News Editor

News Editor

සබරගමුව සරසවියේ සිසුවෙක් සියදිවි නසාගැනිමේ සිදුවීමට අදාල පංච පුද්ගල කමිටු වාර්තාව ලබන සතියේ

සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨ සිසුවෙකු මියයාම පිළිබඳව කරුණු සෙවීමට පත්කළ පංච පුද්ගල කමිටු වාර්තාව ඉදිරි සතියේ භාරදීමට නියමිතව ඇති බව වාර්තා වේ. එම කමිටුව සඳහන් කළේ, පරික්ෂණ අවසන් අදියරේ පවතින බවයි. තවත් සිසුන් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත…

ජනාධිපති අරමුදලෙන් ලක්ෂ 10ක් ගායන ශිල්පී ඉෂාක් බෙග්ට

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා ගායන ශිල්පී ඉෂාක් බෙග් මහතාගේ සුවදුක් විමසීම සඳහා කොලොන්නාවේ පිහිටි ඒ මහතාගේ නිවෙස වෙත අද (29) පස්වරුවේ පැමිණියේය. එහිදී ඉෂාක් බෙග් මහතාගේ ප්‍රතිකාර සඳහා ජනාධිපති අරමුදල මගින් ප්‍රදානය කෙරුණු…

නීති විරෝධීව මෙරටට ගෙන්වූ වාහන දෙකක් බණ්ඩාරගමදී පොලිස් භාරයට

නීති විරෝධීව මෙරට ගෙන්වූ බව කියන රුපියල් කෝටි 3කට අධික වටිනාකමකින් යුත් වාහන දෙකක් බණ්ඩාරගම ප්‍රදේශයේදී පොලිස් භාරයට ගෙන තිබෙනවා. මෙම වාහන දෙක අතරට මොන්ටෙරෝ වර්ගයේ ජීප් රථයක් සහ කැරවන් වර්ගයේ වෑන් රථයක් අයත් බව පොලීසිය සඳහන් කළේ. බස්නාහිර පළාත්…

සර්බියාවේ ජනාධිපතිට එරෙහිව විරෝධතා

සර්බියාවේ ජනාධිපති ඇලෙක්සැන්ඩර් වුසික්ගේ වසර 12ක පාලනය අවසන් කරන ලෙස ඉල්ලා සහ ඉක්මන් මැතිවරණයක් ඉල්ලා රාජ්‍ය විරෝධී විරෝධතාකරුවන් විශාල පිරිසක් එරට බෙල්ග්‍රේඩ් අගනුවර විරෝධතාවල නිරතවනවා. සිසුන් විසින් මෙහෙයවන මෙම විරෝධතාවය මෑත කාලයේ එරට විශාලතම විරෝධතාව වන අතර 140,000 ක පමණ…

ආසන පටි නීතිය කල් දමන්නැයි බස් සංගම් ඉල්ලයි

බස්රථ රියදුරන් සඳහා ආරක්ෂිත ආසන පටි පැළදීම අනිවාර්ය කිරිමේ නීතිය ක්‍රියාත්මක කිරීම කල් දමන්නැයි, ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. එහි සභාපති ගැමුණු විජේරත්න හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ, පැරණි බස් රථවල ආසන පටි නොමැති බැවින් ඒවා සවි…

තවත් ධීවර යාත්‍රා අනතුරකින් 02ක් අතුරුදහන්

තංගල්ල පරවි වැල්ල වරායෙන් මුහුදු ගිය බහුදින ධීවර යාත්‍රාවක් අනතුරකට පත්ව තිබේ. අනතුරට පත්වන අවස්ථාවේදී අදාළ ධීවර යාත්‍රාවේ ධීවරයින් 6ක් දෙනෙක් සිට ඇති අතර ඉන් සිව් දෙනෙකු දිවි බේරාගෙන ඇත. ධීවරයින් දෙදෙනෙකු අතුරුදන්වී ඇති අතර ඔවුන් දෙදෙනා සොයා මෙහෙයුම් ක්‍රියාත්මක…

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ජූලි අගදී

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2024 (2025) විභාග ප්‍රතිඵල ජූලි මස තුන්වැනි සතියේදි පමණ නිකුත් කිරීමට හැකි වනු ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පැවසුවාය. විභාග ප්‍රතිඵල නිකුත් කරන බවට ඉකුත් දිනවල සමාජ මාධ්‍ය ජාල ඔස්සේ…

හෙට සිට ජාතික මදුරු මර්දන සතියක්

නිරිතදිග මෝසම් වර්ෂාවත් සමඟ ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝගයේ ශීඝ්‍ර ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් හෙට (30) සිට ඡූලි 5 දක්වා විශේෂ මදුරු මර්දන සතියක් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.…

හෙට පාර්ලිමේන්තුව විශේෂ දිනයක් ලෙස රැස්වෙයි

විශේෂ පාර්ලි‍මේන්තු රැස්වීම් දිනයක් ලෙස හෙට (30) දිනයේ පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව, පාර්ලිමේන්තුව හෙට පෙරවරු 09.30ට රැස්වීම‍ට නියමිත බවයි සඳහන් වෙන්නේ. 024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ 11 වැනි වගන්තිය ප්‍රකාරව එක් එක් වර්ෂයේ  ජූනි 30…

GMOA සභාපති ලෙස වෛද්‍ය සංජීව යළි පත්වෙයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වාර්ෂික නිලවරණයේදී සභාපති ලෙස වෛද්‍ය සංජීව තෙන්නකෝන් යළි තේරී පත්ව තිබෙනවා. එසේම එම සංගමයේ ලේකම්වරයා ලෙස වෛද්‍ය ප්‍රභාත් සුගතදාස තේරී ඇති බවයි සඳහන් වෙන්නේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වාර්ෂික නිලවරණය ඊයේ (28) පවත්වා තිබුණා.