Category Local News

හිටපු ඇමති බදියුදීන්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට දින දෙයි

2021 වසරේ කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ව අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවා ගැනීමට එරෙහිව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින් ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගය සඳහා ලබන වසරේ මාර්තු මස 25 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.…

විදුලි බිල නංවනවාද? නැද්ද? -කොමිසමේ තීරණය සති දෙකකින්

විදුලි ගාස්තු සියයට 6.8කින් ඉහළ නැංවීමට ලංකා විදුලි බල මණ්ඩලය පසුගිය සැප්තැම්බර් මස කළ යෝජනාව පිළිබඳව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ තීරණය සති දෙකකින් ලබා දෙන බව එම කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළා. ඒ අනුව එම තීරණය මේ මස 15 වැනිදා හෝ…

බේරේ වැව සහ කටුනායක අතර ගුවන් ගමන් ඇරඹෙයි

මෙරට සංචාරක කර්මාන්තය දියුණු කිරීමේ තවත් අදියරක් වශයෙන් කොළඹ සහ කටුනායක අතර අභ්‍යන්තර ගුවන් ගමන් අද (03) පෙරවරුවේ ආරම්භ කෙරිණි. එහි සමාරම්භය සනිටුහන් කරමින් සිනමන් ගුවන් සමාගමට අයත් Cessna 208 වර්ගයේ SEAPLANE යානයක් කටුනායක ගුවන්තොටුපොළේ සිට අද පෙරවරුවේ පියාසර කෙරිණි.…

අද කාලගුණ නිවේදනය

අද (04) දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගූණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහිදී, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව යන පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර් 100 ට වැඩි තද වැසි…

ගුරුවරයෙක් ගිනි තබාගෙන සියදිවි හානි කරගෙන

ගුරු නේවාසිකාගාරයක් තුළ ගුරුවරයෙකු ගිනි තබාගෙන සියදිවි නසාගෙන ඇති ශෝචනීය පුවතක් කිලිනොච්චිය, තිරුවයියාරු ප්‍රදේශයෙන් වාර්තා වේ. ඊයේ (02) රාත්‍රියේ මෙම සිදුවීම සිදුව තිබුණි. මරණ පරීක්ෂණය සඳහා මෘත දේහය කිලිනොච්චි මහ රෝහලට රැගෙන ගොස් ඇති අතර මරණ පරීක්ෂණයෙන් පසු මළ සිරුර…

පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමිට සන්නස් පත්‍රය පිළිගන්වයි

සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අභිනව අනුනායක ධුරයට පත් වූ පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන් හට සන්නස් පත්‍රය පිළිගැන්වීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් සිදු විය. ඒ මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ පිහිටි ඓතිහාසික මඟුල් මඩුවේදීය. අස්ගිරි පාර්ශ්වයේ කටයුතු කළ…

විදුලි සේවකයෝ අකුරට වැඩ කිරීමෙන් ඊළඟ අදියරට මාරුවෙති

මෙතෙක් ක්‍රියාත්මක වූ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් තීව්‍ර කරමින් සඳුදා දිනයේ සිට ඉහළ නිලධාරීන් සමග සබඳතා පැවැත්වීමෙන් වැළකී සිටින බව විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ විධායක කමිටු සාමාජික ධනුෂ්ක පරාක්‍රමසිංහ පවසනවා. අද දිනය තුළ තමන් ගනුදෙනු නොකරන නිලධාරීන් සහ…

වට්ස්ඇප් වංචා සහ හැක්කිරීම් වැඩිවෙයි : අවදානමට පෙර දැනුවත්වන්න

මෑතකාලීනව ශ්‍රී ලංකාවේ වට්ස්ඇප් හරහා සිදුවන වංචා සහ හැක්කිරීම් සම්බන්ධ පැමිණිලි වැඩි වශයෙන් ලැබෙමින් පවතින බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ නිලධාරී චාරුක දමුණුපොළ පවසනවා. ඒ අනුව මේ වන විට ගිණුම් හැක්වීම් සම්බන්ධ වාර්තා වැඩි වශයෙන්…

”බෙලිඅත්තේ සනා” ලබන 9 දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

තංගල්ල සීනිමෝදර මත්ද්‍රව්‍ය සිද්ධියේ යාත්‍රාව සමග අත්අඩංගුවට ගත් සනත් වීරසිංහ හෙවත් “බෙලිඅත්තේ සනා” ලබන 9 දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අවසරය ලබා දී තිබෙනවා. ඒ තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින්.

නන්දනට හා ගම්මන්පිලට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

නන්දන ගුණතිලක සහ උදය ගම්මන්පිල යන අයට එරෙහිව ‘පුරවැසි බලය’ සංවිධානය විසින් අද (03) අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ඔවුන් විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ද්වේශ සහගත ලෙස විවේචනය කරන බවට චෝදනා කරමින් මෙම පැමිණිල්ල ගොනු…