Category Foreign

ඉරානයේ විරෝධතාවලින් මියගිය සංඛ්‍යාව 500 ඉක්මවයි

සති දෙකක කාලයක් පුරා ඉරාන රජයට එරෙහිව පැවැත්වෙන අඛණ්ඩ මහජන විරෝධතාවලින් මියගිය සංඛ්‍යාව අද (12) අලුයම වනවිට 500 ඉක්මවන විදෙස් වාර්තා සඳහන් කරයි. මියගිය පුද්ගලයන්ගෙන් 490ක්ම විරෝධතාකරුවන් වන අතර, ආරක්ෂක නිලධාරීන් 48කටද දිවි අහිමිවී ඇති බව එම වාර්තා පෙන්වා දේ.…

ඉන්දි­යානු ආධාර යටතේ උතුරු දුම්රිය මාර්ගය නවී­ක­ර­ණ­යට

උතුරු දුම්රිය මාර්ගය ඉන්දි­යානු ආධාර යටතේ නවී­ක­ර­ණය කිරී­මට මාස 2ක කාල­යක් දුම්රිය මාර්ගය වසා තැබී­මට සිදු වන බව දුම්රිය සමා­න්‍යා­ධි­කාරී රවීන්ද්‍ර පත්ම­ප්‍රිය මහතා පව­සයි. දිට්වා සුළි කුණා­ටු­වෙන් හානි­යට පත් උතුරු දුම්රිය මාර්ගය සකස් කර­මින් සිටි­යදී අය­හ­පත් කාල­ගු­ණය හේතු­වෙන් යළිත් වරක්…

ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක්

ඉන්දුනීසියාවේ තලාවුඩ් දූපත් වෙරළට ඔබ්බෙන් රික්ටර් මාපකයේ 6.4ක ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබේ. එරට වේලාවෙන් අද පස්වරු 02.58ට පමණ මෙය හටගෙන ඇති බව සඳහන් වේ. භූ කම්පනය කිලෝමීටර් 77 (සැතපුම් 47.85) පමණ ගැඹුරකින් යුත් ප්‍රදේශයක හට ගෙන ඇති බව අමෙරිකානු…

සිරියාවේ IS ඉලක්ක වෙත අමෙරිකාවෙන් දැවැන්ත ප්‍රහාරයක්

සිරියාවේ ක්‍රියාත්මක IS ත්‍රස්ත සංවිධානයට අයත් ඉලක්ක කිහිපයක් වෙත අමෙරිකා එක්සත් ජනපද හමුදාව විසින් දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර තිබේ. අමෙරිකා හමුදාව සඳහන් කරන්නේ,  IS ත්‍රස්ත සංවිධානය විසින් පසුගිය මාසයේදී සිදුකළ ප්‍රහාරයකින් අමෙරිකානු හමුදා සෙබළු දෙදෙනෙකු සහ අමෙරිකානු සිවිල් පරිවර්තකයෙකු…

ඉරානයේ රෝහල් මළ සිරුරු සහ තුවාල ලැබූවන්ගෙන් පිරී යයි

ඉරානයේ රාජ්‍ය විරෝධී විරෝධතා දිගටම පවතින බවත් එහිදී ඇතිවන තත්ත්වයන් මත මියගිය හෝ තුවාල ලැබූ රෝගීන්ගෙන් රෝහල් පිරී ඇතැයි ඉරානයේ රෝහල් තුනක කාර්ය මණ්ඩලය උපුටා දක්වමින් බීබීසී පුවත් සේවය වාර්තා කරයි. ටෙහෙරාන් රෝහලක වෛද්‍යවරයකු පැවසුවේ “ඇතැම් තරුණයන්ගේ හිසට, ඔවුන්ගේ හදවත්වලට…

‘ඊශ්‍රායල අගමැතිව පැහැරගන්න’ -පාකිස්ථාන ආරක්ෂක ඇමති ඉල්ලයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ‘මනුෂ්‍යත්වයේ දරුණුතම අපරාධකරු’ ලෙස හඳුන්වමින්, ඔහුව පැපාකින ගොස් අධිකරණය හමුවට පමුණුවන ලෙස පාකිස්ථාන ආරක්ෂක අමාත්‍ය කවාජා අසීෆ් අමෙරිකාවෙන් සහ තුර්කියෙන් ඉල්ලා සිටිනවා. පාකිස්ථානයේ විශාලතම රූපවාහිනී නාලිකාව වන ‘ජියෝ’ නාලිකාව සමඟ පැවති සජීවී සම්මුඛ සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ…

“ග්‍රීන්ලන්තය අප සතු කරගත යුතුයි, නැතිනම් රුසියාව හෝ චීනය එය අත්පත් කරගනු ඇති” – ජනපති ට්‍රම්ප්

රුසියාව හෝ චීනය අනාගතයේදී ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීම වැළැක්වීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය එම දූපතේ අයිතිය ලබාගත යුතු බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරනවා. ධවල මන්දිරයේදී තෙල් සමාගම් විධායක නිලධාරීන් හමුවූ අවස්ථාවකදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන්…

බ්‍රසීලයෙන් මෙරටට ඉහළ ධාරිතාවයකින් යුත් ජල පවිත්‍රකරණ ඒකක දහයක් පරිත්‍යාග කෙරේ

දිට්වා සුළි කුණාටුවෙන් පසු සිදුකෙරෙන කටයුතු සඳහා ශ්‍රී ලංකාවට ආධාර වශයෙන්, බ්‍රසීල රජය මගින් ඉහළ ධාරිතාවයකින් යුත් ජල පවිත්‍රකරණ ඒකක දහයක් පරිත්‍යාග කර තිබෙනවා. ඊට අදාළ ලේඛන විධිමත් ලෙස භාරදීමේ කටයුතු පසුගියදා විදේශ කටයුතු අමාත්‍යාංශයේදී සිදුවුණා. එහිදී කොළඹ බ්‍රසීල තානාපති…

ඉරානයේ උත්තරීතර නායකයා පළවා හැරීමේ විරෝධතා දරුණුවෙයි

ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි බලයෙන් පහ කරන ලෙස ඉල්ලා දින ගණනාවක් පුරා ක්‍රියාත්මක විරෝධතා මේ වනවිට ප්‍රචණ්ඩ මුහුණුවරක් ගෙන තිබේ. විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ, අඛණ්ඩව 12 වන දිනටත් ක්‍රියාත්මක මෙම විරෝධතා මේ වනවිට ඉරානයේ පළාත් 31 පුරා නගර…

ශ්‍රී ලංකාව ජර්මනිය සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුමකට

විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අදාළව ජර්මනිය සහ ශ්‍රී ලංකාව අතර ද්වීපාර්ශ්වික ගිවිසුමකට එළඹ තිබෙනවා. මෙම ගිවිසුම යටතේ ප්‍රතිව්‍යුහතග කරන ලද ඇස්තමේන්තුගත ණය ප්‍රමාණය යුරෝ මිලියන 188 ක් පමණ වන බවයි මුදල් අමාත්‍යංශය නිවේදනය කළේ. මේ හරහා ජර්මනිය හා ශ්‍රී…