News Editor

News Editor

අලි මිනිස් ගැටුම පාලනය කිරීම සඳහා ග්‍රාමාරක්ෂක භටයින් බඳවා ගැනීමට පියවර

අලි මිනිස් ගැටුම පාලනය කිරීම සඳහා ග්‍රාමාරක්ෂක භටයින් බඳවා ගැනීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ජනාධිපතිවරයා සමග පැවැති සාකච්ඡාවකදී එම තීරණයට එළඹුණු බවත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙසට ජනාධිපතිවරයා විසින් සිවිල් ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබාදී ඇති බවයි…

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිළ පහළට

ඉරානය සහ ඊශ්‍රායලය අතර සටන් විරාමයකට එකඟ වී ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කිරීමත් සමඟ, ගෝලීය ඉන්ධන මිල ද ගණන් පහත වැටී තිබෙයි. බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඩොලර් 2.69කින් හෙවත් සියයට 3.76කින් ඩොලර් 68.79ක් දක්වා පහතට පැමිණ ඇත. මෙම…

W15 හෝටලයට වෙඩි තැබීමේ කිසිඳු අවශ්‍යතාවක් මට තිබුනේ නෑ – දේශබන්දු

මාතර W15 හෝටලයට වෙඩි තැබීමේ කිසිඳු අවශ්‍යතාවක් තමාට නොතිබූ බව ධුරයේ කටයුතු කිරීම අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකොන් පවසනවා. ඒ අනුව මේ සියලු චෝදනා දේශපාලනික වුවමනා මත එල්ල කර ඇති බව ඔහුගේ ක්‍රියාකලාපය පිළිබඳ විමර්ශනය කෙරෙන පාර්ලිමේන්තු කමිටුව හමුවේ පළමු…

ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම: ඉරානයෙන් ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර

ඉරානයෙන් නව මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කිරීමට සූදානම් වන බැවින් ආරක්ෂිත ස්ථානවලට යොමුවන ලෙස ඊශ්‍රායලය එරට ජනතාවට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. රටේ ප්‍රදේශ කිහිපයක ගුවන් ප්‍රහාරක සයිරන් සක්‍රිය කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා. ඉරානය හා ඊශ්‍රායලය…

ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම: කිසිඳු සටන් විරාමයකට එකඟ වී නැහැ – ඉරාන විදේශ ඇමති

කිසිඳු සටන් විරාමයක් හෝ හමුදා මෙහෙයුම් නැවැත්වීමක් සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණ නොමැති බව ඉරාන විදේශ අමාත්‍යවරයා පවසනවා. කෙසේ නමුත් ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කරන ප්‍රහාර නැවැත්වීමට කටයුතු කරන්නේ නම් තවදුරටත් ප්‍රහාර එල්ල කිරීමට අදහස් නොකරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ. ඉරානය…

අද කාලගුණ නිවේදනය

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති…

ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම : සටන් විරාම ගිවිසුමක් සඳහා එකඟ වූ බව ට්‍රම්ප් නිවේදනය කරයි

ඊශ්‍රායලය සහ ඉරානය අතර සටන් විරාම ගිවිසුමක් ඇති කිරීමට සූදානම් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර තිබෙනවා. ඒ අනුව ඊශ්‍රායලය සහ ඉරානය සම්පූර්ණ සටන් විරාමයක් සඳහා එකඟවනු ඇති බවට තමන් බලාපොරොත්තු වන බවත් ඉදිරි පැය කිහිපය තුළ එය ආරම්භ…

මැදපෙරදිග වෙත පියාසර කළ ගුවන් යානා 5 ක් වෙනත් ගුවන් තොටුපොළ වෙත යොමු කරයි

මැදපෙරදිග වෙත පියාසර කළ ශ්‍රී ලන්කන් ගුවන් ​සමාගමට අයත් යානා 05 ක් වෙනත් ගුවන්තොටුපොළවල් වෙත හරවා යවා ඇති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසනවා. ඒ අනුව මස්කට් ගුවන්තොටුපොළ සහ ඩුබායි ගුවන්තොටුපොළ වෙත ගුවන්යානා දෙක බැගින් හතරක් හරවා යවා ඇති අතර…

ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම : කටාර්වල පිපිරීම්

කටාර් සහ ඉරාකයේ ඇමරිකානු හමුදා කඳවුරු වෙත ඉරානයෙන් ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව කටාර්හි අල්-උදෙයිද් ප්‍රදේශයේ එක්සත් ජනපදය විසින් පවත්වාගෙන යන කඳවුරකට ප්‍රහාර එල්ල කළ බව ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) නිල වශයෙන්…

කඩවත නගරයේ වෙළඳසැලක ගින්නක්

කඩවත නගරයේ වෙළඳසැලක ගින්නක් හටගෙන තිබෙනවා. මේ වනවිට එ​ම ගින්න මැඩ පැවැත්වීම සඳහා කටයුතු කරමින් ඇති බවයි ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව සඳහන් කළේ.