Category Business

අපනයන කර්මාන්ත ක්ෂේත්‍රයේ අභියෝග පිළිබඳ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්

අපනයන කර්මාන්ත ක්ෂේත්‍රයේ අභියෝග පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල ප්‍රධානීන් සහ මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ නිලධාරීන් එක් ව සිටී මෙම සාකච්ඡාවේදී දේශීය නිෂ්පාදනය…

යූරියා මෙට්‍රික්ටොන් 15,000 ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය

රාජ්‍ය පොහොර සමාගම මගින් යූරියා පොහොර මෙට්‍රික් ටොන් 15,000ක් ආනයනය කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා. පෞද්ගලික අංශය සමග තරගකාරීව ගොවීන්ට පොහොර සැපයීමේ අරමුණින්, 2023/24 මහ කන්නයේ සිට පොහොර ආනයනය කර අලෙවි කිරීමට මෙම රාජ්‍ය සමාගමට මීට පෙර (2023…

නොනිදන කොළඹ ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය

කොළඹ නගරයේ රාත්‍රී කාලයේ සංචාරක කටයුතු නංවාලීමෙන් මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණින් “නොනිදන කොළඹ” නමින් නව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දී තිබෙනවා. “සමුද්‍රීය මාර්ගයේ රාත්‍රී යාමය: නොනිදන කොළඹ” (Marine Nights: Awakening Colombo) යන තේමාව යටතේ මෙම වැඩසටහන…

අමෙරිකානු තීරුබදු ගැන සාකච්ඡාවක් ශ්‍රී ලංකා නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් අද වොෂින්ටන් හිදී

අමෙරිකාව විසින් මෙරටට පැනවූ තීරු බදු සම්බන්ධයෙන් වන තවත් සාකච්ඡාවක් අද (27) වොෂින්ටන් හිදී ආරම්භවීමට නියමිතව තිබෙනවා. අමෙරිකානු වෙළෙඳ නියෝජිත කාර්යාලය කළ ආරාධනයකට අනුව පැවැත්වෙන මෙම සාකච්ඡාව සඳහා මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම ඇතුළු පිරිසක් ශ්‍රී ලංකාව…

මිලියනය ඉක්මවූ සංචාරකයින් ප්‍රමාණයක් 2025 මුල් මාස පහ‍ේදී මෙරටට පැමිණෙයි

2025 වසරේ මුල් මාස 05 තුළ මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව මිලියනය ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. ඒ අනුව ජනවාරි මාසයේ සිට මැයි මාසය දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,006,097ක් වන බවයි එම අධිකාරිය…

මස්ක්ගේ ‘X’ හදිසි බිඳවැටීමක්

එලොන් මස්ක්ට අයත් සමාජ මාධ්‍ය වේදිකාව වන X, ගෝලීය වශයෙන් බිඳවැටීමකට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. පරිශීලකයින් රැසකට පණිවිඩ නොලැබීම, සටහන් පළ කිරීමේ අපහසුතාව ඇතුළු විවිධ ගැටළුවලට මුහුණ දීමට සිදුව ඇති බවත්, පරිගණක සහ ජංගම දුරකථන උපාංගයන්හි X…

පොල් මිල යළිත් ඉහළට

මේ වනවිට වෙළඳපොලේ ලුණු හිගයක් නිර්මාණය වී ඇති පසුබිමක පොල් ගෙඩියක මිලද යළිත් වරක් රුපියල් 250 ඉක්මවා තිබෙනවා. ලුණු හිඟයට පිළියමක් ලෙස රජය ඉන්දියාවෙන් ආනයනය කළ ලුණු තොග මේ වන විට දිවයිනට ලැබෙමින් පවතින බවයි ජාතික ලුණු සමාගම ප්‍රකාශ කළේ.…

ජපානය පසු කරමින් ඉන්දියාව ලොව විශාලම ආර්ථිකයේ 04 වන තැනට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිකුත් කළ ලෝක ආර්ථික දැක්ම වාර්තාවට අනුව, 2025 වසරේදී ඩොලර් ට්‍රිලියන 4 ක ආදායමක් උපයාලමින් ඉන්දියාව ලොව 4 වන විශාලම ආර්ථිකය බවට පත්ව තිබෙනවා.   ඒ, මීට පෙර එම ස්ථානයේ සිටි ජපානය පසුකරමිනුයි.  විදෙස් මාධ්‍ය වාර්තාවලට…

මැයි මාසයේ මුල් දින 21ට සංචාරකයින් 90,000ක් ඇවිත්

මෙම මාසයේ මුල් දින 21 තුළ මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 90,000 ඉක්මවා ගොස් තිබේ. සංචාරක සංවර්ධන අධිකාරිය පවසන්නේ මේ මාසයේ මුල් දින 21 තුළ සංචාරකයින් 91,785ක් මෙරටට පැමිණ ඇති බවයි. ඒ අතරින් වැඩිම සංචාරකයින් සංඛ්‍යාවක් පැමිණ ඇත්තේ, ඉන්දියාවෙනි. ඒ…

ට්‍රම්ප් යුරෝපා සංගමයට 50%ක තීරුබදු පනවයි

යුරෝපා සංගමයෙන් එක්සත් ජනපදයට ආනයනය කරන භාණ්ඩ සඳහා 50%ක තීරු බදු පැනවීමට තමන් නිර්දේශ කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඒ අනුව, ජුනි 01 වැනිදා සිට සුඛෝපභෝගී භාණ්ඩ, ඖෂධ සහ අනෙකුත් භාණ්ඩ සඳහා දැඩි බදු පැනවෙනු ඇති බවයි අමෙරිකානු…