Category Local News

“අධ්‍යාපනය මේ මොහොතේ දරුවන්ට බරක් නොවිය යුතුයි, ඔවුන්ගේ මනෝ සමාජීය යහපැවැත්මට ප්‍රමුඛතාව දෙන්න ” – අගමැති

අධ්‍යාපනය දරුවන්ට බරක් නොවිය යුතු බවත්, මේ මොහොතේ ඔවුන්ගේ මනෝ සමාජීය යහපැවැත්මට ප්‍රමුඛතාව දිය යුතු බවත්, ඒ තුළින් ආපදා අවස්ථාවලදී එකිනෙකා පිළිබඳ සහකම්පනය සහිත සුවපත් පාසල් පරිසරයක් ගොඩනඟා ගැනීමට හැකි වන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය. අග්‍රාමාත්‍යවරිය මේ…

ජාතිය ගොඩනැගීමේ කටයුතු නිරීක්ෂණය සඳහා යුද්ධ හමුදාධිපති ත්‍රිකුණාමලයට

පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් රටේ බොහෝ ප්‍රදේශවල ජීවිත හා දේපල හානි සිදු වූ අතර, යුද්ධ හමුදා භට පිරිස් විසින් අවතැන් වූවන් ගලවා ගැනීමේ මෙහෙයුම් වලින් අනතුරුව සහන සැලසීමේ කටයුතු සමග ජාතිය ගොඩනැගීමේ ක්‍රියාවලියට සම්බන්ධ වෙමින් ආපදාවට ලක් වූ ප්‍රදේශවල…

ශ්‍රී ලංකාව සඳහා නම් කර ඇති ජනාධිපති ට්‍රම්ප්ගේ නියෝජිතයා, ලංකාව ගැන විශේෂ ප්‍රකාශයක් කරයි

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ධුරය සඳහා අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නම් කරන ලද නියෝජිත එරික් මේයර් මහතා, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එරට නීති සම්පාදකයින් හමුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කර ඇත. එහි දී ඔහු පවසා ඇත්තේ ගෝලීය ප්‍රධාන නැව් මාර්ග ආශ්‍රතව ශ්‍රී…

හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙක් ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට

හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ශ්‍රී ලාංකිකයෙක් කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව ඔහු සතුව තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 2 යි ග්‍රෑම් 300 ක් සොයාගෙන ඇති අතර, සැකකරු මැලේසියාවේ සිට මෙරටට පැමිණ ඇති බවයි සඳහන් වෙන්නේ. කටුනායක ගුවන් තොටුපොළේ…

Rebuilding Sri Lanka අරමුදලට ලැබුණු මුදල් ප්‍රමාණය රුපියල් මිලියන 3000 ඉක්මවයි

ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් පුරවැසියන් සඳහා අරමුදල් රැස් කිරීමේ ක්‍රියාවලිය යටතේ මේ වන විට රුපියල් මිලියන 3,421ක් ඉක්මවූ  මුදල් ප්‍රමාණයක් ලැබී ඇති බව මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම පවසනවා. මෙම ආධාර මුදල් පරිත්‍යාග කර ඇත්තේ ලෝකය පුරා රටවල් 40ක…

ආපදා මරණ සංඛ්‍යාව 643 ක් දක්වා ඉහළට

‘දිට්වා’ සුළි කුණාටුව සමඟ හටගත් අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 643 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. ඒ අනුව මේ වනවිට තවත් පුද්ගලයින් 184 ක් අතුරුදන්ව සිටින බවයි සිය දෛනික වාර්තාව නිකුත් කරමින්…

ආපදා කළමනාකරණය වෙනුවෙන් මෙරට​ට Starlink පද්ධති 100 ක පරිත්‍යාගයක්

මෙරට ආපදා කළමනාකරණය වෙනුවෙන් අමෙරිකාවේ Starlink පද්ධති 100 ක් එම සමාගම විසින් ලබා දී ඇති බව මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම පවසනවා. මේ වන විටත් එම පද්ධති ලංකාවට ලැබී ඇති අතර, කඩිනමින් ආපදා කළමනාකරණ කටයුතු…

අද කාලගුණ නිවේදනය

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මධ්‍යම…

උත්සව සමය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්

එළඹෙන උත්සව සමය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව පොලීසිය පවසනවා. ඒ සඳහා පොලිස් නිලධාරීන් 2500 ක් රාජකාරියේ යොදවා සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ. වූට්ලර් සඳහන් කර සිටියේ.

ආපදාවට ලක්වූ කර්මාන්ත පිළිබඳ දැනුම්දීම සඳහා විශේෂ දුරකථන අංකයක්

දිට්වා සුළි කුණාටුවත් සමග ආපදාවට ලක්වූ කර්මාන්ත පිළිබඳව දැනුම්දීම සඳහා විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව, ඒ පිළිබඳ තොරතුරු 0712 666 660 යන දුරකථන අංකයට දැනුම්දිය හැකි බවයි සඳහන් වන්නේ. හානි සිදුවූ ව්‍යාපාර පිළිබඳ තොරතුරු www.industry.gov.lk යන වෙබ් අඩවිය හරහා…