Category Local News

2026 විසර්ජන පනත් කෙටුම්පතට CoPF අනුමතිය

2026 වර්ෂයට අදාළව ඉදිරිපත් කළ විසර්ජන පනත් කෙටුම්පත සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ (CoPF) අනුමතිය හිමිවිය. ඒ එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් පසුගියදා (23) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ය. මෙම රැස්වීමට එක්ව සිටි මුදල්…

අධික වැස්ස නිසා දිවයිනේ ජලාශ කිහිපයක ජල මට්ටම තවදුරටත් ඉහළට

පවතින අධික වර්ෂාපතනයන් හමුවේ දිවයිනේ ජලාශ කිහිපයක ජල මට්ටම තවදුරටත් ඉහළ ගොස් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කරයි. එම දෙපාර්තමේන්තුව පැවසුවේ ගාල්ල, මාතර, කළුතර‍‍, කොළඹ, නුවර, සහ නුවරඑළිය, රත්නපුර දිස්ත්‍රික්කයන් වෙත අධික වර්ෂාපතනයක් ලැබුණු බවය. එමෙන්ම කැලණි, අත්තනගලු, ගිං, බෙන්තර ආශ්‍රිතවද…

මිනුවන්ගොඩ ප්‍රදේශයේදී T-56 පතරොම් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

මිනුවන්ගොඩ පොලිස් වසමේ අඹගහවත්ත ප්‍රදේශයේදී T-56 පතරොම් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමකට ඊයේ (24 ) සවස ලද තොරතුරක් අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි සඳහන් වන්නේ. එහිදී T-56 ජීව පතරොම් 08 ක්…

අද කාලගුණ නිවේදනය

අද දිනයේදී (25) බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු සහ උතුරු-මැද යන පළාත්වලත්, ගාල්ල, මාතර සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මි.මී. 75 ට වැඩි…

ශුද්ධ පොලී ආන්තිකය අඩු කිරීමට මහ බැංකුවෙන් පියවර

බැංකු පද්ධතියේ ශුද්ධ පොලී ආන්තිකය (Net Interest Margins – NIM) දැනට පවතින සියයට 4 ඉක්මවූ මට්ටමේ සිට පහළ දැමීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව, වාණිජ බැංකු සමග එක්ව කටයුතු කරමින් සිටින බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ඊයේ (23)…

වරායේ රැකියාවක් ලබා දීමට අල්ලස් ගත් චෝදනාවට දෙදෙනෙක් අත්අඩංගුවට

ධීවර දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරියෙකු වන රුප්පේ ගෙදර මදුෂ දිලිපන ජයසූරිය සහ නිවාස ඉදි කිරීම් අමාත්‍යංශයේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායකගේ කාර්යය මණ්ඩලයේ නිලධාරියෙකු වූ ඉන්දික බණ්ඩාර විජේසුන්දර අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින්.…

ජනතාව තමන්ට ඡන්දය නොදුන් හේතුව රනිල් මන්ත්‍රීවරුන්ගෙන් විමසයි

හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ සහ මන්ත්‍රී කණ්ඩායම අතර රැස්වීමක් පසුගියදා පැවැත්වුණා. මෙහිදී ගම්පහ දේශපාලනය පිළිබඳව ගැඹුරින් සහ දීර්ඝ වශයෙන් රනිල් වික්‍රමසිංහ අදහස් දැක්වීම විශේෂත්වයක්. මෙහිදී රනිල් ගම්පහ දේශපාලනයේ හැසිරෙන ආකාරය ගැන ගැඹුරු විශ්ලේෂණයක යෙදුණා. අතීතයේ බියගම…

වසරේ මේ දක්වා කාලය තුළ ගිනිඅවි 2,000කට වැඩි ප්‍රමාණයක් පොලිස් භාරයට

මුළු දිවයිනම ආවරණය වන පරිදි ජනවාරි 12 වැනිදා සිට මේ දක්වා සිදු කළ විශේෂ මෙහෙයුමකින් අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගත් පුද්ගලයින් 5,414 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එමෙන්ම සැකපිට පුද්ගලයන් 129,448 දෙනෙකු හා වරෙන්තුකරුවන් 56,365 දෙනෙකු ද අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය.…

රජයේ දන්ත වෛද්‍යවරුන් වැඩවර්ජනයකට සුදානමින්

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ලබන මස 06 වනදා එක්දින සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව රජයේ දන්ත වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි. එහි සභාපති විශේෂඥ වෛද්‍ය නදුන් ධම්මික මහතා සඳහන් කළේ, සෞඛ්‍ය අමාත්‍යංශයේ දන්ත සේවා අධ්‍යක්ෂවරියගේ අත්තනෝමතික ක්‍රියා කලාපය…

පාසල් වේලාව විනාඩි 30කින් දීර්ඝ කිරීමට ගුරු-විදුහල්පති විරෝධය

2026 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අනුව පාසල් වේලාව විනාඩි 30කින් දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ගුරු – විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය දැඩි විරෝධය පළ කරයි. අද (24) කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ගුරු – විදුහල්පති සංගම් පැවසුවේ නොවැම්බර් 7…