Category Local News

අද දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි

ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පැවති අඩු පීඩන කලාපය මේ වන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී මඩකලපුව සිට 210km ක් ගිනිකොණ දෙසින්, අක්ෂාංශ 5.9°N සහ දේශාංශ 82.6°E ආසන්නයේ  කේන්ද්‍රගත වී ඇත. එය උතුරට බරව වයඹ දෙසට ගමන් කරමින් ඉදිරි පැය…

උසස් පෙළ අද සහ හෙට නොපැවැත්වෙයි

මේ වනවිට අයහපත් කාලගුණය හේතුවෙන්  දිවයිනේ ඇතිවී තිබෙන ආපදා තත්වය මත අ.පො.ස. (උ.පෙළ) 2025 විභාගය අද (නොවැම්බර් 27) දින සහ හෙට (නොවැම්බර් 28) දින නොපැවැත්වෙන බව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් විභාග දෙපාර්තමේන්තුව සඳහන් කර තිබෙනවා.

ආදායම් බදු වාර්තා භාරදීම මේ මාසෙන් අවසන්: නොදුන්නොත් නීතිමය පියවර

2024/2025 තක්සේරු වර්ෂය සඳහා වන ආදායම් බදු වාර්තා මාර්ගගතව (online) භාර දීමේ අවසන් දිනය ලබන 30 වැනිදායින් අවසන් වන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අවධාරණය කරනවා. ආදායම් බදු සඳහා ලියාපදිංචි වී ඇති සියලුම පුද්ගලයින් සහ ව්‍යාපාර නියමිත දිනට පෙර මෙම වාර්තා…

වාහන ආනයනය ස්ථාවර තත්ත්වයකට – මිල ගණනුත් පහළට

නොවැම්බර් සහ දෙසැම්බර් යන මාස වලදී වාහන ආනයනය යම්කිසි ආකාරයකට ස්ථාවර තත්ත්වයකට පැමිණ ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. ඔහු මේ බව පැහැදිලි කරමින් පෙන්වා දුන්නේ මේ වනවිට රථවාහන මිල ගණන්ද අඩු වී ඇති බවය. අද…

හිටපු NPP මන්ත්‍රිනියගේ විදුහල්පති සැමියා යළි රිමාන්ඩ්

අනුරාධපුරය ප්‍රදේශයේදී හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා එළැඹෙන දෙසැම්බර් මස 10 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තඔුත්තේගම මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. දෙසැම්බර් 12 වන දින සැකකාර විදුහල්පතිවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමේදී විදුහල්පතිවරයාගේ පුත්‍රයා ද මෙම නඩුවට ඇතුළත් කර ඉදිරිපත් කරන…

ගල්ඔයට සුළු ගංවතුරක් – මඩකලපුවේ ගංගා ද්‍රෝණි තුනකටත් අනතුරු ඇඟවීම්

ගල්ඔය ගංගා ද්‍රෝණියේ පහළ ප්‍රදේශයේ මේ වනවිට සුළු ගංවතුර තත්ත්වයක් හට ගෙන ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. අම්පාර ඉඟිනියාගල සේනානායක සමුද්‍රයේ ජල ධාරිතාවය මේ වනවිට උපරිම ජල ධාරිතාවය දක්වා ළඟා වෙමින් පවතින අතර මේ වනවිට සේනානායක සමුද්‍රයට පහළ ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක්…

තංගල්ල මුහුදේ දී මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් රිමාන්ඩ්

තංගල්ලට ආසන්න මුහුදු තීරයේදී අයිස් හා හෙරොයින් මත්කුඩු කිලෝ ග්‍රෑම් 376කට ආසන්න ප්‍රමාණයක් මෙරටට රැගෙන ඒමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් ලබන මස 9වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (26) නියම කළේය. අදාළ සිද්ධිය සම්බන්ධයෙන්…

දෙහි බාලේ නමැත්තාට අයත් ධීවර යාත්‍රා පහක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘දෙහි බාලේ’ නමැත්තාට අයිති ධීවර යාත්‍රා පහක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් අංශය විසින් සිය භාරයට ගෙන තිබෙනවා. ඒ අනුව, දික්වැල්ල ධීවර වරායේ නැංගුරම් ලා තිබියදී මෙම යාත්‍රා පහ සිය භාරයට ගත් බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන්…

පොහොර සහනාධාර මිල සම්බන්ධයෙන් තීරණයක්

ලෝක ‍වෙළෙඳපොළේ තත්ත්වය සැලකිල්ලට ගනිමින් පොහොර සහනාධාර මිල තීරණය කලයුතු බව කෘෂි සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි. වී ගොවීන්ගේ ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකස් කිරීම පිළිබඳව, ගොවීන් සමඟ ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡාවකට එක්වෙමින්…

රටම එකට ජාතික මෙහෙයුම : ඊයේ දිනයේ මත්ද්‍රව්‍ය වැටලීම් 980 කින් සැකකරුවන් 979 ක් අත්අඩංගුවට

‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ, පොලිසිය විසින් ඊයේ (25) දිනයේ මත්ද්‍රව්‍ය වැටලීම් 980 ක් සිදු කර තිබෙනවා. එම වැටලීම්වලදී සැකකරුවන් 979 ක් අත්අඩංගුවට ගත් බවත්, 72 දෙනෙක් පුනරුත්ථාපනයට යොමු කළ බවයි පොලීසිය ප්‍රකාශ කළේ. හෙරොයින් මත්ද්‍රව්‍ය සොයා ගැනීම සඳහා සිදු…