Local News

බෙල් 212 හෙලිකොප්ටරයක් මාදුරුඔය ජලාශය​ට කඩා වැටෙයි

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් කඩා වැටී තිබෙනවා. එම යානය මාදුරුඔය ජලාශයට කඩා වැටී ඇති බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ. වැඩිදුර තොරතුරු බලාපොරොත්තු වන්න.

අද කාලගුණ නිවේදනය

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප.ව. 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර පළාතේත්, පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදීත් වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම,…

බහුතරය නැති සභාවල සභාපති / නගරාධිපති පත්වන ආකාරය ගැන මැතිවරණ කොමසාරිස්ගෙන් පැහැදිලි කිරීමක්

යම් කිසි පළාත් පාලන ආයතනයක එක් දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් සමස්ත සභික සංඛ්‍යාවෙන් 50%කට වැඩි ප්‍රමාණයක් ලබා නොමැති නම්, සභාපති ධුරය සඳහා පත්වන්නේ කවුද යන ප්‍රශ්නය සඳහා මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක පිළිතුරු ලබාදී තිබෙනවා. එහිදී පළාත් පාලන සහකාර…

පොදුජන එක්සත් පෙරමුණේ සහාය අවශ්‍ය පළාත් පාලන ආයතනවලට එය ලබාදීමට සූදානම් – ලසන්ත අලගියවන්න

පළාත් පාලන මැතිවරණයේදී තමන් බලාපොරොත්තු වූ දේ ඉටුවුනු බව පොදුජන එක්සත් පෙරමුණේ මහලේකම් ලසන්ත අලගියවන්න පවසනවා. පක්ෂයක් ලෙස තමන් සිටින තැන ගැන සෑහීමකට පත් වන බවත්, මන්ත්‍රී ධුර 300 කට වඩා පත් කරගෙන ඇති බවයි ඔහු සඳහන් කර සිටියේ. ගමේකමට…

සජබ ප්‍රධානත්වයෙන් කොළඹ බලය පිහිටුවීමට සෑම කණ්ඩායමක් සමගම සාකච්ඡා කරනවා – මුජිබර් රහුමාන්

පළාත් පාලන ඡන්ද ක්‍රමය අනුව, කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරය අනිවාර්යයෙන්ම රහස් ඡන්දයකින් තෝරාගත යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසනවා. කොළඹ මහ නගර සභාව තුළ මුළු මන්ත්‍රී සංඛ්‍යාව 117 ක් වන බවත්, එයින් අඩක් වන…

මිටියාගොඩ ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් තිදෙනෙක් අත්අඩංගුවට

මිටියාගොඩදී වෙඩි තබා ද්විත්ව මනුෂ්‍ය ඝාතනයකට ආධාර අනුබල දුන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා. ඒ අනුව පසුගිය 03 වැනිදා මිටියාගොඩ, තඹහිටිය ප්‍රදේශයේ අවන්හලක් ඉදිරිපිට සිටි පුද්ගලයන් දෙදෙනෙකුට යතුරුපැදි දෙකකින් පැමිණි පුද්ගලයන් විසින් වෙඩි තබා සිදුකළ ඝාතනය සම්බන්ධයෙන්…

විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනා ඉදිරි සතිය තුළ ලබාදෙනු ඇති බවට බලාපොරොත්තු වෙනවා – PUCSL

මේ වසරේ දෙවන විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනා ලංකා විදුලිබල මණ්ඩලය විසින් එළඹෙන සතිය තුළ ලබාදෙනු ඇති බවට බලාපොරොත්තු වන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා. විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනා කොමිසම වෙත ලැබීමෙන් අනතුරුව, එකී යෝජනා අධ්‍යයනය කර, සති 03…

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (08) රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අද පෙ.ව. 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර තිබෙනවා. පෙ.ව. 10.00 – පෙ.ව. 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා…

ජනතාව ප්‍රතික්ෂේප කරපු කණ්ඩායම් එකට එකතු වෙලා සභාව පිහිටුවීම ප්‍රජාතන්ත්‍රවාදී නෑ – ටිල්වින්

මෙවර පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව, ජාතික ජන බලවේගය කෙරෙහි ජනතාව පක්ෂයක් ලෙස විශ්වාසය තබා ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසනවා. ඒ අනුව, ජනතාව මාලිමාව කෙරෙහි තැබූ විශ්වාසය මත, පළාත් පාලන ආයතන භාරදිය යුත්තේ ජාතික ජන…

විපක්ෂයේ සියලු දෙනා එකට එකතු කර ගනිමින් කටයුතු කළ බවට රටේ ජනතාව පණිවිඩයක් ලබා දී තිබෙනවා – සජිත්

සමගි ජන බලවේගය වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කර සහයෝගය ලබාදුන් දසලක්ෂ සංඛ්‍යාත ජනතාව වෙත සිය ආචාරය පුද කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. වර්තමාන ජනතා විමුක්ති පෙරමුණු රජය මාස හයක් වැනි කෙටි කාලයක් තුල අති විශාල පරිහානියකට, කඩා වැටීමකට ලක්…