Foreign

ශ්‍රී ලංකාවේ ආර්ථික යථාවත් වීම තවමත් අසම්පූර්ණයි – ලෝක බැංකුව

ශ්‍රී ලංකාවේ මෑත කාලීන ආර්ථික ක්‍රියාකාරිත්වය ශක්තිමත් මට්ටමක පවතින බව ලෝක බැංකුව පවසයි.  කෙසේවෙතත් ශ්‍රී ලංකා ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම මේ දක්වා අසම්පූර්ණව පවතින බවත්, ආර්ථික වර්ධනය තවමත් අර්බුදයට පෙර මට්ටමට වඩා පහළින් පවතින බව ද ලෝක බැංකුව වැඩිදුරටත් පෙන්වා…

ශ්‍රී ලංකාව ආයෝජන මණ්ඩලය අහෝසි කළ යුතුයි – අමෙරිකාව කියයි

මෙරට රජය විසින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) අහෝසි කළ යුතු බවත්, මීට පෙර තීරණය කළ පරිදි ඒ වෙනුවට නව නියාමන ආයතන පිහිටුවිය යුතු බව අමෙරිකාව පවසනවා. අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ2025 ශ්‍රී ලංකාවේ ආයෝජන පිළිබඳ නවතම වාර්තාවෙන් පවසන්නේ…

ප්‍රංශ අගමැති ඉල්ලා අස්වෙයි

ප්‍රංශ අගමැති සෙබස්තියන් ලෙකෝර්නු ඉල්ලා අස්වී තිබේ. ඔහු බලයට පත්වී සති කිහිපයකට පසු සහ කැබිනට් මණ්ඩලයක් නම් කිරීමෙන් පැය කිහිපයකට පසු ඉල්ලා අස්වීම, රටේ දිගුකාලීන දේශපාලන අර්බුදය තවදුරටත් ත්‍රීව්‍ර කරයි. ප්‍රංශ ජනාධිපති ධුරය අද(06) දින නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ…

නාසා වැඩ ගොඩක් නවතියි – 15000ක් ගෙදර යවයි

නාසා ආයතනයේ වෙබ් අඩවිය යාවත්කාලීන කිරීම අත්හිටුවා තිබෙනවා. දින දෙකක සිට නාසා වෙබ් අඩවිය මෙලෙස වසා දමා ඇත්‍තේ අත්‍යාවශ්‍ය නොවන සේවා වසා දැමීමට අමෙරිකානු රජය ගත් තීන්දුවකට අනුවයි. රජයේ කටයුතු ඇනහිටීම් සහ දැඩි අයවැය කප්පාදු මධ්‍යයේ නාසා ආයතනයේ සේවකයන් 15,000…

සිඩ්නි නගරයේ වෙඩි තැබීමක්

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ වීදියක සිදු වූ වෙඩි තැබීමකින් 20 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ වන බව ද සඳහන් වේ. වෙඩි තැබීම සම්බන්ධයෙන් 60 හැවිරිදි පුද්ගල‍යෙකු අත්අඩංගුවට ගෙන…

එ.ජා. මානව හිමි­කම් කවු­න්සි­ල­යේදී මහත්මා ගාන්ධි ජන්ම දිනය සම­රයි

එක්සත් ජාතීන්ගේ මානව හිමි­කම් කවු­න්සි­ල­යේදී මහත්මා ගාන්ධි­තු­මාගේ 156 වැනි ජන්ම දින සැම­රුම් විශේෂ උත්ස­ව­යක් පැවති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 1869 ඔක්තෝ­බර් 2 වැනිදා උපත ලැබූ අවි­හිං­සා­වා­දයේ පියා ලෙස සැලෙ­කන මහත්මා ගාන්ධිගේ ජන්ම දිනය යෙදී ඇති ඔක්තෝ­බර් 2 වැනිදා ජාත්‍ය­න්තර…

ජෝර්ජි­යාවේ විරෝ­ධ­තා­ක­රුවෝ ජනා­ධි­පති මන්දි­රය වට­ලති

ජොර්ජි­යාවේ නග­ර­සභා මැති­ව­ර­ණ­යෙන් අති­වි­ශිෂ්ට ජයක් ලැබූ බවට පාලක ජෝර්ජි­යන් ඩ්‍රීම් පක්ෂය නිවේ­ද­නය කිරී­මත් සමඟ එරට රජ­යට එරෙහි විරෝ­ධතා පැතිරී ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පාලක පක්ෂය ඡන්ද දුෂණ සිදු කරන බවට චෝදනා කර­මින් විප­ක්ෂයේ ප්‍රධාන පක්ෂ දෙකක් ද මැති­ව­ර­ණය…

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ ප්‍රශංසනීය මාවතක – IMF කියයි

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල ඉතා විශිෂ්ඨ ප්‍රගතියක් අත්කර ගෙන තිබෙන බව අන්තර්ජාතික මූල්‍ය අරමුදල සදහන් කරයි. අමෙරිකාවේ වොෂින්ටන් මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී එම අරමුදලේ සන්නිවේදන අධ්‍යක්ෂිකා ජුලි කොසෑක් මහත්මිය මේ බව පැවසුවාය. එසේම ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලිය සම්පූර්ණ වෙමින්…

ට්‍රම්ප් කාසියකට

අමෙරිකාවේ 250 වැනි නිදහස් සැමරුම නිමිත්තෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රුව නිරූපණය කරන සමරු කාසියක් නිකුත් කිරීමට අමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. එම සමරු කාසිය එක් පසෙකින් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ රුවෙහි පැතිකඩක් සහිතව නිර්මාණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.…

ජපානයේ පාලක පක්ෂයේ නායිකාව ලෙස සනායි තකයිචි තේරීපත් වෙයි

ජපානයේ පාලක කන්සර්වේටිව් පක්ෂය එහි නව නායිකාව ලෙස සනායෙ ටකායිචි තෝරාපත් කර ගෙන තිබෙන අතර, ඇය ජපානයේ මීළඟ අග්‍රාමාත්‍යවරිය වීමට ඉඩකඩ ඇති බව විදෙස් මාධ්‍ය වාර්ථා කරනවා. ඒ ඇය ජපාන ඉතිහාසයේ එම තනතුරට පත් වන ප්‍රථම කාන්තාව වෙනවා. පළමු වටයේ…