Category Foreign News

ඉරානයට එල්ල කළ අමෙරිකානු ප්‍රහාරය චීනය දැඩි ලෙස හෙලාදකී

ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එක්සත් ජනපදය එල්ල කළ ප්‍රහාරය චීනය දැඩිව හෙළා දකින බව චීන විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.  ජාත්‍යන්තර පරමාණුක බලශක්ති නියෝජිතායතනයේ අධීක්ෂණය යටතේ පවතින න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ල කළ මෙම ප්‍රහාරය, එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ අරමුණු හා මූලධර්ම සහ ජාත්‍යන්තර නීතිය බරපතළ ලෙස…

ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම් දීමක්

ඉරානයේ න්‍යෂ්ටික බලාගාර ආශ්‍රිත ප්‍රදේශවලට එල්ල වූ අමෙරිකානු ප්‍රහාරවලින් පසුව ඊශ්‍රායලයේ උතුරු හා මධ්‍යම නාගරික ප්‍රදේශවලට ඉරාන මිසයිල ප්‍රහාර ගණනාවක් එල්ල වී ඇති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසයි. මැදපෙරදිග ගැටුම් පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ…

ඊශ්‍රායලයේ නවතම තත්ත්වය ගැන ශ්‍රී ලංකාතානාපතිවරයාගෙන් පැහැදිලි කිරීමක්

ගතවූ පැය 24 තුළ ඊශ්‍රායලයට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාර වලින් ශ්‍රී ලාංකිකයන්ට හෝ වෙනත් කිසිවෙකුට සිදු වූ තදබල හානි වාර්තා නොවන බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාතිපති නිමල් බණ්ඩාර පවසනවා.  සිය මුහුණු පොතේ සටහනක් තබමින් තානාතිපතිවරයා සදහන් කර ඇත්තේ ඉරාන –…

ඉරානයේ න්‍යෂ්ටික ඉලක්ක තුනකට අමෙරිකාවෙන් ගුවන් ප්‍රහාර

ඉරාන – ඊශ්‍රායල යුද ගැටුම් මැද ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනකට අමෙරිකානු ප්‍රහාරයක් එල්ල වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇති ආකාරයට ෆෝඩෝ, නටාන්ස් සහ එස්ෆහාන් ඇතුළු ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනකට මෙලෙස ප්‍රහාර එල්ල වී ඇති බවය. රොයිටර් පුවත් සේවයට අනුව…

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල තවදුරටත් ඉහළට

මැද පෙරදිග යුද උණුසුම ඉහළ යාමත් සමග ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල තවදුරටත් ඉහළ යමින් පවතිනවා. ඒ අනුව ඩබ්ලිව් ටී අයි වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන්ව ඇත්තේ ඩොලර් 73.84 ක් ලෙසයි. එමෙන්ම බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 77.01ක්.

ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම : ඉරානයේ ප්‍රධාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන 3 ක් අමෙරිකාව විනාශ කරයි

ඊශ්‍රායලය විසින් ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කිරීමත් සමඟ දෙරට අතර යුධමය තත්ත්වයක් ඇතිවූ අතර, මේ වන විට එය තීරණාත්මක ස්ථානයකට පැමිණ තිබෙනවා. එහි නවතම තත්ත්වය : 6.40 AM * ඉරානයේ ප්‍රධාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනට ප්‍රහාර එල්ල කළ බව අමෙරිකානු…

උතුරු ඉරානයේ මිසයිල බහුල ප්‍රදේශයක ප්‍රබල භූමිකම්පාවක්

උතුරු ඉරානයේ රික්ටර් මාපක 5.1 භූමිකම්පාවක් ඊයේ (20) සිදුව ඇති බව වාර්තා වේ. උතුරු ඉරානයේ සෙම්නාන් ප්‍රදේශයේ බලගතු භූමිකම්පාවක් ඇති වූ අතර, එය දැනටමත් ආතතීන්ගෙන් පිරී තිබූ කලාපයක් කැළඹීමට හේතු වි ඇති අතර මිසයිල සංකීර්ණයක් සහිත නගරයක් අසල ඇති වූ…

ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රි ලාංකිකයින්ගේ වීසා බලපත් කාලය මාස තුනකින් දීර්ඝ කෙරේ

දැනට පවතින නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන්, ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ වීසා කාලය මාස තුනකින් දීර්ඝ කිරීමට එරට ආගමන විගමන ආයතනය පියවර ගෙන තිබෙනවා. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කර සිටියා. ඒ අනුව…

අනතුරට පත් ගුවන් යානය ගැන එයාර් ඉන්දියා සමාගමෙන් ප්‍රකාශයක්

පසුගිය සතියේ කඩා වැටුණු එයාර් ඉන්දියා ගුවන් යානයේ එක් එන්ජිමක් අලුත් වූ අතර අනෙක දෙසැම්බර් වන තෙක් සේවා සැපයීමට නියමිතව නොතිබූ බව ගුවන් සමාගමේ සභාපතිවරයා පවසනවා.  ඉන්දියානු ප්‍රවෘත්ති නාලිකාවක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් එන් චන්ද්‍රසේකරන් පැවසුවේ ගුවන් යානයේ එන්ජින් දෙකටම…

චීන ජාතික රැඳවියන් 85 දෙනෙකු පිටුවහල් කෙරේ

මෙරට රැදී සිටිමින් පරිගණක ඇතුළු විවිධ අපරාධවලට වරදකරුවන් වූ චීන ජාතික රැඳවියන් 85 දෙනෙකු අද අලුයම එරට වෙත පිටුවහල් කර තිබෙනවා.  මොවුන් මෙරට අධිකරණය මගින් වැරදිකරුවන් කිරීමෙන් අනතුරුව බන්ධනාගාර ගත කර සිටි අතර පසුව පිටුවහල් කිරීමේ තීරණය මත වැළිසර පිහිටි…