Category Local News

පයාගල නව දෙමහල් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ජනතා අයිතියට

පයාගල නව දෙමහල් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල ගොඩනැගිල්ල (MOH) සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සුරතින් පසුගියදා ජනතා අයිතියට පත් කරන ලදී. රුපියල් මිලියන 93ක වියදමකින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය ස්ථාපිතවීමත් සමඟ පයාගල ප්‍ර‌දේශයේ…

ඇතිමලේ සීනි සමාගමේ ආරක්ෂකයෙක් ගිනි අවියක් සමඟ අත්අඩංගුවට

මයික්‍රො වර්ගයේ ගිනිඅවියක් සමඟ ඇතිමලේ සීනි සමාගමේ සේවයේ නිරත පෞද්ගලික ආරක්ෂක අංශ නිලධාරියෙක් පොලිස් විශේෂ කාර්ය බළකාය පෙරේදා (17) අත්අඩංගුවට ගෙන ඇත. පොලිස් විශේෂ කාර්ය බළකායේ අම්පාර කඳවුරේ නිලධාරින් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව මේ ගිනිඅවිය සොයාගෙන ඇත්තේ ඉඟිනියාගල පරගහකැලේ පිහිටි…

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු ඇමැති ආනන්ද විජේපාල හිටපු පොලිස් නිලධාරියෙක්

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ධුරයේ ඊයේ (18) දිවුරුම් දුන් ආනන්ද විජේපාල මහතා කලක් පොලිස් සේවයේ සිටි නිලධාරියකු බව පොලිස් තොරතුරු සඳහන් කළේය. උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස 1985 වසරේ සිට 1987 දක්වා කාලයේ ඔහු පොලිස් සේවයේ නිරතව සිට ඇත්තේ…

ලැබී ඇති බලයේ සීමා මායිම් සහ බලය හැසිර විය යුතු හැටි මා හොඳින් දන්නවා-ජනපති කියයි

ලැබී ඇති අසීමිත බලය ආණ්ඩුව කොතැනකට මෙහෙයවනු ඇතිදැයි පුංචි හෝ සැකයක් ඇති වී තිබෙන අයෙක් ඇත්නම් ඒ සැකය දුරු කර ගන්නා ලෙසත් ලැබී ඇති බලයේ සීමා මායිම් සහ බලය හැසිර විය හැකි අයුරු මා හොඳින් දන්නා බව ජනාධිපති අනුර කුමාර…

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තොරතුරු ලබා ගැනීම මාර්ගගත ක්‍රමයට

දසවැනි පාර්ලිමේන්තුවේ, පළමුවැනි සභා වාරයේ පළමුවැනි රැස්වීම පැවැත්වීමට අදාළව සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තොරතුරු ලබාගැනීම සඳහා පාර්ලිමේන්තු වෙබ් අඩවිය හරහා අදාළ තොරතුරු ඇතුළත් කිරීමේ පහසුකම් සළසා ඇති බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසනවා ඒ අනුව පාර්ලිමේන්තු වෙබ් අඩවියේ, මුල් පිටුවේ…

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල වළක්වමින් අතුරු තහනම් නියෝගයක්

මෙපර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. ශිෂ්‍යත්ව විභාගයට සහභාගී වූ සිසුන් හා ඔවුන්ගේ දෙමාපියන් පිරිසක් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර තිබිණි.…

ලොහාන් රත්වත්තේ සහ බිරිඳ යළි රිමාන්ඩ් කෙරේ

හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ හා ඔහුගේ බිරිඳගේ ඇප ඉල්ලීම අද (18) අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙයි. නීතිවිරෝධීව එකලස් කරන ලද මෝටර් රථයක් භාවිත කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර තිබිණි. මේ අනුව හිටපු රාජ්‍ය අමාත්‍යවරයා දෙසැම්බර් 02 වනදා…

නාමල් හදිසියේම කතරගම යයි – පළතුරු පූජාවක් ද තබයි

 පොදු  ජන එක්සත්  පෙරමුණට  හිමි වු ආසන 03 ට  අදාළ මහජන  නියෝජිතයන්  වන නාමල්  රාජපක්ෂ .ඩි වි. චානක  .යන මන්ත්‍රී වරුන්  ඊයේ  (17)   දින රාත්‍රි  කතරගම  පුදබිම ට පැමිණ  ආගමික වතාවත්  තුල නිරත විය. කිරිවෙහෙර වැද පුදාගෙන රුහුණු  මහා  කතරගම දේවාලයට පැමිණ   දෙවියන්  වෙත පළතුරු  පුජාවක් තැබීමට මෙම පිරිස කටයුතු කර තිබිණි.…

නව රජයේ අමාත්‍ය මණ්ඩලය මෙන්න

ජාතික ජන බලවේගය රජයේ නව අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (18) පෙරවරුවේ දිවුරුම් දුන්නේය. නව ඇමති මණ්ඩලය විසි එකකට සීමා වන අතර  ආරක්ෂක , මුදල්  සැලසුම් සහ ආර්ථික සංවර්ධන, ඩිජිටල් ආර්ථික යන අමාත්‍යාංශ…