Category Local News

පහේ ශිෂ්‍යත්වය පිටවූ ප්‍රශ්න 3ටම ලකුණු දෙන්න කැබිනට් නිර්දේශය-නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට කියයි

පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය සඳහා විභාගය යළි පැවැත්වීමෙන් සිසු සිසුවියන් පීඩාවට පත්වීමට හැකි බැවින් එම ප්‍රශ්න පත්‍රයේ කලින් පිටවූ ප්‍රශ්න තුන සඳහා විභාගයට ඉදිරිපත් වූ සියලු සිසු සිසුවියන්ට නිදහස් ලකුණු ලබාදීමට කැබිනට් මණ්ඩලය නිර්දේශ කර ඇතැයි නීතිපතිවරයා…

වර්ෂාවෙන් විනාශ වී ගිය කුඹුරු යළි වගා කරන්න මාස තුනෙන් අස්වැන්න ලැබෙන බිත්තර වී යොදා ගැනීම වඩා සුදුසුයි-පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ

වර්ෂාව හේතුවෙන් විනාශ වූ කුඹුරු යළි වගා කිරීමේදී මාස 03න් අස්වැන්න ලබාගත හැකි බිත්තර වී යොදා ගැනීම වඩා සුදුසු බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා පවසයි. දැනට පවතින තත්ත්වය අනුව බිත්තර වී අවශ්‍යය ප්‍රමාණය සොයා ගැනීමට…

නත්තල් කාලය ආරම්භ වෙයි

ලොව පුරා සියලු කිතුනු බැතිමතුන්ගේ ‘ආගමන සමය’ හෙවත් ‘නත්තල් කාලය’ ආරම්භ වූ පෙරේදා (01) දින පස්වරු 6.15 ට කොළඹ අගරදගුරු, අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ කොළඹ සාන්ත ජෝසප් විදුහලේ පැවති වාර්ෂික ජොසපියානු නත්තල් කැරොල් ගායනා මෙහෙයට පෙර ජේසු බිලිඳුන්ගේ…

ඉසුරුපාය ඉදිරිපිට උද්ඝෝෂකයන් පහරදී පොලීසියේ 3ක් රෝහලේ-එක් අයකුට බරපතළයි

බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිටදී එ්කාබද්ධ පාසල් සංවර්ධන නිලධාරී එකමුතුව විසින් සංවිධාන කළ උද්ඝෝෂණයකදී පොලීසිය හා උද්ඝෝෂකයන් අතර උණුසුම් තත්ත්වයක් ඊයේ (02) හට ගැනිණ. මාර්ගය අවහිර වන සේ උද්ඝෝෂණයේ නියැළෙන උද්ඝෝෂකයන් ඉවත් කිරීමට පොලීසිය උත්සාහ දැරූ අයුරු ඡායාරූපයේ දැක්වේ. පාසල්…

මාදෙණිය මහා විද්‍යාලයේ විදුහල්පති සිය නිවෙසේදීම හෘදයාබාධයකින් මියගිහින්

හැටන් අධ්‍යාපන කලාපයට අයත් හිටිගේගම මාදෙණිය මහා විද්‍යාලයේ විදුහල්පති පාලිත වීරවංශ මහතා සිය නිවසේ සිටියදී හෘදයාබාධයක් වැලඳීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත. අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් දෙණියහේන ගම්මානයේ තම නිවෙසේ සිටියදී ඒ මහතා හදිසියේ රෝගීවී ඇති අතර ඔහුගේ පවුලේ උදවිය ඔහුව…

ලෝක ආබා­ධිත දිනය අදයි

ලෝක ආබා­ධිත දිනය අදට (03) යෙදී තිබෙන අතර ආබා­ධිත පුද්ග­ල­ය­කුට උදව් කරන තරු­ණ­යකු මෙලෙස ඡායා­රූ­ප­යට හසු වූයේ කොටුව දුම්රිය ස්ථාන­යේ­දීය.

අද සෞම්‍ය කාලගුණයක්

නැගෙනහිර පළාතේ වැසි වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව සඳහන්. දිවයිනේ බොහෝ ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවයි වාර්තා වන්නේ.

පුද්ගලයන් 15,000ක් තවදුරටත් ආරක්ෂිත මධ්‍යස්ථානවල

අයහපත් කාලගුණයෙන් බලපෑමට ලක්වූ පවුල් 4,745කට අයත් පුද්ගලයින් 15,464ක් තවදුරටත් ආරක්ෂිත මධ්‍යස්ථානවල රඳවා සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරයි. එසේම පවුල් 139,934 ක පුද්ගලයින් 4 71,249 කට තවදුරටත් බලපෑම් එල්ල වී ඇත. වාර්තා වූ මරණ සංඛ්‍යාව, 17 කි. පූර්ණ…

ඉසුරුපාය ඉදිරිපිට උද්ඝෝෂණයක් – මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වෙයි

ඉසුරුපාය ඉදිරිපිට පැවැත්වෙන උද්ඝෝෂණයක් හේතුවෙන් බොරැල්ල – කොට්ටාව 174 බස් මාර්ගය සම්පූර්ණයෙන් ම අවහිර වී තිබේ. පාසල් වල ඉගැන්වීම් කරනු ලබන සංවර්ධන නිලධාරීන් විසින් මෙම උද්ඝෝෂණය සංවිධාන කර ඇති බව වාර්තාවේ. ඔවුන් ඉල්ලා සිටින්නේ තමන් ව ගුරුසේවයට අනුයුක්ත කර සේවයේ…

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්කර ඇති බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි. උඩුවර ප්‍රදේශයේ නායයාමක් හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී තිබුණි. දින 5ක් තිස්සේ පැවති මෙම බාධාව යථා තත්ත්වයට පත්කර අද (02) සිට සාමාන්‍ය පරිදි…