Category Local News

ආපන ශාලාවක ගින්නක්

මඩකලපුව රෝහලට මුහුණලා පිහිටා තිබෙන ආපනශාලාවක ඊයේ (12) රාත්‍රී 10.30ට පමණ ගින්නක් හටගෙන තිබෙනවා. එම ගින්නෙන් ආපනශාලාව සහ ඒ හා සම්බන්ධව තිබූ වෙළඳසැලක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙන බවයි අප වාර්තාකරු සඳහන් කරේ. විදුලි කෙටීමක් හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති බවයි…

වැව් 23ක් සංරක්ෂණය කිරීමේ කටයුතු අඛණ්ඩව

ආක්‍රමණික ශාක ඇතුලු පරිසරයට ප්‍රයෝජනවත් නොවන ශාක ඉවත් කර වන අලීන්ට අවශ්‍ය ආහාර සම්පාදනය කිරීමේ මෙහෙයුම අඛණ්ඩව පවත්වාගෙන යන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබයරත්න ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ පුත්තලම, කරුවලගස්වැව,…

ගල්කිස්ස HQI ට හදිසි ස්ථාන මාරුවක්

ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂක එච්.ටී.එම් තුෂාරට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීමක් ලබාදී තිබෙනවා. ඒ අනුව, ඔහු එම තනතුරේ සිට වෛද්‍ය සේවා කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරි සඳහා ස්ථාන මාරුකර ඇති බවයි වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී මිනුර සේනාරත්න කියා…

පළාත් සභා ඡන්දය ගැන ඉදිරි දෙසතිය තුළ ආණ්ඩුවෙන් පිළිතුරක් ඕනෑ-පැෆ්රල්

පළාත් සභා ඡන්දය පැවැත්වෙන කාල වකවානුව ගැන ආණ්ඩුවෙන් ඉදිරි සති දෙක ඇතුළත පැහැදිලි පිළිතුරක් බලාපොරොත්තු වන බව පැෆ්රල් සංවිධානය ප්‍රකාශ කරනවා. එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේ පළාත් සභා ඡන්දය පැවැත්වීම සම්බන්ධයෙන් සියලුම පක්ෂවල එකඟතාවයකින් ආණ්ඩුවට යැවූ පිළිතුරට සති…

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ බේරුවල මාගල්කන්ද ප්‍රදේශයේ පස් කන්දක් දුම්රිය මාර්ගයට කඩා වැටීම නිසා මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ඇතිව තිබේ. මේ හේතුවෙන් දුම්රි‍යේ ඉදිරි කොටසකට ද හානි සිදුව ඇති බව වාර්තා වේ.

තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

කුරුණෑගල කුඩා ගල්ගමුව ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ. පහර කෑමෙන් බරපතළ තුවාල ලැබූ එම පුද්ගලයා කුරුණෑගල රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් ඇති බව වාර්තා වේ. මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 34ක් වූ පැපොලේවෙල, කුඩා ගල්ගමුව…

සැප්තැම්බර් මාසයේදී විදෙස් ශ්‍රමිකයින්ගෙන් ඩොලර් මිලියන 695ක්

මෙම වසරේ සැප්තැම්බර් මාසයේදී විදෙස් ශ්‍රමිකයින් විසින් අමෙරිකානු ඩොලර් මිලියන 695.7ක විදෙස් ප්‍රේෂණ ප්‍රමාණයක් මෙරටට එවා ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මහ බැංකුව විසින් නිකුත් කර ඇති නවතම වාර්තාවක මේ බව සඳහන් කර තිබේ. එම වාර්තාවේ සඳහන්ව ඇත්තේ පසුගිය…

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ අග්නිදිග ආසියාතික කලාපීය 78වන සමුළුව අදින් ඇරඹේ

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ අග්නිදිග ආසියාතික රටවලින් සමන්විත කලාපයේ 78වන සමුළුව අද ( 13 ) සිට 15වන දින දක්වා කොළඹ දී පැවැත්වේ. පුරා තෙදිනක් පැවැත්වෙන මෙම 78වන සමුළුව සඳහා සත්කාරකත්වය ශ්‍රී ලංකාව විසින් සපයනු ලබයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ…

වංචනික විදේශ රැකියා ආයතන ගැන තොරතුරු ලබාදෙන ලෙස ඉල්ලීමක්

වංචනික විදේශ රැකියා ආයතන හෝ පුද්ගලයන් පිළිබඳව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය වෙත තොරතුරු ලබාදෙන ලෙස එම කාර්යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. ඒ අනුව, 0112 882 228 යන දුරකථන අංකය ඔස්සේ විශේෂ විමර්ශන අංශයේ ස්ථාපිත පොලිස් ඒකකයට තොරතුරු ලබාදිය…

අද කාලගුණ නිවේදනය

දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 1.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි…