News Editor

News Editor

ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම් දීමක්

ඉරානයේ න්‍යෂ්ටික බලාගාර ආශ්‍රිත ප්‍රදේශවලට එල්ල වූ අමෙරිකානු ප්‍රහාරවලින් පසුව ඊශ්‍රායලයේ උතුරු හා මධ්‍යම නාගරික ප්‍රදේශවලට ඉරාන මිසයිල ප්‍රහාර ගණනාවක් එල්ල වී ඇති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසයි. මැදපෙරදිග ගැටුම් පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ…

අල්ලස් ගත් අම්පාරේ පොලිස් සැරයන්වරුන් දෙදෙනෙක් අත්අඩංගුවට

අල්ලස් ගැනීමේ චෝදනා මත පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ප්‍රවාහනය කිරීමේ ව්‍යාපාර කටයුතු බාධාවකින් තොරව සිදු කිරීමට සහ ව්‍යාපාරය සම්බන්ධයෙන් නීත්‍යානුකූලව කටයුතු නොකර සිටීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් 25,000 ක මුදලක් ලබා…

ඊශ්‍රායලයේ නවතම තත්ත්වය ගැන ශ්‍රී ලංකාතානාපතිවරයාගෙන් පැහැදිලි කිරීමක්

ගතවූ පැය 24 තුළ ඊශ්‍රායලයට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාර වලින් ශ්‍රී ලාංකිකයන්ට හෝ වෙනත් කිසිවෙකුට සිදු වූ තදබල හානි වාර්තා නොවන බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාතිපති නිමල් බණ්ඩාර පවසනවා.  සිය මුහුණු පොතේ සටහනක් තබමින් තානාතිපතිවරයා සදහන් කර ඇත්තේ ඉරාන –…

විදුලි සෝපානයකින් වැටී පුද්ගලයෙකු මරුට

යාපනය පන්නෙයි ප්‍රදේශයේ හෝටලයක විදුලි සෝපානයකින් වැටී පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ. පොලිස් විමර්ශනවලදී හෙළි වී  ඇත්තේ මෙම සේවකයා භාණ්ඩ ප්‍රවාහනය සඳහා සකස් කර ඇති විදුලි සෝපානයේ අනාරක්ෂිතව ගමන් කිරීමේදී මෙම අනතුර සිදුව ඇති බවයි. පොලිස් විමර්ශන තවදුරටත් සිදු කෙරෙමින් පවතී.

ඉරානයේ න්‍යෂ්ටික ඉලක්ක තුනකට අමෙරිකාවෙන් ගුවන් ප්‍රහාර

ඉරාන – ඊශ්‍රායල යුද ගැටුම් මැද ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනකට අමෙරිකානු ප්‍රහාරයක් එල්ල වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇති ආකාරයට ෆෝඩෝ, නටාන්ස් සහ එස්ෆහාන් ඇතුළු ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනකට මෙලෙස ප්‍රහාර එල්ල වී ඇති බවය. රොයිටර් පුවත් සේවයට අනුව…

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල තවදුරටත් ඉහළට

මැද පෙරදිග යුද උණුසුම ඉහළ යාමත් සමග ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල තවදුරටත් ඉහළ යමින් පවතිනවා. ඒ අනුව ඩබ්ලිව් ටී අයි වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන්ව ඇත්තේ ඩොලර් 73.84 ක් ලෙසයි. එමෙන්ම බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 77.01ක්.

කොහුවල නිවසකට වෙඩි තැබීමේ සිද්ධියට තුන්දෙනෙක් අත්අඩංගුවට

පසුගිය 15 වනදා කොහුවල – කළුබෝවිල පන්සල පාරේ පිහිටි නිවසකට නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින්, යතුරු පැදියකින් පැමිණ වෙඩි තැබීමෙන් සිද්ධියට අදාලව ආධාර අනුබල දුන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.  සැකකරුවෙකු හා සැකකාරියන් දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සදහන්…

ගමන් මල්ලේ ජීව උණ්ඩයක් සගවාගෙන පැමිණි ඉන්දීය ජාතිකයෙක් ගුවන්තොටුපලේදී අත්අඩංගුවට

සිය ගමන් මල්ලේ ජීව උණ්ඩයක් සඟවා ගෙන කුවේට්හි සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි සංක්‍රමණික ඉන්දීය ගුවන් මගියෙක් තොටුපොළ පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.  ඔහු කුවේට් රාජ්‍යයේ පිරිසිදු කිරීමේ සේවකයෙකු ලෙස කටයුතු කරන ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙක්. ඊයේ…

එල්ල වෙන චෝදනා වලට මෛත්‍රීගෙන් පිළිතුරු

අනුරාධපුර එප්පාවල විවිධ සේවා සමූපකාර සමිතියේ උප සභාපතිවරයා විසින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට (FCID) කර ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නිවේදනයක් නිකුත් කර ඇත. එම නිවේදනයේ ඔහු සඳහන් කර ඇත්තේ, එම පැමිණිල්ලේ සඳහන් කරුණු අසත්‍ය ඉතාමත්…

නව සූර්ය බලශක්ති පද්ධති සඳහා වන ගාස්තු සංශෝධනය කෙරේ

කැබිනට් මණ්ඩල තීරණයකට අනුව අලුතින් ගිවිසුම්ගත වන සූර්ය බලශක්ති පද්ධති සඳහා වන ගාස්තු සංශෝධනය කර තිබේ. කිලෝවොට් 5 දක්වා ඒකකයක් රුපියල් 20.90ක්, කිලෝවොට් 5 සිට කිලෝවොට් 20 දක්වා ඒකකයක් රුපියල් 19.61ක්, කිලෝවොට් 20 සිට කිලෝවොට් 100 දක්වා ඒකකයක් රුපියල් 17.46…