ෂේප වෙයි

ඉකුත් මහ මැතිවරණයේදී කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන තේරී පත්වීම බල රහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය අද (30) ප්‍රතික්ෂේප කර තිබෙනවා. අදාළ නඩුව අද…

කොළඹින් සැකකටයුතු මළසිරුරු දෙකක් – පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි

සැකකටයුතු මළසිරුරු දෙකක් කොළඹ ප්‍රදේශ දෙකකින් සොයාගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ එක් සිරුරක් ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමෙන් සහ අනෙක් සිරුර දෙහිවල පොලිස් වසමෙන් හමු වූ බවය. ඊයේ (29) සවස් කාලයේ ග්‍රෑන්ඩ්පාස්, ඉඟුරුකඩේ හන්දිය අසල ඇති ජාඩි ඇලේ තිබී එක් මළසිරුරක් හමු…

හක්කා පටස් සහ චීන පටස් සොයා දිවයින පුරා මෙහෙයුම්

නීතිවිරෝධීව නිෂ්පාදනය කරනු ලබන හක්කා පටස් සහ චීන පටස් භාවිත කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය පෙන්වා දෙන්නේ, රතිඤ්ඥා හා ගිනිකෙළි කර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදනවලට නිකුත් කරනු ලබන අමුද්‍රව්‍ය භාවිත කරමින්…

සරසවි ඇදුරන් අද වර්ජනයක

වැටුප් විෂමතාව සහ ආචාර්යවරුන්ගේ හිඟය ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් දිවයින පුරා රාජ්‍ය විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් අද සංකේත වර්ජනයක නිරත වනවා. කොළඹ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ ලේකම්, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ සඳහන් කළේ මේ හේතුවෙන් විශ්වවිද්‍යාලවල විභාග…