News Editor

News Editor

විදේශගත අයට උපත්, විවාහ හා මරණ සහතික තානාපති කාර්යාලයෙන්ම

විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ පහසුව සඳහා විදේශ රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල මගින් උප්පැන්න, විවාහ හා මරණ සහතික පිටපත් නිකුත් කිරීමට රජය සැලසුම් කර තිබේ. මෙම වැඩසටහන නියමු ව්‍යාපෘතියක් ලෙස තෝරාගත් විදේශ තානාපති සහ කොන්සල් ජනරාල් කාර්යාල 7ක් හරහා ක්‍රියාත්මක…

දිස්ත්‍රික්ක 12කට ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

අද(13) රාත්‍රී 11.30 දක්වා ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක 12කට ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. ඒ අනුව මෙම කාලය තුළ මධ්‍යම, ඌව, සබරගමුව සහ දකුණු පළාත්වලත් කළුතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ප්‍රබල අකුණු සමඟ ගිගුරුම්…

කොරියාවෙන් ලංකාවට රැකියා අවස්ථා රැසක්

කෘෂිකර්මාන්තය සහ ඒ ආශ්‍රිත රැකියා අවස්ථාවන් සඳහා ශ්‍රී ලංකාවට සහාය ලබා දීමට කොරියානු සුළු පරිමාණ ව්‍යවසායක සංගමය ඉදිරිපත්ව සිටියි. එමෙන්ම ධීවර කර්මාන්තයට අවශ්‍ය තාක්ෂණික සහාය සහ පුහුණුව සඳහා පහසුකම් සැලසීමට දකොරියානු සුළු පරිමාණ ව්‍යවසායක සංගමය එකඟතාව පළ කර තිබේ. කොරියානු…

ප්‍රශ්නගත E8 වීසා රැකියා ගැන මෙන්න විශේෂ දැනුම් දීමක්

ප්‍රශ්නගත දකුණු කොරියානු E8 කාණ්ඩයේ රැකියා සඳහා බඳවාගැනීම් හා පිටත්කිරීමේ ක්‍රමවේදය ඉතාම සූක්ෂමව අධ්‍යනය කරමින්, එය නීත්‍යානූකූල කිරීමේ හැකියාව සොයාබලන බව, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. පසුගිය කාලයේදී ඊට අදාලව අත්සන් කර ඇති…

ICTA අධ්‍යක්ෂ මණ්ඩල පළමු රැස්වීම අද

අභිනවයෙන් පත්වූ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයෙහි (ICTA) අධ්‍යක්ෂ මණ්ඩලයේ පළමු රැස්වීම අද (13) පස්වරුවේ පැවැත්වීමට නියමිතය. ආර්ථික වර්ධනය වේගවත් කිරීම, ජාතික තරගකාරිත්වය සහ සියලු පුරවැසියන්ට සැලකිය යුතු ප්‍රතිලාභ සැලසීම අපේක්ෂා කරමින්, කලාපයේ වඩාත්ම දියුණු රටවල් හා සමගාමීව ශ්‍රී ලංකාවේ…

තමිල්නාඩු මහඇමැති, ඉන්දීය විදේශ ඇමැතිට ලංකාව ගැන කියා ලියුමක් යවයි

තමිල්නාඩුවේ ධීවරයින්ව, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගැනීමේ නවතම සිදුවීම් දෙකක් පිළිබඳව තමිල්නාඩු මහ ඇමති එම්.කේ. ස්ටාලින්, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර්ගේ අවධානය යොමු කර තිබේ. මේ සදහා කඩිනම් රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා…

තානාපති කාර්යාලවල පත්කිරීම් ගැන සෙවීමට කමිටුවක්

විදේශවල පිහිටි මෙරට තානාපති කාර්යාලවලට කම්කරු සුබසාධන නිලධාරීන් පත් කිරීමේදී ඔවුන් තොරාගත් ආකාරය නිවැරදිදැයි පරීක්ෂා කිරීමට කමිටුවක් පත් කර තිබේ. කම්කරු අමාත්‍යාංශය සඳහන් කළේ, පසුගිය කාලයේ සිදු කළ එම පත් කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලැබී ඇති බවය. ඔවුන් ඒ සඳහා…

ලංකාවේ නිල සංචිත ප්‍රමාණය 81% කින් ඉහළට

ෆිච් රේටින්ග්ස් සමාගම ඉදිරිපත් කළ වාර්තාවකට අනුව මෙම වසරේ ඔක්තෝබර් මාසය වනවිට මෙරට නිල සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 6.5ක් ලෙස සටහන්වී තිබේ. එය ගිය වසරේ ඔක්තෝබර් මාසයට සාපේක්ෂව 81%ක වර්ධනයක් ලෙස සටහන් වේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන හරහා ඇතිවූ…

මහ මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීම ගැන නිවේදනයක්

පාර්ලිමේන්තු මහ මැතිවරණයේ පළමු නිල ඡන්ද ප්‍රතිඵලය හෙට (14) මධ්‍යම රාත්‍රියට පෙර නිකුත් කරන බව මැතිවරණ කොමිසමේ සභාපති ආනන්ද රත්නායක මහතා සඳහන් කර තිබෙනවා. ඒ අනුව තැපැල් ඡන්ද ප්‍රතිඵලයක් හෝ ප්‍රධාන ඡන්ද ප්‍රතිඵලයක් එසේ මධ්‍යම රාත්‍රියට පෙර නිකුත් කිරීමට අපේක්ෂිත…

රටපුරා සාමකාමී මැතිවරණ ක්‍රියාවලියක් නිරීක්ෂණය වෙනවා-ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයෝ පවසති

රටපුරා සාමකාමී මැතිවරණ ක්‍රියාවලියක් නිරීක්ෂණය වන බවත් එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුවත් සාමකාමී පශ්චාත් මැතිවරණ සමයක් අපේක්ෂා කරන බවත් මෙරටට පැමිණ සිටින ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයෝ පවසති. රටවල් දහයක් නියෝජනය කරමින් මෙරටට පැමිණ සිටින ජාත්‍යන්තර නිරීක්ෂකයෝ ඊයේ (12)කොළඹදී ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පවත්වමින්…