Category Local News

තංගල්ල උණාකූරුව ප්‍රදේශයේ අඹුසැමි යුවළක් වෙඩි තබා ඝාතනය කෙරේ

තංගල්ල උණාකූරුව ප්‍රදේශයේදී (18) පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. තංගල්ල උණාකූරුව ප්‍රදේශයේ කපුහේන හන්දිය ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීම සිදුව ඇත. අද පස්වරු 6.55ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර සිද්ධියෙන් අඹු සැමි යුවලක් ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ…

21 රැලියට හිටපු ජනපති මහින්දත් එයි

එළැඹෙන 21 වැනිදා පොදුජන පෙරමුණ ප්‍රමුඛ විපක්ෂයේ පක්ෂ විසින් සංවිධානය කරනු ලබන රැලිය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද එක්වීමට නියමිතව තිබේ. සිය උපන්දිනය වෙනුවෙන් ආශිර්වාද ලබා ගැනීම සඳහා මහනුවර දළඳා මාලිගාවට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මේ…

උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු නානුඔය දක්වා සීමාවෙයි

උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු අද (19) නානුඔය දක්වා සීමා කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ඒ ඉදල්ගස්හින්න සහ ඔහිය අතර මාර්ගයට පස් කන්දක් කඩා වැටීමෙන් රාත්‍රී තැපැල් දුම්රිය පීලිපැනීම ලක්වීම හේතුවෙනි. උඩරට මාර්ගයේ පිලී පැනීම හේතුවෙන් බදුල්ල – කොළඹ…

ප්‍රසිද්ධ වෙළඳ ලකුණක් අනුකරණය කළ රත්නපුරයේ වෙළෙඳ ආයතනයකට එරෙහිව පැවරූ නඩුව සමථයක

ප්‍රසිද්ධ වෙළඳ ලකුණක් අනුකරණය කළ ව්‍යාජ ලේබලයක් යටතේ ජල ජලපොම්ප නිෂ්පාදනය ,බෙදා හැරීම හා අලෙවිය සිදුකළේ යැයි කියන රත්නපුරයේ වෙළෙඳ ආයතනයකට එරෙහිව බුද්ධිමය දේපල පනත යටතේ පැවරූ නඩුව සමථයකට පත් කිරීමට කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු එම් අයි එම් ඉර්සඩින් මහතා…

රාජ්‍ය පරිපාලන හා කම්කරු අමාත්‍යාංශවල වැය ශීර්ෂ අද විවාදයට

පාර්ලිමේන්තුව අද (19) දිනයේත් රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව, අද පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව රැස් වන අතර, අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය අද සිව්වන දිනටත් පැවැත්වීමට නියමිතයි. අද දිනයේදී රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ සහ කම්කරු අමාත්‍යාංශයේ…

අද කාලගුණ නිවේදනය

අද (19) උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේත් පස්වරු 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි…

හෙරොයින් ළඟ තබාගත් කතට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 42.23ක් සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු කාන්තාවකට කොළඹ මහාධිකරණය ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කළේය. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නේය.  2021 වසරේ සැප්තැම්බර් මස…

චාමරට එරෙහි නඩුවක් කැඳවීමට දින දෙයි

ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සිදුකළ දූෂණ ක්‍රියාවක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාට විරුද්ධව ගොනුකර තිබෙන පැමිණිල්ලක් ජනවාරි මස 20 වනදා කැඳවන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.  මෙම පැමිණිල්ල අද (18) කොළඹ ප්‍රධාන…

ප්‍රවීණ ගුවන්විදුලි නිවේදිකා චිත්‍රා කළුබෝවිල අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගුවන්විදුලි නිවේදිකාවක් සහ මාධ්‍යවේදිනියක් වන චිත්‍රා කුමාරි කළුබෝවිල මහත්මිය අද (18) දින අභාවප්‍රාප්ත වී තිබේ. රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගතව සිටි ඇය මෙලෙස අද දින ජීවිතක්ෂයට පත්ව ඇත. මියයන විය 68 වන වියේ පසුවූ චිත්‍රා කළුබෝවිල මහත්මිය මෙරට ගුවන්විදුලි කේෂ්ත්‍රයේ…

හිටපු මහ බැංකු අධිපතිට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය ඉවත දමයි

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු පිරිසකට චෝදනා කරමින් පූජ්‍ය තීනියාවල පාලිත හිමියන් විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කර තිබේ. පසුගිය මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඉහළ නැංවීමට බව…