News Editor

News Editor

සර්ව ජන බලය නමින් නව දේශපාලන ව්‍යාපාරයක් ඇරඹෙයි

දේශපාලන පක්ෂ කිහිපයක් සහ සිවිල් සංවිධාන කිහිපයක් එක් වී සර්ව ජන බලය නමින් නව සන්ධානයක් පිහිටුවා ගෙන තිබෙයි. මේ සඳහා වන අවබෝධතා ගිවිසුමට අද (27) අත්සන් තැබුණි. ‘එක්ව නංවන රටක් – සතුටු පිරුණු දැයක්’ තේමා කරගනිමින් දේශපාලන පක්ෂ කිහිපයක් සහ…

කාලගුණයෙන් රතු නිවේදනයක් නිකුත් කෙරේ, නිරිත දිග මෝසම් තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වේ.

තද සුළං සහ මුහුද රළු වීම පිළිබඳව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අනතුරු  ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹසහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මි.මී. 75 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැක.…

ප්‍රංශ තානාපතිවරයා නිල නිවස තුළ මියගිහින්

ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ, ප්‍රංශ තානාපතිවරයා රාජගිරිය ප්‍රදේශයේ පිහිටි සිය නිල නිවස තුළදී මියගොස් ඇති බව පොලීසිය පවසයි. Jean Francois Pactet මහතා මියයන විට 53 හැවිරිදි වියේ පසුවිය. හදිසියේ ඇති වූ රෝගාබාධයක් හේතුවෙන් මෙම මරණය සිදුවි තිබෙන බව ආරංචි මාර්ග පෙන්වා දෙයි. දේහය…

ටොනේඩෝ සුළි සුළං සහ කුණාටු හේතුවෙන් එක්සත් ජනපදය පුරා 15 දෙනෙක් මියයයි.

එක්සත් ජනපදයේ මධ්‍යම ප්‍රදේශ හරහා හමා ගිය ටොනේඩෝ සුළි සුළං සහ කුණාටු හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 15 දෙනෙකු මිය ගොස් ඇති අතර, නිවාස විනාශ කර සිය දහස් ගණනකට විදුලිය විසන්ධි කර ඇත. උතුරු ටෙක්සාස් ප්‍රදේශයේ පුද්ගලයන් හත් දෙනෙකු ද, ආර්කන්සාස්…

චණ්ඩ සුළි කුණාටුවක් ඉදිරි පැය කිහිපය තුළ

බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින සුළි කුණාටුව ඉදිරි පැය කිහිපය තුළ චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි. එම සුළි කුණාටුව හෙට (27) අලුයම වනවිට බංග්ලාදේශය දෙසට ගමන් කරනු ඇතැයි ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන්…

අයිපීඑල් කිරුළ කොල්කටා නයිට් රයිඩර්ස් දිනාගනී

වසර 10කට පසු ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරයන් වීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත් විය. චෙන්නායි නුවරදී ඊයේ රාත්‍රිෙය් පැවති තරගාවලියේ අවසන් තරගයේදී සන්රයිසස් හයිද්‍රාබාද් පිල කඩුලු 8කින් පරාජය කළ කොල්කටා පිල දිනා ගත්තේ තෙවැනි අයිපීඑල් ශූරතාවයි. අවසන් වරට…

සියලුම ජනතාවගේ නිශ්චල සහ චංචල දේපොළ ගැන තොරතුරු ලබාදීම අනිවාර්ය කරමින් ගැසට් නිවේදනයක්

රජයේ ආයතන ඇතුළු මෙරට පුරවැසියන්ගේ නිශ්චල හා චංචල දේපළ පිළිබඳ තොරතුරු ජුලි මස පළමු වනදා සිට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත අනිවාර්යෙන්ම ලබාදිය යුතු බවට නියම කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව මෙරට පුද්ගලයින්ගේ ලියාපදිංචි කළ ඉඩම්වල, දේපොළවල…

වතු සේවකයන්ට වැඩි කළ වැටුප ගෙවීමට නොහැකි නම්, එම සමාගම්වල බදු ගිවිසුම් අහෝසි කර නව ආයෝජකයින්ට වතු ලබාදෙනවා – රංජිත් සියඹලාපිටිය

රුපියල් 1350 ක මූලික වැටුප හා රුපියල් 350 ක විශේෂ දීමනාව සමග රුපියල් 1700 ක් දක්වා වතු සේවක වැටුප් වැඩි කිරීම පසුගිය 21 වැනිදා සිට ක්‍රියාත්මක බව වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමත්‍ය සහ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. යම් සමාගමක්…

යුපුන් අබේකෝන් පළමු ස්ථානය දිනාගනියි

ජර්මනියේ පැවති ඇන්හල්ට් මලල ක්‍රීඩා ශුරතා තරගාවලියේදී පිරිමි මීටර 100 ධාවන ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට යුපුන් අබේකෝන් (24) සමත් විය. ඔහු මෙම ඉසව්ව අවසන් කළේ තත්පර 10.16කිනි. යුපුන් මූලික වටයේදී තත්පර 10.15 දක්ෂතාවක් වාර්තා කරමින් ප්‍රථම ස්ථානය දිනා අවසන්…

කළු සහ කැලණි ගංගා ගංවතුර අවදානම් මට්ටමට

කැලණි සහ කළු ගංගාවල ධාරා ප්‍රදේශ වෙත අද දිනයේ අධික වැසි ලැබුණහොත් ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවධානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ඉංජිනේරු spc සුගීෂ්වර මහතා මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස්…