Category Local News

ඉන්දීය වීසා සම්බන්ධ සේවා ගැන දැනුම්දීමක්

ඉන්දීය වීසා සහ කොන්සියුලර් සේවා කටයුතු නොවැම්බර් 03 වනදා සිට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් සෘජුවම මෙහෙයවන බව එම කාර්යාලය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළේ, වීසා ආශ්‍රිත කටයුතු සිදුකරන බාහිර ආයතනය ක්‍රියාත්මක වන්නේ ඔක්තෝබර් 31 දක්වා…

ගිනිකොනදිග මුහුදේ දී ධිවර යාත්‍රාවක් අනතුරට

මෙරට ගිනිකොන දිග මුහුදු ප්‍රදේශයේදී අනතුරට ලක්වු බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් බේරාගැනීමේ මෙහෙයුම් සඳහා නාවික හමුදාවට අයත් විශේෂ නෞකාවක් පිටත් කර හැර තිබේ. නාවික හමුදාව සඳහන් කළේ, අදාළ නෞකාව මේ වන විට බහුදින ධීවර යාත්‍රාව අනතුරට පත් වු ස්ථානය…

ආසියාවේ වැඩිහිටි ජනගහනයේ වැඩිම වර්ධනය ශ්‍රී ලංකාවෙන්

ශ්‍රී ලංකාව, ආසියානු කලාපයේ වැඩිහිටි ජනගහනයේ වැඩිවීමේ ශීඝ්‍රතාව ඉහළ රටක් ලෙස හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය නිශානි උභයසේකර මහත්මිය සඳහන් කළේ, 2012 වසරේ දී මෙරට වැඩිහිටි ජනගහනය සියයට 12ක් වූ අතර එය 2024 වසරේ දී…

විෂ මත්ද්‍රව්‍ය මඩින, රටම එකට ජාතික මෙහෙයුම අද ආරම්භ වෙයි

විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය පරදන “රටම එකට” ජාතික මෙහෙයුම් වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (30) පැවැත්වීමට නියමිතයි. ඒ අනුව, අද පෙරවරු 10.00 ට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී මෙම වැඩසටහන ආරම්භ වීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. රට…

ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ ගබඩාවේ තිබුණු ගිනි අවියක් රැඳවියෙක් විසින් සොරා ගනියි

ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ භූමියෙන් ඊයේ (29) පිස්තෝල වර්ගයේ ගිනි අවියක් සොයා ගැනීමේ සිද්ධියට එක් බන්ධනාගාර රැඳවියෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගල්කිස්ස අධිකරණයේ ඉල්ලීම මත, ප්‍රජා විශෝධන කාර්යයන් සඳහා ගල්කිස්ස අධිකරණයේ ගබඩාව පිරිසිදු කිරීම සඳහා ඊයේ දිනයේදී රැඳවියන් තිදෙනෙකු පැමිණ තිබෙනවා. ඉන්…

අද කාලගුණ නිවේදනය

සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල පස්වරු 4.00න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවයි සඳහන් වන්නේ. තද සුළංවලින් සිදුවන…

ඔහුට හෘදය වස්තුවේ රෝගී තත්ත්වයක් තිබෙනවා වෙනත් මාර්ගයකින් තමයි ඔහුගේ හෘදයට ලේ ගමන් කරන්නේ, රනිල්ගේ නීතීඥයින් අධිකරණයට කියයි

බ්‍රිතාන්‍යයේ පෞද්ගලික සංචාරයක නිරත වෙමින් රුපියල් මිලියන 16 කට අධික රජයේ මුදල් අවභාවිතා කළේ යැයි කියන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට අදාළ විමර්ශනය කඩිනමින් අවසන් කර ඊට සම්බන්ධ තවත් සැකකරුවන් සිටී නම් ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස කොළඹ කොටුව…

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට එරෙහිව, පොලිස්පතිගෙන් පොලිස් කොමිසමට සහ CID වෙත පැමිණිල්ලක්

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට එරෙහිව, ජාතික පොලිස් කොමිසමට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අදාළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මාරු කර යවමින් විනය පරීක්ෂණයක් සිදු කරන ලෙසයි පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ජාතික පොලිස් කොමිසමෙන්…

අස්වැසුම දෙවන අදියරට සුදුසුකම් ලබා, බැංකු ගිණුම් විවෘත නොකරන ලද ප්‍රතිලාභීන්ට දැනුම් දීමක්

අස්වැසුම දෙවන අදියර සඳහා සුදුසුකම් ලැබූ, බැංකු ගිණුම් විවෘත නොකරන ලද ප්‍රතිලාභීන් සම්බන්ධයෙන් සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය විසින් දැනුම් දීමක් සිදු කර තිබෙනවා. ඒ අනුව, ගිණුම් විවෘත නොකරන ලද ප්‍රතිලාභීන් සම්බන්ධයෙන් වන නාමලේඛනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ප්‍රදර්ශනය කර ඇති බවයි නිවේදනයක්…

හිටපු ජනපති රනිල්ගේ නඩුව ජනවාරි 28 දක්වා කල්යයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පොදු දේපොළ පනත යටතේ ගොනුකර ඇති නඩුව එළැඹෙන ජනවාරි 28වනදා යළි කැඳවීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (29) නියම කළේය. අදාළ නඩුවට පෙනී සිටීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා අද දහවල් අධිකරණයට පැමිණියේය. එහිදී කොළඹ කොටුව…