News Editor

News Editor

මිද්දෙණිය, තෝරකොළයාය ද්ව්ත්ව ඝාතනයේ වෙඩික්කරු පැමිණි යතුරුපැදිය සොයාගනී

පසුගිය 24 වැනිදා මිද්දෙණිය, තෝරකොළයාය තේක්ක රක්ෂිතය අසලදී  තරුණයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ වෙඩික්කරුවන් පැමිණි බවට සැක කෙරෙන යතුරුපැදියක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. මිද්දෙණිය, ඕකන්දයාය, පෙරළිදවැව ප්‍රදේශයේ මෙම යතුරුපැදිය දමා ගොස් තිබියදී, ප්‍රදේශවාසියෙකු ලබා දුන් තොරතුරක් මත පොලිසිය…

Najmul Hossain Shanto බංග්ලාදේශ ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකාව සමග පැවති ටෙස්ට් තරගාවලිය 1-0 කින් පරාජය වීමෙන් පසු බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් නායක Najmul Hossain Shanto බංග්ලාදේශ ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ශ්‍රී ලංකාව සමග පැවති දෙවැනි ටෙස්ට් තරගයෙන් පසු පැවති මාධ්‍ය හමුවේදී ඔහු පැවසුවේ, ටෙස්ට් නායකත්වයේ තවදුරටත්…

අද කාලගුණ නිවේදනය

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති…

ඩයිනෝසර විශේෂයක් ගැන නවතම අනාවරණයක්

සුනඛයකුගේ ප්‍රමාණයේ නව ඩයිනෝසෝර විශේෂයක් විද්‍යාඥයන් විසින් සොයාගෙන තිබෙනවා. එම විශේෂය නම්කර ඇත්තේ එනිග්මාකර්සර් ලෙසයි.  මෙම ඩයිනෝසෝර විශේෂය වසර මිලියන 150කට පමණ පෙර ජීවත් වූ බවට සැළකේනවා.  මෙම ඩයිනෝසෝර විශේෂය මුලින් නැනෝසෝරස් ලෙස වර්ගීකරණය කරන ලද නමුත් විද්‍යාඥයන් දැන් එය…

ගණේමුල්ල සංජීව ඝාතනයට 12ක් අත්අඩංගුවට

පාතාල නායක ගණේමුල්ල සංජීවගේ ඝාතනය සම්බන්ධයෙන් දැනට 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.  එම ඝාතන සිද්ධියට සම්බන්ධ වී දැනට අතුරුදන් තත්ත්වයේ සිටින ඉෂාරා සෙව්වන්ති නමැත්තිය රටින් පැන ගොස් නැති බවයි ඔහු පැවසුවේ.  එමෙන්ම සැක…

වසරේ මේ දක්වා සංචාරකයන් 1,146,272ක් දිවයිනට

මෙම මාසයේ මුල් දින 26 තුළදී විදෙස් සංචාරකයින් 116,469 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා.  එහිදී වැඩිම සංචාරකයින් පිරිසක් ඉන්දියාවෙන් පැමිණ ඇති අතර එම සංඛ්‍යාව 32,977 ක්.  ඊට අමතරව එක්සත් රාජධානිය, චීනය හා පාකිස්ථානය ඇතුලු රටවල් 09 කින් අදාළ කාලයේදී වැඩි වශයෙන්…

පවතින ක්‍රමය වෙනුවට රට නව තලයකට ඔසවා තබන බව ජනපති කියයි

පවතින ක්‍රමවේදය තුළම ප්‍රතිසංස්කරණ පමණක් සිදු කරමින් ඉදිරියට යනවා වෙනුවට, රට නව තලයකට ඔසවා තැබීම වත්මන් රජයේ අරමුණ බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.  ‘ඩී්‍රම් ඩිස්ටිනේෂන්’ දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ සමාරම්භක අවස්ථාවට ජනාධිපති කාර්යාලයේදී ඊයේ (27) එක්වෙමිනුයි…

දෙවුන්දරින් මුහුදු ගොස් අතුරුදන් වූ ධීවරයින් තුන්දෙනෙකුගේ මළ සිරුරු සොයා ගැනේ

මාතර දෙවුන්දර ධීවර වරායවලින් මුහුදු ගොස් අතුරුදන්ව සිටි ධීවරයින් 4 දෙනාගෙන්, තිදෙනෙකුගේ සිරුරු සොයාගෙන ඇති බව නාවික හමුදාව ප්‍රකාශ කළා.  සිද්ධියෙන් තවත් අයෙකු අතුරුදන් අතර ඔහු සොයා නාවික හමුදාව සහ ගුවන් හමුදාව මෙහෙයුම් දියත් කර තිබෙනවා.  දෙවුන්දර වරායෙන් ඊයේ ධීවරයින්…

සීගිරියේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට පියවර

සීගිරියේ පිට දිය අගලේ සිට යාර 200 සංවේදී ප්‍රදේශය සහ යාර 400 සීමාවේ ඇති සියලු‍ම අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට කටයුතු කරන බව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි පවසනවා.  සීගිරියේදී ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු…

ලබන 02 වැනිදා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

ලබන 02 වැනිදා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කරයි. ඒ අනුව එහිදී රුපියල් මිලියන 113,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීමට නියමිතය. එහිදී දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 25,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 53,000ක…