Category Local News

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ අනාරක්ෂිත ස්ථාන සංවර්ධනය කෙරේ

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ මාරක බස් රථ අනතුරින් පසුව, එම මාර්ගයේ අනාරක්ෂිත ස්ථාන සංවර්ධනය කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, හඳුනාගත් ස්ථානවල ආරක්ෂිත බැමි ඉදිකිරීම, යකඩ වැටවල් සවි කිරීම, පස් බැමි ඉදිකිරීම සහ මාර්ගයේ වංගු සහිත ස්ථානවල කණ්ණාඩි සවි කිරීම…

කෙහෙළියගේ පවුලේ සාමාජිකයින්ගේ වත්කම් තහනම් කිරීමට එරෙහිව ගොනු කළ පෙත්සම් නිෂ්ප්‍රභ කෙරේ

අල්ලස් කොමිසම විසින් සිදු කරන විමර්ශනයකට අදාළව, හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පවුලේ සාමාජිකයින්ට අයත් වත්කම් තහනම් කිරීමට කොළඹ මහාධිකරණය විසින් දී ඇති නියෝගය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සම් තුනක් නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග…

ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම බාධාවකින් තොරව අඛණ්ඩව සිදු කරන බවට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින්ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම අඛණ්ඩව සිදු කරන බව එම දෙපාර්තමේන්තුව පවසනවා. ජාතික හැඳුනුම්පත් ලබා ගැනීම සඳහා මේ වන විට ලක්ෂ 15 ක පමණ ඉල්ලුම්පත් ප්‍රමාණයක් ලැබී ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. දෙපාර්තමේන්තුව වෙත දෛනිකව ජාතික…

උසස් පෙළ උපකාරක පන්ති හෙට මැදියම් රැයෙන් තහනම්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය එළැඹෙන 10 වැනිදා සිට දෙසැම්බර් මස 5 වැනි දින දක්වා පැවැත්වීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල්  ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පවසයි. විභාග කොමසාරිස් ජනරාල්වරිය පැවසුවේ ඒ අනුව දිවයින පුරා විභාග…

මෙහෙණෙින්වහන්සේ නමකට තර්ජනය කළ දෙදෙනෙකු අත්අඩංගුවට

මෙහෙණෙින්වහන්සේ නමකට පුද්ගලයින් දෙදෙනෙකු විසින් බැන තර්ජනය කරන ආකාරය දැක්වෙන සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝවට අදාළ සැකකරුවන් දෙදෙනෙකු වත්තල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වත්තල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 57 සහ 67 යන වයස්වල පසුවන පුද්ගලයින් දෙදෙනෙක්. වත්තල,…

කොටපොළ සමූපකාරයේ බලයත් විපක්ෂයට

කොටපොළ විවිධ සේවා සමූපකාර ප්‍රාදේශික නිලවරණයෙන් බහුතර බලය හිමිකර ගැනීමට සමගි ජන බලවේගය ප්‍රමුඛ පොදු විපක්ෂයට හැකි වුණා. ප්‍රකාශිත ප්‍රතිඵලවලට අනුව සමස්ථ නියෝජිතයින් 100 දෙනා අතුරින් 65 දෙනෙකු සජබ ප්‍රමුඛ පොදු විපක්ෂයෙන් පත් වී තිබෙනවා. එමෙන්ම, ජාතික ජන බලවේගයෙන් පත්ව…

රාජකාරියට බාධා කළාට කිලිනොච්චියේ 10ක් අත්අඩංගුවට

නීති විරෝධි මත්පැන් වැටලීමක් සිදු කිරීමට ගිය කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමකට පහරදීම සම්බන්ධයෙන් සැකකරුවන් 05 දෙනෙකු හා සැකකාරියන් 05 දෙනෙකු අත්අඩංගුවට තිබේ. අදාළ නිලධාරීන් පිරිස රාමනාදපුරම් පොලිස් වසමේ සුඩලකුලම් ප්‍රදේශයේ දී නීති විරෝධි මත්පැන් වැටලීමක් සිදු කර…

වතිකානු විදේශ අමාත්‍ය අගරදගුරු පෝල් රිචඩ් ගැලගර් හිමිපාණන් අද දිවයිනට

ශුද්ධාසනයේ රාජ්‍යයන් සහ ජාත්‍යන්තර සංවිධාන සමග සබඳතා පිළිබඳ ලේකම් අගරදගුරු පෝල් රිචඩ් ගැලගර් හිමිපාණන් අද (03) දිවයිනට පැමිනීමට නියමිතව තිබේ. ඒ හිමියන් අද සිට එළැඹෙන 08 දක්වා කාලය තුළ ශ්‍රී ලාංකාවේ නිල සංචාරයක නිරත වීමටද නියමිතය. ශ්‍රී ලංකාව සහ ශුද්ධාසනය…

කිතුල්ගල දී මාරක අනතුරක්

කිතුල්ගල පොලිස් වසමේ හැටන් කිතුල්ගල මාර්ගයේ 39 වන කිලෝමීටර් කණුව අසලදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. කිතුල්ගල දෙස සිට හැටන් දෙසට ධාවනය වූ කාර් රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.  අනතුරින් යතුරුපැදිකරු…

වන සුරැකුම ඒකාබද්ධ මෙහෙයුම් ඒකකය අද සිට

ස්වභාවික වන සම්පත සංරක්ෂණය කිරීමේ අරමුණින් ‘වන සුරැකුම‘ ඒකාබද්ධ මෙහෙයුම් ඒකකය අද (03) සිට ක්‍රියාත්මක වන බව පරිසර අමාත්‍යංශය පවසයි. මෙම මෙහෙයුම් ඒකකය පැය 24 පුරා ක්‍රියාත්මක 1995  කෙටි දුරකතන අංකය ඔස්සේ ක්‍රියාත්මක වේ. පරිසර අමාත්‍යාංශය යටතේ පිහිටුවනු ලබන මෙම…