Category Business

රජයේ සේවකයන්ට ලබා දෙන ආපදා ණය ප්‍රමාණය ලක්ෂ හතර දක්වා ඉහළට

රාජ්‍ය සේවකයින් සඳහා ආපදා ණය ලබාදීම සම්බන්ධයෙන් නව විධිවිධාන ඇතුළත් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. ඒ් අනුව, එහි දැක්වෙන්නේ 2025 අයවැය යෝජනා මගින් රාජ්‍ය සේවකයන්ගේ අවම මූලික වැටුප් වැඩිකිරීම සැලකිල්ලට ගෙන රාජ්‍ය සේවකයන් සඳහා ආපදා ණය ලබාදීමේ උපරිම සීමාව දැනට…

FitsAir ගුවන් සමාගම, ව්‍යාපාරික පන්තිය හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ පළමු පෞද්ගලික හිමිකාරීත්වය සහිත ජාත්‍යන්තර ගුවන් සේවයක් සහ ප්‍රමුඛතම අඩු පිරිවැය ගුවන් සේවයක් වන FitsAir ගුවන් සමාගම, 2025 අප්‍රේල් 25 වන දින සිට එහි කලාපීය ගුවන් ගමන් ජාලය සඳහා ව්‍යාපාරික පන්තිය හඳුන්වා දුන් බව නිවේදනය කරයි. මෙම හඳුන්වා…

Hayleys Solar Powers වෙළෙඳපොළට හඳුන්වා දෙයි

මෙරට ප්‍රමුඛතම සූර්ය බලශක්ති සැපයුම්කරු වන Hayleys Solar විසින් ගෝලීය පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන BYD සමඟ හවුල්කාරිත්වයක් ආරම්භ කරමින් ශ්‍රී ලංකාවේ වෙළෙඳපළ වෙත අති නවීන බලශක්ති ගබඩා සහ ඉන්වර්ටර් විසඳුම් පසුගියදා හඳුන්වා දෙන ලදි. මේ ඔස්සේ රටේ බලශක්ති ආරක්ෂාව…

ඉදිරි ආර්ථික පිම්මකට මඟ කියන ශ්‍රී ලංකා වියට්නාම් සබඳතාව

ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර සම්බන්ධතා හා තුන්වැනි ලෝකයේ දියුණු වෙමින් පවතින රටක් ලෙස ශ්‍රී ලංකාවට එහි ඇති වැදගත්කම සහ ජනපතිවරයාගේ ඉකුත් වියට්නාම සංචාරයෙන් පසුව දෙරටේ සහසම්බන්ධතා වැඩිදියුණු වීමට කරුණු යෙදුණු අන්දම ආදී කරුණු පිළිබඳ කැලණිය විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සම්බන්ධතා ඒකකයෙහි…

පානීය ජල බෝතල් වැඩි මිලට අලෙවි කළ සුපිරි වෙළෙඳසැලකට මිලියන 2ක දඩයක්

පානීය ජල බෝතල් වැඩි මිලට අලෙවි කළ, යුනියන් පෙදෙසෙහි පිහිටි සුපිරි වෙළෙඳසැල් ජාලයකට අයත් ශාඛාවකට රුපියල් මිලියන 2ක දඩයක් නියම කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා. ඉකුත් අප්‍රේල් 01 වැනිදා සිට දේශීයව නිෂ්පාදනය කරනු ලබන පානීය ජල බෝතල්…

තවත් ඩො.මිලියන 344 ක මූල්‍ය පහසුකම් සැලසෙන IMF සාකච්ඡා සාර්ථකයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන් වසර හතරක විස්තීරණ ණය පහසුකම් වැඩසටහන යටතේ හතරවන සමාලෝචනයට අදාළව ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ නිලධාරී මට්ටමේ එකඟතාවකට පැමිණ තිබේ. මෙම සමාලෝචනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය අනුමත කිරීමෙන් පසුව ශ්‍රී ලංකාවට තවත්…

EPF ආයෝජනය කළ කෝටි 2179ක් වතුරේ ගිහින්-ජාතික විගණන වාර්තාවක් හෙළිකරයි

සේවක අර්ථසාධක අරමුදල, විවිධ සමාගම්වල ආයෝජනය කළ රුපියල් මිලියන 21,791.88ක මුදලක් (කෝටි 2179) වෙනුවෙන් කිසිදු ප්‍රතිලාභයක් ලැබී නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක දැක්වේ. 2023 දෙසැම්බර් 31 දිනට අරමුදලේ ලැයිස්තුගත සමාගම් 15ක රුපියල් මිලියන 17401.39 වූ සාමාන්‍ය කොටස් ආයෝජන…

2025දී ශ්‍රී ලංකා ආර්ථිකය වර්ධනය වේවි-ලෝක බැංකුව පවසයි

ශ්‍රී ලාංකික අපට තනිව පාලනය කළ නොහැකි ලෝකයේ බලවත් රටවල බදු පැනවීම් ඇතුළු අනෙකුත් අභියෝග රාශියක් මැද පවා 2025දී ශ්‍රී ලංකාවේ ආර්ථිකය සියයට 3.5 (තුනයි දශම පහක) මධ්‍යස්ථ අගයකින් වර්ධනය වනු ඇතැයි ලෝක බැංකුව සඳහන් කරයි. වසර 2024දී ශ්‍රී ලංකාවේ…

උද්ධමනයේ වෙනසක්

ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2025 මාර්තු මාසයේ මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය -1.9%ක් දක්වා ඉහළ ගොස් තිබෙයි. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ 2025 පෙබරවාරි මාසයේ දී මෙම අගය -3.9%ක් ලෙස සටහන් වූ බවයි. එමෙන්ම මාර්තු මාසයේදී ආහාර උද්ධමනය…

ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය ගැන ආසියානු සංවර්ධන බැංකුවෙන් සහතිකයක්

2026 වසරේදී ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය 4.5ක් දක්වා ඉහළ යනු ඇති බව ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා නේවාසික ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥ ලිලියා අලෙක්සාන්යාන් මහත්මිය පවසයි. ආසියානු සංවර්ධන බැංකුවේ ඉදිරි දැක්ම එළිදක්වමින් ඇය මේ බව සඳහන් කළාය. පසුගියදා කොළඹදී පැවැති…