Category Foreign News

බෝම්බ බියක් හේතුවෙන් දිල්ලි ගිය ගුවන් යානයක් ආපසු හරවයි

බෝම්බ බියක් හේතුවෙන් තායිලන්තයේ ෆුකට් දූපතේ සිට නවදිල්ලිය බලා පියාසර කරමින් තිබු එයාර් ඉන්දියා ගුවන්යානයක් ආපසු ගුවන්තොටුපොළ වෙත හරවා යවා තිබෙනවා. බෝම්බයක් ඇති බවට ලද තොරතුරක් පිළිබඳව යානයේ නියමුවා එරට වේලාවෙන් උදෑසන 9.30ට පමණ පාලක මැදිරියට දැනුම් දී ඇති බවයි.…

ඉරාන සන්නද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මොහොමඩ් බගරි ඝාතනයට ලක්වෙයි

ඊශ්‍රායල් ප්‍රහාර හමුවේ ඉරාන සන්නද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මොහොමඩ් බගරි ඝාතනයට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අද (13) අලුයම ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් ඉරාන විප්ලවාදී ආරක්ෂක බලකායේ ප්‍රධාන අණදෙන නිලධාරි හොසේන් සලාමි මියගියේය. ඉරාන රාජ්‍ය මාධ්‍ය ඒ…

ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට දැනුම් දීමක්

ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම් උත්සන්නවීමත් සමග මැද පෙරදිග කලාපයේ ඇතිව තිබෙන වාතාවරණය හමුවේ ශ්‍රී ලාංකික ප්‍රජාව වඩාත් විමසිලිමත්ව පසුවිය යුතු බව ඊශ්‍රායලයේ මෙරට තානාපති නිමල් බණ්ඩාර පවසනවා.  ඒ අනුව ඊශ්‍රායලයට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින පිරිස් සිය ගුවන් ගමන් ප්‍රමාද කිරීම…

නරේන්ද්‍ර මෝදි ගුවන් අනතුර සිදුවූ ස්ථානයට යයි

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි එයාර් ඉන්දියා ගුවන් අනතුර සිදු වූ ස්ථානයට ගොස් තිබෙනවා. තුවාල ලැබූවන් හමුවීම සඳහා අහමදාබාද් සිවිල් රෝහලටද ඔහු ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.  මේ අතර සර්දාර් වල්ලභභායි පටෙල් ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මෙහෙයුම් සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බවයි…

හාර්වඩ් විශ්ව­වි­ද්‍යා­ල­යට එරෙ­හි විම­ර්ශ­න­යකට අමෙ­රි­කානු රාජ්‍ය ලේක­ම්ගෙන් උප­දෙස්

අමෙ­රි­කානු රජයේ අසා­දු­ලේ­ඛ­න­ගත නිල­ධා­රින්ගේ සහ­භා­ගි­ත්ව­යෙන් චිනයේ පැවැති සෞඛ්‍යා­ර­ක්ෂණ සමු­ළු­ව­කට හාර්වඩ් විශ්ව­වි­ද්‍යා­ලය සහ­යෝ­ගී­තාව ලබා­දී­මෙන් රජයේ සම්බා­ධක උල්ලං­ඝ­නය වූයේ­දැයි විම­ර්ශ­න­යක් සිදු කරන ලෙස රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ එරට භාණ්ඩා­ගාර දෙපා­ර්ත­මේ­න්තු­වට උප­දෙස් දී ඇතැයි නිව්යෝර්ක් ටයිම්ස් පුවත් සේවය වාර්තා කළේය. චීනයේ ෂින්ජියැං ප්‍රාන්තයේ…

චීන සාකච්ඡා සාර්ථකයි – ට්‍රම්ප් කියයි

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරු­බදු ප්‍රති­ප­ත්ති­යෙන් අමෙ­රි­කාව සහ චීනය අතර උද්ගත වූ වෙළෙඳ අර්බු­ද­යට විස­ඳුම් සෙවීම සඳහා දෙරටේ නියෝ­ජි­ත­යන් අතර ලන්ඩන් නුවර පැවැති දෙවැනි වටයේ සාක­ච්ඡා­ව­ලදී දෙපා­ර්ශ්ව­යම එක­ඟ­තා­ව­කට පැමිණි බව අමෙ­රි­කානු ජනා­ධි­පති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අමෙ­රි­කානු…

ඊශ්‍රායලයෙන් ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

ඊශ්‍රායලය ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඇතුළු ස්ථාන කිහිපයක් වෙත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ. ඔවුන් මෙම ප්‍රහාර නම් කර ඇත්තේ ‘සතුරා අඩපණ කිරීමේ ප්‍රහාර’ ලෙසය. ඉරානයේ ටෙහෙරාන් ඇතුළු කලාප කිහිපයකින් පිපිරීම් වාර්තා වී ඇතැයි එරට මාධ්‍ය විසින් ද තහවුරු කර…

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල 4% කින් ඉහළට

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල සියයට 4කින් පමණ ඉහළ ගොස් තිබෙනවා.  මැද පෙරදිග රටවල පවතින ගැටුම්කාරි තත්ත්වය හමුවේ මෙලෙස මිල ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.  ඒ අනුව මේ වනවිට ඩබ්ලිව් ටී.අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 67.…

සිරියානු කාන්තාවන්ට පොදු වෙරළ තීරයන්හි බුර්කාව පැළඳීම අනිවාර්ය කෙරේ

සිරියානු කාන්තාවන්ට පොදු වෙරළ තීරයන්හි බුර්කාව පැළදීම අනිවාර්ය කර තිබෙනවා.  සිරියාවේ ඉස්ලාමීය නායකත්වයෙන් යුත් අන්තර්කාලීන රජය මගින් නිකුත් කර ඇති මෙම නියෝගයේ දැක්වෙන්නේ ‍මහජන ආරක්ෂක ප්‍රමිතීන් වැඩි දියුණු කිරීම සහ විනීතභාවය ආරක්ෂා කිරීම අරමුණු කරගනිමින් මෙම පියවරට එළඹ ඇති බවයි. …

අනතුරට පත් ඉන්දීය යානයේ ගමන්ගත් සියල්ලෝම ජීවිතක්ෂයට

යාවත්කාලීන කිරීම: (12/06 – 17.50 P.M.) අහමදාබාද් නගර පොලිස් කොමසාරිස්වරයා ඇසෝසියේටඩ් ප්‍රෙස් වෙත සඳහන් කර ඇත්තේ අනතුරට ලක් වූ ගුවන් යානයෙන් දිවි ගලවා ගත් කිසිවෙකු නොමැති බවයි. “ගුවන් අනතුරින් දිවි ගලවා ගත් කිසිවෙකු නොමැති බව පෙනේ,” යනුවෙන් කොමසාරිස් ජී.එස්. මලික් සඳහන්…