News Editor

News Editor

අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 400ක් සමග ඇල්ලූ ජාවාරම්කරුවන් සහ මත්ද්‍රව්‍ය තොගය කොළඹ වරායට

ඉන්දීය මුහුදු සීමාවේදී අත්අඩංගුවට පත් අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට ධීවර යාත්‍රා දෙක සහ එහි සිටි සැකකරුවන් අද (02) කොළඹ වරායට රැගෙන විත් තිබෙනවා. ශ්‍රී ලංකා නාවික හමුදාවේ ගජභා නෞකාව මේ සඳහා එක්වී තිබූ අතර ඉන්දීය නාවික හමුදාව සහ…

අද අගවිනිසුරු ධුරයේ දිවුරුම් දෙන විනිසුරු මුර්දු ප්‍රනාන්දු

මෙරට නව අගවිනිසුරුවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය අද (02) දිවුරුම් දීමට නියමිතව තිබෙනවා. ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ යි. අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විශ්‍රාම යාමත් සමග මුර්දු ප්‍රනාන්දු මහත්මිය මෙම තනතුර සඳහා නම් කරනු ලැබුවා. 1985…

උතුරු පළාතට අද වැසි

උතුරු පළාතේ අද (02) වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව…

දකුණු අප්‍රිකාවට ලකුණු 233ක ජයක් ශ්‍රී ලංකාව ටෙස්ට් ශූරතාවලියේ තුනෙන් 4ට

දකුණු අප්‍රිකාව සමඟ පැවති පළමු ටෙස්ට් තරගයෙන් සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 233ක දැවැන්ත පරාජයක් අත්විය. මේ සමඟ තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට සත්කාරකයෝ සමත් වූහ. මේ තරගාවලිය අයිසීසී ලෝක ටෙස්ට් ශූරතාවලියට අයත් වන බැවින් මේ…

ක්‍රීඩා නියෝජ්‍ය ඇමැති අතින් රන් සම්මාන

ශ්‍රී ලංකා ෂෝතෝකාන් කරාතේ දෝ සම්මේලනය සංවිධානය කළ ජාතික කරාතේ ශූරතාවලිය පසුගියදා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවති අතර, ඒ සඳහා උතුර සහ නැඟෙනහිර පළාත් සියල්ලෙන්ම අවුරුදු 6 සිට 21 දක්වා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 1700ක් සහභාගී වූහ. එහි ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වූ…

ලකුණු 133ක විශිෂ්ට ජයකින් ශ්‍රී ලංකාව කලින්ම අවසන් පූර්ව වටයට

ශාරුජන් ශන්මුගනාදන්ගේ ශතකය සහ පන්දු යවන්නන්ගේ දස්කම් හේතුවෙන් අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ඊයේ පැවති තරගයෙන් ඇෆ්ගනිස්තානය පරදවා ලකුණු 133ක දැවැන්ත ජයක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සමත් වූහ. ‘බී’ කාණ්ඩයෙන් තරග වදින ශ්‍රී ලංකාව…

පොදු රාජ්‍ය මණ්ඩලීය කාරාතේ තරගාවලියේදී පදක්කම් 2ක්

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය කාරාතේ තරගාවලිය නියෝජනය කළ අනුරාධපුර ක්‍රීඩිකාවන් දෙදෙනකු රිදී හා ලෝකඩ පදක්කම් දිනා ගැනීමට සමත්ව ඇත. එහිදී තරුෂිකා සේනාරත්න 21න් පහළ කිලෝග්‍රෑම් 50 බර පන්තියෙන් තරග කොට රීදී පදක්කම දිනාගත් අතර, 18න් පහළ කිලෝග්‍රෑම් 59…

ගංවතුර ආපදා සහන කණ්ඩායම් තවමත් දිවා රෑ මෙහෙයුමේ

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ ඇති වී තිබෙන ගංවතුර තත්ත්වය මත පීඩාවට පත් මහජනතාවට සහන සැලසීම සඳහා අනුරාධපුර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක වෙත අනුයුක්ත කෙරුණු ගංවතුර ආපදා සහන කණ්ඩායම් ඊයේ දිනයේදීත් (01) ආපදා සහන මෙහෙයුම් අඛණ්ඩව සිදු කරමින් සිටින…

පාස්කු දා ප්‍රහාරය බලය ගන්න කළ ක්‍රියාවක් බවට ඕනෑතරම් සාක්ෂි තියෙනවා-ප්‍රවීණ මාධ්‍යවේදී පෝද්දල ජයන්ත

පාස්කු දා ත්‍රස්ත ප්‍රහාරය එක්තරා පුද්ගලයකුගේ හෝ එක්තරා පවුල් පාර්ශ්වයකට රාජ්‍ය බලය සාක්ෂාත් කරගැනීමට සිදු කරවූ ක්‍රියාවක් බවට ඕනෑතරම් සාක්ෂි පවතිනවා යැයි ප්‍රවීණ මාධ්‍යවේදී පෝද්දල ජයන්ත මහතා ප්‍රකාශ කරයි. ඒ මහතා මේ බව සඳහන් කළේ සමාජ ක්‍රියාකාරී ශෙහාන් මාලක මහතා…

ආගමික සහජීවනය ගොඩනැඟීමට සාංචි මහා බෝධි මහෝත්සවය විශාල පිටිවහලක්

සාංචි චේතියගිරි විහාරාධිපති, ශ්‍රී ලංකා මහා බෝධි සංගමයේ සභාපති, ජපානයේ ප්‍රධාන සංඝනායක බානගල උපතිස්ස නාහිමි ආගමික සහජීවනය ගොඩනැඟීම සඳහා සාංචි මහා බෝධි මහෝත්සවය විශාල පිටිවහලක් වන බව සාංචි චේතියගිරි විහාරාධිපති, ශ්‍රී ලංකා මහා බෝධි සංගමයේ සභාපති, ජපානයේ ප්‍රධාන සංඝනායක බානගල…